Author: LANKA24X7

උළුක්කුලම, පාවක්කුලම ප්‍රදේශයේ දී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (21) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 67 ක් වූ පුදුකුඩුමනේ, සුඩුවේන්ද්‍රපිලව් ප්‍රදේශයේ පදිංචිකාරියකි. මරණකාරිය ගවයන් රැගෙන යමින් සිටියදී ඇළක සිටියදී එලෙස කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. උළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශනය කරනු ලබයි.

Read More

ප්‍රදේශ කිහිපයක ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව කටයුතු කරන බහුදින යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බටහිර, මධ්‍යම, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ක්ෂණිකව පැ.කි.මී 55-60 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවය. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි දක්වා තිබේ. තවද ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ක්ෂණිකව පැ.කි.මී (55-60) දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශවල විටින් විට…

Read More

කිරිඳිවැල, වල්ගම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (21) සවස් කාලයේ එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි. එලෙස මියගොස් ඇත්තේ, තිඹිරිගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි. එම ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් බදු පදනම මත ලබා ගත් ඉඩමේ සිටි මුරකරු විසින් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සැකපළ කරයි. සැකකරු ඝාතනය සිදුකර මරණකරුගේ යතුරු පැදිය ද රැගෙන පළා ගොස් ඇත. ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (21) එම අනතුරු සිදුව තිබුණේ මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදුව යන පොලිස් වසම්වලදීය පෑලියගොඩ – පුත්තලම මාර්ගයේ මාරවිල නගරයේදී කොළඹ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු මාරවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, දිවුල්වැව, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර කොළඹ – වැල්ලවාය මාර්ගයේ වලවල ප්‍රදේශයේදී ටිපර් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී සිදුවූ රිය අනතුරකින්…

Read More

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍රම්ප් සරාගීව සිපගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වේ. මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූපය ගත් දිනයක් සටහන් නොවන අතර බේස් බෝල් ක්‍රීඩා තරඟයක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්ව සරාගීව සිපගන්නා අයුරු එහි දැක්වේ. මෙම ඡායාරූපයට ප්‍රශංසා මෙන්ම විවේචනද මිශ්‍රව ලැබී ඇති අතර “මේ තමයි අපේ ජනාධිපති” යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ණනා කරද්දී “ඇයට හුස්ම ගැනීමට වත් ඉඩක් දී නැහැ” යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් සිප ගැනීම විවේචනයට ලක් කර…

Read More

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉන් ඇතැම් ආයතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇතැයි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය

Read More

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ පසුගිය (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. එම සහල් මෙට්‍රික්ටොන් 67000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.

Read More

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දෙරට අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය තහවුරු කර ගැනීම එම සංචාරයේ අරමුණ බව ජනපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේදී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.

Read More

දඹුල්ල වෑවලවැව අලකොලවැව ප්‍රදේශයේ අක්කර තිහක පොල් වත්තකට වන අලි රංචුවක් කඩා වැදී පල දරන පොල් ගස් සියයකට අධික ප්‍රමාණයක් පෙරලා බිම දමා විනාශ කොට ඇතැයි ගොවීහු පවසති. වසර දහයකට පමණ වයස ඇති ඉතා සරු පලදාවක් ඇති මෙම පොල් වගාවට වසර කිහිපයකම සිට වරින් වර වන අලින් රංචුපිටින් කඩා වැදී පොල් ගස් විනාශ කිරීම සිදුවන බවත් මේ වනවිට පොල් ගස් හයසියයකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වන අලින්ගේ විසින් විනාශ කර දමා තිබෙන බව ගොවීහු පෙන්වා දෙති. රටේ පොල් පලදාවට මෙතරම් හානියක් සිදු කළ ද තවමත් කිසිදු විසඳුමක් ලැබී නැති බව ඔවුහු පෙන්වා දෙති.

Read More

කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයකි. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද සඳහන්. තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද සඳහන්.

Read More