Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පානදුර ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින පානදුර නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බව පොලිසිය කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර පැල්මඩුල්ල පාතගම නිවසක සැඟව සිටියදීය. 35 හැවිරිදි සැකකරු රත්නපුර අංගම්මන පදිංචිකරුවෙකි.
මාලදිවයින් නියෝජ්ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්යවරු පස් දෙනෙක් ඊයේ (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඒ අනුව, මාලදිවයින් නියෝජ්ය කථානායක අහමද් නසීම් (Ahmed Nazim), එහි විදේශ කටයුතු අමාත්ය ආචාර්ය අබ්දුල්ලා ඛලීල් (Dr. Abdulla Khaleel), ආර්ථික සංවර්ධන සහ වෙළෙඳ අමාත්ය මොහමද් සයීඩ් (Mohamed Saeed), ආරක්ෂක අමාත්ය මොහමද් ගසාන් මව්මූන් (Mohamed Ghassan Maumoon), මුදල් සහ ක්රමසම්පාදන අමාත්ය මූසා සමීර් (Moosa Zameer) සහ ස්වදේශ ආරක්ෂක සහ තාක්ෂණ අමාත්ය අලි ඉහුසාන් (Ali Ihusaan) යන මහත්වරු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූහ. මාලදිවයිනේ රාජ්ය සංචාරයක නිරත වීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඔවුහු දෙරට අතර…
ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා රුපියල් හතළිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් කොමිෂන් සභාවට නිරන්තරයෙන් ලැබුණු තොරතුරු මත අල්ලස් කොමිසමේ නිලධාරියකු වැලි ප්රවාහනය කිරීමේ බලපත්රයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් ඉල්ලා තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් 29 වෙනිදා සවස එම මුදල පොලිස් ස්ථානාධිපතිවරයා ශාරීරික අභ්යාසයේ යෙදෙමින් පාගමනින් යන අතරතුර පේරගස් මණ්ඩිය අසලදී එම අදාල මුදල ලබාගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
හතරලියද්ද ලිහිණියවල ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය කියයි. ඇස්බැස්ටොස් සෙවිලි තහඩු පටවාගත් ලොරියක් රඹුක්කන මාර්ගයේ ලිහිණියවල බෑවුම් මාර්ගයේ පහළට එමින් සිටියදී එම ලොරිය රියදුරගෙන් මිදී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් කුඩා ලොරියක ගැටී ඒ අසල නවතා තිබූ තවත් යතුරු පැදිකරුවකුද යටකරගෙන කුඩා පෙට්ටි කඩයකද ගැටීගෙන ගොස් ඇල්ලක වැදි නැවතී ඇති බව පොලිසිය කියයි. අනතුරින් ලොරියේ රියදුරු සහ යතුරු පැදිකරු මියගොස් තිබේ. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ රෝගීන් කිහිප දෙනෙකු හතරලියද්ද ග්රාමීය රෝහලට ඇතුළත් කොට ඇති අතර තවත් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරු කොට එවා තිබේ.
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 8.0ක අගයක් සටහන් කළ බව ද පැවැසෙයි. භූමිකම්පාවේ අපිකේන්ද්රය පිහිටා ඇත්තේ රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් යැයි පැවැසෙයි. භූකම්පනයෙන් පසුව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි සුනාමි අනතුරු ඇඟවීමේ නිකුත් කෙරුණි් ජපානයේ වෙරළබඩ ප්රදේශවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත.් කර ඇතැයි පැවැසෙයි. ජපාන කාලගුණ විද්යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවය.
උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරිදින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. උතුරුමැද, මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය.
විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්ය පවිත්ර වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට අමාත්ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. එම ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වනජීවී ආරක්ෂක සංගමය සහ පරිසර යුක්ති කේන්ද්රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙම දැනුම් දීම සිදු කළාය. එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ප්රියන්ත ප්රනාන්දු , යන…
නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඊයේ (29දා) දින වරෙන්තු නිකුත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (29දා) හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ. පෞද්ගලික සංචාරයක් හේතුවෙන් නාමල් රාජපක්ෂ ඊයේ විදෙස් ගත වූ අතර ඔහු අද උදෑසන දිවයිනට පැමිණ හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.
අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය. හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව 2017 වසරේ දී පැවති විරෝධතාවයකදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවරුණු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට ප්රධාන මහේස්ත්රාත් ඕෂද මහ ආරච්චි මහතා මෙම වරෙන්තුව නිකුත් කළේය. නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ නීතිඥවරු පිරිසක් හම්බන්තොට අධිකරණයට අද පෙරවරුවේ මෝසමක්ද ඉදිරිපත් කළහ
පසුගිය මාස කිහිපය තුළදී සංවිධානාත්මක අපරාදකරුවන් මෙන්ම විවිධ අපරාධවල නිරත වූ සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ද ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගනිමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශය පවසයි. රටෙහි නීතිය හා සාමය ස්ථාපනය කිරීමේ අරමුණින් සිදු කරන මෙම අත්අඩංගුවට ගැනීම්වලට අදාළ සුවිශේෂි අත්අඩංගුවට ගැනීම් කිහිපයක් ඊයේ (28) දිනය තුළදී සිදු කිරීමට ශ්රී ලංකා පොලීසිය සමත්ව ඇත. ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයෙකු වන නිශාන්ත උළුගේතැන්න යන අය පුද්ගල අතුරුදන් වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණවලට අදාලව 2025-07-28 වන දින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන…
