Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම විදේශ සංචාරක රැසකට හිතුමතේ…
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන විට දැවැන්ත බල “පොරයක්” නිර්මාණය වී තිබේ. ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර 48ක් ලබා ගත්තේය. දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ඡන්ද 58375ක් ලබා ගනිමින් සියයට 26.34ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් සභික ධුර 29ක් ලබා ගත්තේය. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම…
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි ඇති වේ. උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇතිවේ.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි. වෙසක් නැරඹීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් යටිහලගල අතුරු මාර්ගයක් ඔස්සේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී හෙළකට පෙරළීමෙන් ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි. එම අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 30 දෙනකු සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ 29 දෙනකු රෝහල් ගත කොට ඇතිඅතර මහනුවර ජාතික රෝහලට තුවාලකරුවන් 19 දෙනකුද පෙරාදෙණිය ශික්ෂණ රෝහලට තුවාලකරුවන් 06 දෙනකුද කටුගස්තොට රෝහලට තුවාලකරුවන් 03 දෙනකුද තිත්තපජ්ජල රෝහලට එක් තුවාල කරුවෙකුද ඇතුළත් කොට ඇති බව…
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. මියගිය තරුණිය ඇතුළු පවුලේ සිව් දෙනකු එම නිවසේ මාස අටක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත් ඉන් තිදෙනකු ඊයේ (12) රාත්‍රී වෙසක් බැලීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේදී මෙලෙස නිවස ගිනි ගෙන ඇති අතර එහි නිදා සිටි තරුණිය ගින්නට හසු වී මෙලෙස මියගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදම්මණී ටුරංජා නමැති විසි හැවිරිදි තරුණියකි
කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබයි. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය. මේ අතර තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (11) ගම්පොළ රෝහල වෙත පැමිණියාය. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනයවී ප්‍රපාතයකට පෙරළුණේ පුද්ගලයින් 22දෙදෙනෙකුට දිවි අහිමි කරමිනි. අනතුරෙන් තුවාල ලැබූවන් අවට රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සියලුදෙනා ප්‍රතිකාර ලබා…
අදට (12) යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේය. ඒ අනුව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. එම පිරිස අතර කාන්තා රැඳවියන් 04 දෙනෙකු හා පිරිමි රැදවියන් 384 දෙනෙකු සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා සදහන් කළේය. නියමයන් සහ කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. මේ අතර වෙසක් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත…
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත. මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220කි.එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය වේ. මේ දක්වා මහලේකම්වරියට සීමාවකින් තොරව ඉන්ධන සැපයීම කෙරිණ. මෙයට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද මාසයකට ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර ඇත. සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ දැක්වේ. පසුගිය 7 දාතමින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව එම…
වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ මහනගර සභාව ආශ්‍රිතව බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. දන්සැල් ලබාදීමේ දී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස ද උපුල් රෝහණ මහතා දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා පැවසීය. කොළඹ මහ නගර සභාව ඇතුළු ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින ආයතනවල බලය ඉදිරියේදී පිහිටුවන බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්ක කාර්යාලය යක්කල නගරයේ විවෘත කිරීමෙ උත්සවයේදීය. මෙම උත්සවය ඊයේ පෙරවරුවේ පැවැත්විණ.
