Author: LANKA24X7

සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, වීසා කල් ඉකුත් වූ පසුත්, නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ . ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් තමන් සතු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු , මේ බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කර තිබුණි . මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් සියලුම දෙනා වයස අවුරුදු 22 ත් 36 ත් අතර පසුවන්නන් වූහ . ඔවුන්…

Read More

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දැනුම් දුන්නේය. පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ජයනි වල්ගම්පාය මහත්මිය මේ බව දැනුම් දුන් අතර කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම අගෝස්තු 29 වැනිදා කැඳවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සියදිවි නසාගත් සිසුවාගේ මව්පියන් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් යළි නොතීසි නිකුත් කළේය. පෙත්සම…

Read More

දේශපාලනඥයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදි කර ඇති බවට හඳුනාගෙන ඇතැයි වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. එම වැව් 22 රක්ෂිත මායිමි කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මිනුම් කටයුතු දෙපාර්තමේන්තුව එක්ව තීරණයක් ගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්විම පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය. අනුරාධපුර නුවර වැව වටා සිටින නිත්‍යානුකූල සහ අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර විධිමත් වාර්තාවක් සැකසිය යුතුයි. එම ඉඩම්වල රක්ෂිත ප්‍රදේශ මිනුම් කටයුතු කළ යුතුයි. නුවර වැව මැනුම් කටයුතුවලදී මෙවර සිදු කරනු ලබන්නේ මායිම් ගල්…

Read More

පාසල් සිසුවියක රවටා ගෙන රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසිය කියයි. මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව එම තරුණයා එම පාසල් සිසුවියට (15) දින නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බව ලිදුල පොලිසිය කියයි. පාසල් සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගත වී ඇති බවත්, තමා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ලිදුල පොලිසියේ වැඩ…

Read More

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ වයඹ පළාත්වලත් වැසි වාර කීපයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැදි පළාත්ව විටින් විට තද සුළං ඇති විය හැකියි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනළගම ජනපදයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. අද අලුයම 4:30ට අධික වර්ෂොවත් සමග පස් කන්ද කඩා වැටුණු බවත්, පස් කන්ද කඩා වැටීමෙන් නිවසේ බිත්ති පුපුරා ගොස් නිවසේ විසිත්ත කාමරයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් නිවෙස් හිමියා කියා සිටියේය. පස් කන්ද කඩා වැටීමෙන් හානි වූ නිවසේ පදිංචිකරුවන් ෙ ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙසට හැටන් දික්ඔය නගර සභාව මගින් උපදෙස් ලබා දී ඇත. හැටන් සමනළගම ජනපදය නායයෑමේ අවධානම් ප්‍රදේශයක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය…

Read More

පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි සැකකරුවෙකු ලිදුල පොලිසිය මගින් ඊයේ (17) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිසුවිය ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ පදිංචි තලවකැලේ ප්‍රදේශයේ දමිළ පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබන (15) හැවිරිදි සිසුවියක්. මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව එම තරුණයා එම පාසල් සිසුවියට පසුගිය 15 වැනිදා නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බවයි ලිදුල පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණවලදී අනාවරණය…

Read More

හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතාට පූර්ව ඇපයක් නියම කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය අද පස්වරු 2.00 ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය.‍ෙකිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් අල්ලස් කොම්ෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියෝගය පසුවට කල් තැබීය. ඉල්ලා සිටින ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරුට වරෙන්තු නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම මෙහිදී ඉල්ලා සිටියේය.

Read More

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනකු සහ දරුවන් හත් දෙනෙකු වෙනුවෙන්ද කාලයක සිට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325 දෙනකු හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනා හා හිටපු මන්ත්‍රීවරුන්ගේ දරුවන් හත් දෙනා වෙනුවෙන් පසුගිය වසරේදී පමණක් කෝටි 36 කට ආසන්න මුදලක් වැය කර තිබෙන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශ වාර්තාවල සඳහන්වේ. මේ අනුව හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් පසුගිය 2018 වර්ෂයේ සිට පසුගිය වර්ෂය දක්වා රුපියල් කෝටි 218ක් පමණ වැය කර ඇත. 2018 වර්ෂයේදී කෝටි 21 කට වැඩි මුදලක්ද 2019 දී කෝටි 28කට වැඩි මුදලක් ද 2020 දී කෝටි 35කට වැඩි මුදලක්ද 2021 වර්ෂයේදී කෝටි…

Read More

අන්දරවැව ප්‍රදේශයේ නිවසකදි විදුලි සැර වැදිමෙන් 35 හැවිරිදි විවාහක කාන්තාවක් මියගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ නොච්චියාගම,අන්දරවැව යන ලිපිනයේ පදිංචි ධර්මසේන මුදියන්සේලාගේ චන්දි ප්‍රියදර්ශනි(35)නැමති විවාහක කාන්තාවකි. මියගිය කාන්තාව සිය නිවස ආසන්නයේ පිහිටි කකුල් කුඩුවේ දොරටුව වසා දැමිමට ගිය අවස්ථාවේදි කුකුල් කුඩුවට විදුලිය ලබාගැනිම සදහා ඇද තිබු විදුලි වයරයේ ගැටි විදුලි සැර වැදිමේ හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා ඊයේ(16) නොච්චියාගම රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More