Author: LANKA24X7

සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කර තිබේ. නුදුරු අනාගතයේ දී එලොන් මස්ක් හමුවීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය. 10 වන ලෝක ජල සමුළුවට සමගාමීව ඉන්දුනීසියාවේ බාලි හිදී මස්ක් මහතා සමඟ පැවති හමුවකින් පසු 2024 දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය,මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

Read More

ශ්ලං‍රීකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත. සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත. මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක…

Read More

පදියතලාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් සර්වජන බලය සභික චතුන් ඉරංගිකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට සර්වජන බලය පියවර ගෙන තිබේ. සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අපක්ෂපාතී විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු මෙලෙස පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවා ඇති බවය.

Read More

රේගු නිෂ්කාශනයේදී වරදක් සිදුව ඇති බව බහාලුම් තුන් සිය නවයක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කමිටුව පෙන්වා දී ඇතැයි වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය. විපක්ෂයේ පිරිසක් ඔවුන්ගේ පරණ පව් වසා ගැනීමට මෙම සිද්ධිය ජරා විදියට දේශපාලනයට යොදා ගැනීමට ගොස් පච වුණු බව පැවසූ අමාත්‍යවරයා සිද්ධියේ සියලු සුලමුල ඉදිරියේදී හෙළිවනු ඇතැයිද සඳහන් කළේය.

Read More

කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව හෙළි කළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය රටම බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඒකත් අනුරාධපුර සිද්ධිය මෙන් නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගනීවිදැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය. කමිටු වාර්තාව අනුව ආණ්ඩුවට කිසිසේත්ම ඇස් වසාගෙන සිටිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස මුළු රටම බල කරන බවද කියා සිටියේය.

Read More

විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන ඊයේ (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4,965 ක්ද මදුරු කීටයන් සහිත පරිශ්‍ර 657 ක් හඳුනා ගත් බවද අමාත්‍යාංශය කියයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජුනි මස 30 දින සිට ජුලි 5 දක්වා ප්‍රකාශයට පත්කර ඇති විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන ඊයේ (1) දිනට අදාළ වාර්තාවේ අදාල කරුණු සඳහන් වේ. අදාල වාර්තාව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය විසින් නිකුත්…

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන මැතිසභා කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශවයේ සාක්ෂි මෙහෙයවීම ඊයේ (1) අවසන් විය. දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 8 වැනිදා ප.ව. 3.30ට පෙර කමිටුව ඉදිරිපත් කරන ලෙස කමිටුව නිර්දේශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතු පරීක්ෂණ කමිටුව පසුගිය (30) රැස් වූ අතර පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන්ද සාක්ෂි ගැනීම සිදු විය.

Read More

බස් ගාස්තු මෙම මස 4 වැනිදා සිට සියයට 0.55 කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ඊයේ (1) පස්වරුවේ පැවසීය. සමස්ත ගාස්තුව අඩු වුවද අවම බස් ගාස්තුව සංශෝධනයක් නොවන අතර එය තව දුරටත් රුපියල් 27 ක පවතින බව ද එම කොමිෂම කීය. මෙම වසරේ (2025) වාර්ෂික බස් ගාස්තු සංශෝධනයෙන් බස් ගාස්තුව සියයට 2.5කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැළපීමෙන් පසුව නව බස් ගාස්තු සංශෝධනය සියයට 0.55කින් අඩු කිරීමක් බවට පත්වූ බවත් එම නිලධාරියා සඳහන් කළේය. මෙම මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ…

Read More

මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා දෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක් රෝහලේ නොමැතිකම හේතුවෙන් එම ඖෂධ පිටත ඖෂධ අලවිසල්වලින් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට සිදුව ඇතැයි රෝගීහු පවසති. මේ අතර ඇතැම් ඖෂධ පිටත ඔසුසල්වල ද නොමැති බව රෝගීහු කියති. පිළිකා රෝගීන්ට ශරීරයේ සුදු රුධිරාණු නැවත නිෂ්පාදනයවීම සදහා නයිට්‍රජන් එන්නත පිටත ඖෂධ වෙළෙදසල්වලින් ලබාගැනීමට රුපියල් 16,000 ක් පමණ මුදලක් වැය වන නමුත් එන්නත පිටතින් මිලදී ගැනීමටවත් නොමැති නිසා එම රෝගීහු අන්ත අසරණ වී සිටිති. මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අවධානය කඩිනමින් යොමු කර ඖෂධ නොමැතිව අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් අතර පොර බදමින් සිටින තමන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි…

Read More