Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අතීතයේ සිද්ධ වුණ දේවල් ගැන කතා කරමින් කාලය අපතේ යැවීම අපරාධයක් බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. අදාල කාර්ය කොතනින් හෝ පටන් ගැනීම ඉතාම වැදගත් බව කී අග්රාමාත්යවරිය පසුගිය රජයන් වලදී බොහෝ රජයේ ආයතන වල තීන්දු තීරණවලට හේතුව දේශපාලන අධිකාරීයේ බලපෑම බව සඳහන් කළාය. 2026 සිට ක්රියාත්මක කිරීමට නියමිත අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් සමග බත්තරමුල්ල ඉසුරුපාය අධ්යාපන අමාත්යංශයේ පැවති සාකච්ඡාවකදී අග්රාමාත්යවරිය මේ බව ප්රකාශ කළාය. මෙම සාකච්ඡාවට අධ්යාපන අමාත්යංශ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ, ජාතික අධ්යාපන කොමිසමේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද මහත්ම මහත්මීහු විදුහල්පති…
පොදු ප්රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සැකසූ බව ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යංශය පවසයි. ආරක්ෂිත ප්රවාහනයක් සඳහා වූ වැඩපිළිවෙළ යටතේ එම වැඩසටහන ක්රියාවට නංවන බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා සඳහන් කරයි. ඒ යටතේ පොදු ප්රවාහනය සම්බන්ධයෙන් අදහස්, පැමිණිලි, යෝජනා ඉදිරිපත් කිරීමේ ක්රමවේදයක් සකසන බවත් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්රවාහන සේවා භාවිත කරන මගීන්ගෙන් ඒ යටතේ තොරතුරු ලබාගන්නා බව ද මහේෂ් කුලතිලක මහතා කියයි. 0704775030 වට්ස්ඇප් අංකයෙන් ද, 1958 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද, Website :- www.sltb.lk වෙබි ලිපිනයෙන් ද තොරතුරු ලබා දිය හැකිය.
කැකිරාව නගරා සන්නයේ පිහිටි ප්රසිද්ධ පාසලක 11 හැවිරිදි සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. පාසල නිමවී නිවසට යාම සඳහා සිය පාසල් සේවා බස් රථය පැමිණෙන තෙක් මාර්ගය අසළ අද සවස රැදී සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇත. එම අවස්ථාවේ පැමිණ ඇති පාසල් සේවා බස් රථයක රියදුරු හා එහි සිටි සිසුසිසුවියන් විද්යාලයේ ආචාර්ය මණ්ඩය හා ප්රදේශවාසීන් එක්ව සිසුවිය කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි. එම සිසුවිය රෝහල් ගතකිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ සීගිරිය තල්කොටේ ප්රෙද්ශයේ පදිංචිව සිටි බද්දේ ගෙදර කෞෂී රශ්මිකා අබේරත්න නමැති 06…
ගල්කිස්ස අරලිය ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අගුලාන ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි. දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ආයුධ වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණයය වී ඇත. බරපතල තුවාල ලද පුද්ගලයන් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී එම පුද්ගලයා මියගොස් ඇත.
දිවුලපැලැස්ස මහියංගන ප්රධාන මාර්ගයේ හෙබරව ප්රදේශයේ දී අද (2) අලුයම රෝගින් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් ත්රිරෝද රථයක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලස්ස පොලිසිය පවසයි . අනතුරින් ත්රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු එකහමාරක් සහ දෙකහමාරක් වයස කුඩා දරුවන් දෙදෙනකු සමග ගිලන් රථයේ රිය සහයක සහ හෙද නිළධාරිනියක තුවාල නොලබා බේරී ඇතයි පොලිසිය කීය . විල්ගමුව ප්රාදේශීය රෝහලට අයත් මෙම ගිලන් රථයෙන් රෝගින් පිරිසක් විල්ගමුව රෝහලේ සිට මහියංගන රෝහලට රැගෙන යමින් සිටියදී නාවල තැලිගම ප්රදේශයේ සිට රොටලවෙල නෑදෑ ගෙදරක යමින් සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්රිරෝද රථයක් ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්…
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තිබූ රුපියල් 566,400/= ක් වටිනා ප්රින්ටර් ටෝනර් 12 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් එම කොම්ෂන් සභාවේ කාර්යාල කාර්ය සහයකයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. ඉකුත් මස 9වෙනි දින එම කොමිසමේ කළමනාකාර සේවා නිලධාරිනියක් විසින් ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
උතරු,උතුරු – මැද, ඌව, නැගෙනහිර, මධ්යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑග සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහි වැසි ඇති වන බව කාලගුන විද්යා දෙපාර්තමේන්තුව කියයි. මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවට මිලි මීටර් 75 තරමක තද වැසි ඇති විය හැකිය බස්නාහිර පළාතෙත් ගාල්ල,මාතර ස පුත්තලම දිස්ත්රික්කවලත් වැසි වාර කිපයක් ඇතිවේ.
අමෙරිකාව, ශ්රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්යේන්ය තීරු බදු ප්රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ. ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම නව තීරු බදු ප්රතිශත ක්රියාවට නැංවෙන්නේ, අගෝස්තු මස 7 වනදා සිට බවය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, “මේ අභියෝගත් එක්කම අලුත් අවස්ථාත් ලැබී තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ රටවල් දෙකටම.. අන්යේන්ය වශයෙන් අවශ්ය කරන ප්රතිලාභ මේ තුළින් ඉදිරියේදී අපිට උදාවෙන්නට නියමිතයි. මේක විශාල ජයග්රහණයක් විදියට තමයි රටක් ලෙස අපි දකින්නේ. මෙම සාකච්ඡා අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.” මේ අතර අමෙරිකාව මෙරටට පැනවූ තීරු බදු අනුපාතය 20% දක්වා…
මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.
ජාත්යන්තර ජයග්රහණ කරා ක්රීඩක ක්රීඩිකාවන් ගෙනයාමට තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යංශය අවශ්ය ක්රියාමාර්ග ගන්නා බව තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යංශය විසින් සංවිධානය කරන ක්රීඩා සතිය වැඩසටහනේ සමාප්ති උළෙල අමතමින් අමාත්යවරයා මේ බව කීය. මෙහිදී ස්වවායු ව්යායාම වැඩසටහන ශ්රී ලංකා උත්තේජක මර්දන නියෝජ්යායතනයේ අධ්යාපනය ලබන ශිෂ්ය ශිෂ්යාවන්ගේ සහභාගීත්වයෙන් හා රිද්ම යෝගා ඇකඩමියෙහි (Rhythmic Yoga Academy) ශිෂ්ය ශිෂ්යාවන්ගේ සහභාගීත්වයෙන් ටොරිංටන් ක්රීඩාංගනයේ දී පැවැති යෝගා වැඩසටහනත් සමඟින් ක්රීඩා සතිය නිමාවට පත්විය. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ දියුණු ක්රීඩා සංස්කෘතියක් ඇති කිරීමත්, අනාගතයේ දක්ෂ ක්රීඩක ක්රිඩිකාවන්…
