Author: LANKA24X7

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිනී සිල්වා යන මහත්වරුන් කොළඹදී ඊයේ (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ උත්සව අවස්ථාවටද ඔවුන් දෙදෙනා එක්ව සිටියහ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුද වූ අතර ගාමිණී සිල්වා මහතා කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු…

Read More

ආදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට වස මිශ්‍ර පානයක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සහ තවත් සැකකරුවෙක් එළෙස අත්අඩංගුවට ගත් බවය. පසුගිය 07 වනදා පොලීසිය තුළ රඳවා සිටි සැකකරුවන් බැලීමට පිටතින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වස මිශ්‍ර කිරි පානයක් ලබාදී තිබුණි. ඊයේ (15) දහවල් කාලයේදී වත්තල සහ කොටහේන ප්‍රදේශවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ සැකකරුවන් 25 සහ 32 යන වයස්වල පසුවන්නන් බවය.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය. “අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ. “

Read More

ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට කපන ලද කිතුල් ගසක් වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ. හඟුරන්කෙත කැටිල්ලවල ප්‍රදේශයේදී ඊයේ (15) සවස් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර බරපතළ තුවාල ලද එම පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 53 හැවිරිදි ඉස්කෝලවත්ත ඇකිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ එම මරණය සම්බන්ධයෙන් ගස කපන ලද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

Read More

අලි බැලිල්ල සහ බලි බැලිල්ල එපා නොවන බව අපේ පැරැන්නන් ගේ කියමනක් පවතී. දිගාමඩුල්ල යනු ස්වභාව ධර්මයාගේ පහස ලැබිය හැකි දිස්ත්‍රික්කයකි. බැලු බැලු අත ඇත්තේ දිගාමඩුල්ලේ සුන්දර භාවයයි. එක පැත්තකින් ඓතිහාසික දිඝවාපි රජමහා විහාරය, ලාහුගල මගුල් මහා විහාරය, පොතුවිල් මුහුදු මහා විහාරය , බුද්ධංගල ආරණ්‍ය සේනානසනය , පියංගල ආරණ්‍ය සේනාසනය , රජගල පුදබිම ඇතුලු විහාරස්ථාන සිය ගනනක් ඇති දිස්ත්‍රික්කයකි. ගල්ඔය ජාතික වන උද්‍යානය ,අම්පාර අභය භුමිය, කුමන ජාතික වනඋද්‍යානය,ලාහුගල ජාතික වනඋද්‍යානය,මාදුරුඔය .ජාතික වන උද්‍යානය, නිසා වන සතුන් දිගාමඩුල්ලේදි බහුලව දැකිය හැකිය. වන අලියා , දිවියා,වලි කුකුලා,වලහා ,මුවන්, ගෝනුන්,විශේෂිත කුරුලු වර්ග ද දිගාමඩුල්ල පිංබිමේදි දැක ගැනිමට හැකිය. වැවිවල පීනන අලි ද…

Read More

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ කර ඇති බවත් වෝහාරික විගණනයකින් හෙළි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ (15) පැවසීය. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. ආයතනය කළ වෝහාරික විගණනයේ මූලික කරුණුවලින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ඒ මහතා කීය. බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව එම දෙපාර්තමේන්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට…

Read More

මහජන උපයෝගිතා කොමිසම 2002 අංක 35 දරණ පනතින් ස්ථාපිත කළේ මහජනතාවට සේවය කිරීමට මිස වෙනත් ආයතන වෙනුවෙන් පෙනී සිටීමට නොවන බවත් මහජන උපයෝගිතා කොමිසම සමස්තයක් වශයෙන්ම ජනතාව වෙනුවෙන්ම පිහිටුවූ ආයතනයක් බවත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඊයේ (15) පැවසීය. විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ඊයේ (15) පැවැත්වූ මහජන අදහස් විමසීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසීය. එම කොමිසම පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලය දුන් වැරදි පුරෝකථන සහ වැරදි දත්ත මත පදනම්ව කටයුතු කළ බව කී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇත්ත වශයෙන්ම මහජන උපයෝගිතා කොමිස විදුලිබල මණ්ඩලය දෙන ඕනෑම දෙයකට සීල් එක…

Read More

ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්,ඉතුරුම් පාස් පොත් හා බැංකු ලේඛන ඇතුළු රජයේ ඕනෑම ලේඛනයක් මුද්‍රණය කර ලබාදීමේ හොර කච්ඡේරියක් කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගියේ යයි කියන ග්‍රැපික් ඩිසයිනර් හා ඔහුගේ ගෝලයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (15)නියෝග කළේය. සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ව්‍යාජව මුද්‍රණය කරන ලද ජාතික හැඳුනුම්පත් 20ක්, රියදුරු බලපත් 36,ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම් කාඩ් රාශියක් හා කූට ලෙස සැකසූ රජයේ ලිපි ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කඩවත පදිංචි රොෂාන් ඩයස් සහ ඔහුගේ ගෝලයා වන ඉන්දික…

Read More

ජනතාවට නොමිලේ එල්.ඊ.ඩී (LED) විදුලි බල්බ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේ ලබා දුනහොත් මාස දෙකකදී ඒ සඳහා වැය වූ මුදල රජයට උපයාගත හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය කෙරුණේ එම රැස්වීමේදීය. නව නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීහු කමිටුව හමුවේ පෙන්වා දුන්හ. මෙම කාරක සභාවට…

Read More

වතුකරයේ ජනතාව කුඩා තේවතු හිමියන් ලෙස බලමුලු ගැන්වුවහොත් අස්වැසුම, සමෘද්ධිය වැනි සහන දීමනා අවශ්‍ය නොවන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාව හැමදාම කම්කරුවන් බවට පත් නොකර වගා නොකළ රජයේ මුඩු ඉඩම් ඒ ඒ ප්‍රදේශවලට අනුකූලව කුඩා තේවතු බවට පත් කර අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කුඩා තේවතු හිමියා බවට පත් කරන සංකල්පය මහ පොලොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 97 වැනි අදියර යටතේ කළුතර බුලත්සිංහල මහගම ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

Read More