Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ ඊයේ (30) වැඩතහනම් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්රබල අපරාධකරුවෙක්අද මෙලෙස පලාගොස් තිබුණිග රත්නපුර අංගම්මන ප්රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් පලාගිය සැකකරුට එරෙහිව තිබු බවද පොලිසිය පැවසුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්නපුර මුලස්ථාන පොලීසියේ රාත්රී කාර්යභාර නිලධාරීවරයාට සහ උප සේවක නිලධාරියාට සැකකරු බාරදී තිබුණ බවද පොලිසිය පැවසුවේය.
කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ දූවේමෝදර පදිංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි. මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි. මේ වැඩි තැබීම අද(31)අලුයම පහත් පහයි කාලත් අතර සිදුවන්නට ඇතැයි පොලීසිය කියයි. මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ ප්රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවද පොලීසිය කියයි.
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කියයි. දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක
තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්ෂණ යොජනා ක්රමයක් කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වාදී තිබේ. මෙම රක්ෂණ යෝජනා ක්රමය මඟින් අයහපත් කාලගුණික දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අර්කමණ්යවීම්වලදී රක්ෂණාවරන ලබාදීම සිදු කෙරේ. ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණ හෝ වෙනත් අකර්මණ්යතාවන් සඳහා මෙහිදී ප්රතිලාභ සැලසෙන බව සදහන් වේ. ඒ යටතේ රු.2000/- වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්ෂ 12ක වන්දියක් මෙම රක්ෂණ ක්රමය…
වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළත් වී ව්යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමුකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්යාවක් මෙම දිනවල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම වංචාකරුවන් විසින් පරිශීලිකයන් රවටා වට්ස්ඇප් OTP අංකය ලබා ගෙන ඔවුන් වෙත ව්යාජ පණිවුඩ යොමු කර මුදල් වංචා සිදුකරන බවය. ඒ අනුව මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මහජනතාවට දැනුවත්ව සිටින ලෙස පොලීසිය දන්වා සිටී. එමෙන්ම පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයන් වෙත අන්තර්ජාල ගිණුම්හි OTP අංක ලබා නොදෙන ලෙසය.
වේරල තීරයේ අනවසර ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීති ප්රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්රයක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇතැයි එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්රදීප් කුමාර මහතා පැවසීය.
කුරුළු උද්යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇප මත මුදා හැර තිබේ. ඒ අද (30) හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම පුද්ගලයා මුදා හැර තිබේ.
කුලියාපිටිය දණ්ඩගමුව ප්රදේශයේ අක්කර 80 න් සමන්විත පොල් ඉඩමක පිස්තෝල උණ්ඩ, දිරා ගිය පොලිස් නිල ඇඳුම් කොටස්, හමුදා හැදුනුම්පතක් කුලියාපිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ. මෙම ස්ථානය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කුලියාපිටිය පොලිසිය අදාළ ස්ථානයේ කැණීම් සිදුකර ඉහත දේපළ සොයා ගෙන ඇත. මේවා මෙම ස්ථානයේ වළදමා ඇත්තේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලීසීය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණිය මීට සුළු මොහොතකට ඉහතදී පානදුර වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය වෙත පැමිණ බාර වූ බව එම ඒකකයේ අධ්යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා පැවසීය. එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් භාර වීමෙන් අනතුරුවය. ඉකුත් 20 දා එකී සැක කටයුතු ජීප් රථය පදවාගෙන යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතානගේ මහතාගේ පුත්රයා අත්අඩංගුවට ගෙන භාරයට පත්කර පසුව ඇපමත මුදා හැර තිබිණි. මෙම සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අභේ ගුණවර්ධන මහතාගේ බෑනාද අත්අඩංගුවටට ගෙන ලබන මස 01 දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකාරීන් විසුරුවා හැරීමේ විමර්ශනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපේක්ෂිත ඇප ඇයදුම්පත්රයත් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ඒකක 03 ස්ථානාධිපතිවරයා වග උත්තරකරු කරමින් මෙම ඇප අයදුම් පත්රය ඉදිරිපත් කළේය. 2022 මැයි මස 09වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තක් විභාග වන බවත්,එම නඩු කටයුත්ත විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීමට පෙර අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කෙරිණි . මෙම…
