Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රී එකමුතුව තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමසිරි මානගේ මහතා සඳහන් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති බවයි. මෙය අන්ත අසාධාරණ තීරණයක් බව පවසන මානගේ මහතා තමන්ගේ බෙහෙත් ටික ලබා ගැනීමට විශ්රාම වැටුප එනතුරු බලාගෙන සිටින වයෝවෘද්ධ මන්ත්රීවරුන් බොහෝ පිරිසක් මෙම තීරණයෙන් මහත් කරදරයකට වැටෙන බවද සඳහන් කළේය. පවුලක මූලික අවශ්යතා පවා විශ්රාම වැටුපෙන් සපුරා ගත නොහැකි පසුබිමක යටතේ එම වැටුප අහෝසි…
මෙරට ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයත් සමග 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විශේෂඥ වෛද්යවරුන් ඇතුළුව වෛද්යවරුන් 1489 දෙනකු රටහැර ගොස් ඇති බවත් ඉන් රජයට සහ බදු ගෙවන්නන්ට සිදු පාඩුව රුපියල් කෝටි 1250 ක් බවත් නවතම අධ්යනයකින් අනාවරණය වී ඇත. මෙලෙස වෛද්යවරුන් විශාල පිරිසක් රටහැර යාම සෞඛ්ය යටිතල පහසුමක් අඩාල කර ඇති බවත් ඒ හේතුවෙන් විශේෂයෙන් ග්රාමීය හා අඩු පහසුකම් සහිත සේවා ප්රදේශවල විශේෂඥ වෛද්යවරුන්ගේ හිඟයක් නිර්මාණය කර ඇතැයි එම අධ්යනය පිළිබඳ පළවූ ලිපියක සඳහන් වේ. එය වෛද්ය අධ්යාපනයට මෙන්ම සැමට සෞඛ්ය සේවය එක හා සමානව ලබා ගැනීමට තිබෙන අයිතියට බාධා එල්ල වී ඇතැයි එම ලිපියේ දැක්වේ. පශ්චාත්…
මහනුවර පේරාදෙණිය පාරේ රූපලාවන්යාගාරයක් තුළ සිහි විසඥ වී වැටීසිටි තරුණියන් හත් දෙනකු රෝහල් ගත කළ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. එම රූපාලාවන්යාගාරය ඇතුළු අවට ප්රදේශවලට අද පෙරවරුවේ සිට පැය ගණනාවක විදුලි කප්පාදුවක් සිදුව තිබූ බැවින් එම රූපලාවණ්යාගාරය තුළ තිබූ කිලෝ වොට් 15ක විදුලි උත්පාදක යන්ත්රයක් භාවිත කරමින් වායු සමීකරණ යන්ත්ර ද ක්රියාත්මක වෙමින් තිබියදී එම වායු සමීකරණ යන්ත්ර තුළින් විෂ වායුවක් ඇතුළු වී එම තරුණියන් සිහි විසඥ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. ගොඩනැගිල්ලක පහත මාලයේ නිසි පරිදි වායු සංසරණයක් සිදු නොවන ස්ථානයක තරුණියන්ගේ සම සුදු කිරීමේ රූපලාවන්යාගාරයක් තුළ මෙම අනතුර සිදුව තිබේ. රූපලාවන්යාගාරය පිටත තරුණියක වැටී සිටින අහම්බෙන්…
නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි ඉඟුරු කිලෝ ග්රෑම් දෙදහස් අටසිය විසි අටක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සහ පොලීසිය එක්ව නොරොච්චෝලේ සංජීතවත්ත ප්රදේශයේදී ඊයේ (19) සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන නොරොච්චෝල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි. එම සැකකරු සහ වියළි ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දෙරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද (20) අලුයම සිට මෙම වාන් දොරටුව විවෘත කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසීය. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දෙරටු ස්වංක්රීයවම විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් විමසිලිමත් බවින් සිටින ලෙසද එම ඒකකය ඉල්ලා සිටියි. එමෙන්ම ප්රදේශවලට ඇද හැලෙස අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් තිබේ.
නිකවැරටිය ප්රදේශයේ මාගල්ල වැවේ ඔරුවක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකු වැවට වැටී අතුරුදන්ව තිබේ. අදාල පුද්ගලයා දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව නිකවැරටිය පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත. මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 48ක් වන නිකවැරටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදහන් වූ පුද්ගලයා සොයා නිකවැරටිය පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත්කර තිබේ.
අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්රමාණයක් මේ වනවිට ලැබී ඇති බව සඳහන්. අදාළ අභියාචනා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකියි. අනතුරුව එම අභියාචනා සුබසාධක ප්රතිලාභ මණ්ඩලයට යොමු කරනු ඇති. මේ අනූව හෙටින් පසුව, එම අභයාචනා සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා.
මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්රදේශවලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගෙන ඇත. මෙරටට රැගෙන ඒම තහනම් එන්ජීන් ධාරීතාවය 800 හා 400 යුත් යතුරු පැදි හතරක් හා කිසිදු නිත්යානුකුල ලියවිලි නොමැතිව සඟවා තිබු 250 ධාරිතාවයකින් යුතු යතුරුයක් බව පෙලිසිය කියයි. අදාල යතුරු පැදි සමග අවුරුදු 50,45, හා 20 සිමා වල සැකකරුවන් සිව් දෙනකු මෙලෙස අත් අඩංගුවට ගත් බව වැටලිම් සදහා එක්වු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර නිළධාරීහු හා කල්පිටිය පොලිසිය කියති.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මැතිසභා කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයාට භාර දීමට නියමිතව ඇතැයි වාර්තාවේ. එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේ දිනවල සකස් කෙරෙමින් පවතින බවද දැනගන්නට ඇත. දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කෙරුණු පරීක්ෂණ කමිටුව සාක්ෂි වීමසීම පසුගියදා අවසන් කළේය. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති. කමිටුව…
පොළොන්නරුව ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ ඉදිකිරීමට යෝජිත හදිසි ප්රතිකාර ඒකකය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සහ ස්ථානගත පරීක්ෂාවක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. පළමුව සෝමාවතිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත් අමාත්යවරයා යෝජිත හදිසි ප්රතිකාර ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීම අරමුණු කර ගත් විශේෂ සාකච්ඡාවක් පැවැත් වු අතර, 2025 වසර තුළ මෙම ව්යාපෘතියේ නිර්මාණ සැලසුම් සම්පූර්ණ කොට, ව්යාපෘතිය සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතීන් ලබා ගැනීම, ව්යාපෘති සැලසුම්කරණය සම්පූර්ණ කර, ව්යාපෘතිය සඳහා අවශ්ය මූල්ය ප්රතිපාදන සෞඛ්ය අමාත්යාංශයේ වැය ශීර්ෂය යටතේ වෙන්කරවා ගනිමින් 2026 වසරේ මෙම ප්රතිකාර මධ්යස්ථානය ස්ථාපිත කිරීම, ප්රතිකාර සේවාවන් පොළොන්නරුව ශික්ෂණ රෝහල හා ඒකාබද්ධව සිදු…
