Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු ඉඩම් නියෝජ්ය අමාත්ය සාලින්ද දිසානායක මහතා ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්කර 76ක ගොඩ මඩ ඉඩමක් සිය බිරිඳ සභාපති ධූරය දරූ හිරියාල ගොවි සමාගමට බදු දීමෙන් පසු අදාල බදු මුදල් නොගෙවා රජයට පාඩු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන සතියේදී පැමිණිලි කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා ලංකාදීපයට පැවසීය. මෙම ඉඩම කෘෂිකර්ම අමාත්යාංශයට 2000 වර්ෂයේදී පවරා ගැනීමෙන් අනතුරුව එම ගොවි සමාගමට බදුදී තිබූ බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය. මෙම ඉඩම සංවර්ධනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය කෝටි පහකට වැඩි මුදලක් වැය කර ඇතත් ඉඩමෙන් සත පහක හෝ බදු මුදලක්…
උඩදුම්බර මීමුරේ හබරකැටිය පටු මාර්ගයදී වෑන් රථ අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත්හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබුවන් අතරින් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් කඩිනමින් තෙල්දෙණිය හෝ මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්රකාශකයෙක් කීය. මෙම අනතුර උඩුදුම්බර පොලිසියේ සිට කිලෝමීටර 25ක ත් එපිටින් ඇති දුෂ්කර පාරකදී සිදුවී ඇතැයි පොලිසිය කියයි. මිය ගිය අය අතර කාන්තාවන් දෙදෙනකු ද වන බවත් ඔවුන් කඩවත සහ මීරිගම ප්රදේශවල පදිංචිකරුවන් බව ද ආරංචි මාර්ග කියයි.
කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර නුගගොඩ නිවසට ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව පානදුර වළාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය කියයි. පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතානගේ මහතාගේ පුතා වන රසික විතාන මතුගම නගරයේදී එම සැක කටයුතු ජීප් රථය සමඟ පානදුර වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරුගෙන් කරන ලද ප්රශ්න කිරීමේදී එය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.
බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැක.
පාසල් පන්ති කාමරයක සිසුන් ප්රමාණය 25ක් – 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්යාපනයක් ලබා දීමට නොහැකි බවද අග්රාමාත්යවරිය කීවාය. නව අධ්යාපන ප්රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව පවසා සිටියාය. නව අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන මෙය විය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතාගේ පුත්රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මතුගම ප්රදේශයේදීය. නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් දුම්රිය ස්ථානයේ විදුලි උත්පාදක යන්ත්රයට ඉන්ධන ලබානොදීම හේතුවෙන් රාත්රී කාලයේ විදුලිය විසන්ධි වෙන අවස්ථාවන්වලදී දුම්රිය ස්ථානය දැඩි අඳුරේ පවතින බව වාර්තා වෙයි. මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල මේ දිනවල අධික සුළං සමග පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ විදුලි බලය වරින්වර විසන්ධි වන බවත් වාර්තා සඳහන් ය. එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්රනාන්දු මහතා පැවසුවේ, දුම්රිය ස්ථානය සතුව විශාල විදුලි උත්පාදක යන්ත්රයක් තිබුණද ඉන්ධන ලබානොදීම හමුවේ හැටන් දුම්රිය ස්ථානය මෙලෙස අදුරේ පවතින බවය. උඩරට දුම්රිය මාර්ගයේ ඉතා කාර්යබහුල සහ මගීන් විශාල පිරිසක් දුම්රියෙන් ගමන්බිමන් යන දුම්රිය ස්ථානයක් ලෙස හැටන් දුම්රිය ස්ථානය හඳුනාගෙන තිබුණත් මේ දිනවල වරින්වර විදුලිය බිඳවැටීමත් සමග මගීන්…
තිරප්පනය ප්රදේශයේදී වෑන් රථයක් අද(19) උදෑසන අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර තිබේ. කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය කරමින් තිබු වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව තිරප්පනය ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි. මෙම අනතුර අද (19) උදෑසන 6.00ට පමණ සිදුව තිබේ. වැන් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනකු ගමන් කර ඇති බව පැවසේ. සිදුව ඇති අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයින් 10 දෙනෙක් පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ප්රදේශවාසීන් හා පොලිසිය එක්ව 1990 ගිලන්රථ සේවාවේ සහය ඇතිව තුවාල…
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් අද (19) අලුයම නැවත පැමිණෙමින් සිටි බහු දිනයාත්රාවක ධීවරයකු මුහුදටට වැටී අතුරුදහන්ව ඇතැයි බේරුවල පොලිසිය කියයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ බේරුවල පැපිලිය ගහ ලන්ද සුනාම නිවාස සංකීර්ණයේ පදිංචිවව සිටි ධීවරයෙකි. “සුබ පැතුම්” නැමැති බහුදිනයාත්රාව අද(19) අලුයම ඈත දියඹේ සිට බේරුවල ධීවර වරාය දක්වා පැමිණීමේදී රාත්රියේ හටගෙන තිබූ දැඩි සුළං හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බවත් යාත්රාව ගොඩට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සෙසු ධීවරයන්ගෙන් ප්රකාශ සටහන් කර විමර්ශන සිදු කරන බව බේරුවල පොලිසියේ වැඩ බලනස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සරච්චන්ද්ර මහතා පැවසීය.
ඇමෙරිකාව “අන්යෝන්ය බදු” ක්රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කරවා ගැනීම සඳහා ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්යාංශය ඊයේ (18) ප්රකාශ කළේය. ඒ යටතේ මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්රධානත්වයන් යුත් නියෝජිත පිරිස, ඇමෙරිකාවේ වෙළෙඳ නියෝජිතයන් සමග මාර්ගගතව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එයට ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාද මාර්ගගතව සම්බන්ධවූ බවත් මුදල් අමාත්යාංශය සඳහන් කළේය. “අන්යෝන්ය බදු” ක්රමය යටතේ පසුගිය අප්රේල් 2 වැනිදා ශ්රී ලංකාවට පැනවීමට යෝජනා කළ සියයට 44 ක් තීරු බද්ද අඩුකර ගැනීම සඳහා ආරම්භ කළ සාකච්ඡාවල දිගුවක් ලෙස ඊයේ (18) පැවැති සාකච්ඡාව මෙන්ම…
