Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත . පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය වරයාට අයත් බව කියන නිවසේ තිබී ව්දෙස් රටක සන්නද්ධ හමුදාවක භාවිතා කර ඇති බවට සැකකරන හමුදා ජීප් රථයකට සමාන ජිප් රථයක් පළමුව පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී අණාවරණය වූ තොරතුරු මත තවත් සුඛෝපභෝගි ජීප් රථ දෙකක් රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී භාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අත්අඩංගුවට ගෙන ඇති ජීප් රථ නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කර රාජ්‍ය ආයතන වලින් ගර්භිත…
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ඉන්දියානු සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු මෙම සිද්ධියට අදාළව එම මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයිද වාර්තාවේ. සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…
මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රැඳවියෙක් මරණයට පත්ව තවත් රැඳවියන් නවයක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාතර මහ රෝහලේ ප්‍රකාශයෙක් පැ වසීය. අදාල රැඳවියා රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිටි බව කී රෝහල් ප්‍රකාශකයා නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් අතරින් කීපදෙනකුගේ තත්වය බරපතල බව ද සඳහන් කළේය. පිරිමි රැඳවියෙක් මරණයට පත්ව ඇති බව කී රෝහල් ප්‍රකාශකයා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනා ද පිරිමි රැඳවියන් බව ද සඳහන් කළේය. මාතර බන්ධනාගාරයේ වාට්වුවක් පිහිටි ගොඩනැගිල්ලකට ඊයේ (01) රාත්‍රී 10.00 ට පමණ විශාල ගසක් කඩාවැටී ඇති බවත් එහිදී තුවාල ලැබූ පුද්ගලයන් දහයකට ආසන්න පිරිසක් රෝහල්ගත කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර…
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම පනත් කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය 2023 වසරේ කැඳවුණු නාම යෝජනාවලංගුකර නැවත කැඳවීම සඳහා මෙම සංශෝධන මගින් ප්‍රතිපාදන සැලසේ. නවක ඡන්දදායකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමේ ප්‍රධාන අරමුණ ඇතිව මෙම සංශෝධන කර ඇත. පක්ෂ නායකයන්ගේ එකඟතාව මත මෙම සංශෝධන ගැනීමට කැබිනට් මණ්ඩලයේ පසුගියදා තීරණය කළේය.
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබේ. ඇඹිලිපිටිය, උඩගම ප්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වූ ගල්බොරැල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. වැටලීම සිදුකළ ස්ථානයේ තිබී රන් ආලේපිත බුදු පිළිම 02ක්, කළු පැහැති ගල් මංජුසාවක්, නිල් පැහැති මැණික් බවට සැකකරන ගල් 03ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මවක් විසින් කුඩා දැරියක් ඝාතනය කර ඇය ද සියදිවි නසාගැනීමේ පුවතක් තලාව පොලිස් වසමේ බිදුන්කඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ සැකකාර මව විසින් තම කුඩා දැරියට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කර ඇයද සිරුරට පෙට්‍රල් දමාගෙන ගිනි තබා ගෙන සිය දිවි නසා ගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන මව සහ අවුරුදු 02යි මාස 09ක් වූ දැරියකි. අදාළ සිද්ධිය සමබන්ධයෙන් ඊයේ (31) තලාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. මරණකාරිය බිදුන්කඩ ප්‍රදේශයේ කාන්තා සමිතියක භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කර ඇති බවත්, එහිදී ඇති වූ මුදල් ගැටලුවක් මත සිත් තැවුලෙන් දැරිය ඝාතනය කර ඇය ද සියදිවි නසාගෙන ඇති…
මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත්කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තනූජා ලක්මාලි මහත්මියයි. නිලුපුලී ලංකාපුර මහත්මිය කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර අැත මොරටුව දිසා විනිසුරු ලෙස කටයුතු කළ චතුරිකා ද සිල්වා මහත්මිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ලෙස ස්ථාන මාරු කර ඇති බව අධිකරණ සේවා කොමිසම සඳහන් කළේය
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ දෙසැම්බර් මසයේ සියයට 1.7 ක අවධමනයක් ද, ඊට පෙර මස එනම් නොවැම්බර් මස සියයට 2.1 ක අවධමනයක් ද, ප්‍රදර්ශනය කළ බව මහ බැංකුව සඳහන් කරයි. ආහාර නොවන කාණ්ඩයේ අවධමනය දෙසැම්බර් මාසයේ සියයට 3.0 ක් බවට පත්වෙමින් සුළු පහළ යෑමක් ඇති බවත් නොවැම්බර් මස එම කාණ්ඩයේ අවධමනය සියයට 3.3 ක්ව පැවැති බව මහ බැංකුව සඳහන් කරයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක් බවට පත්ව සුළු ඉහළ යෑමක් පෙන්වන බව කියන ශ්‍රී…
රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය. ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය. අපේ රාජ්‍යයේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන වැඩ කරනවා.දුප්පත් බවින් අප රටේ පුරවැසියන් මුදා ගැනීම මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යන ක්‍රමයක් අප ගොඩ නගනවා.ලබන අයවැය දුප්පත් කම තුරන් කරන වැඩසටහනක් මෙහෙයවන ආරම්භයක් බව කිව යුතුයි. දෙවනුව අප මේ රටේ ඩිජිටල්කරණයට ලක් කරනවා.පුරවැසියා සහ රාජ්‍ය අතර බැඳීම එයින් ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පමණක් නොවේ.ගරා වැටුණු සමාජ දේහය මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. අපේ පිහිටීම ඉතා…