Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේද අනුව ශ්‍රී ලංකා පොලීසිය ද අනුගත කිරීම තම බලාපොරොත්තුව බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් විද්‍යා විෂයට අදාළව පවත්වනු ලැබු Advance Grade සහ Elementary විභාග සමත් නිලධාරින්ට සහතිකපත් පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා එම අදහස් පළ කළේය. ඉදිරි කෙටි කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ පුළුල් වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “මෑත කාලීනව අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා පටන් ගත්ත මෙහෙයුම්වලට අපරාධ වාර්තා කොට්ඨාසයේ දායකත්වය අති විශිෂ්ඨයි. ඇත්ත වශයෙන්ම මගේ දැක්මත් ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේදවලට ශ්‍රී ලංකා පොලීසිය…
විදුලි ගාස්තුව සියයට 37 කින් අඩු නොකර තවදුරටත් ජනතාව මුලාකිරීමට කටයුතු නොකරන ලෙස විදුලිබල ඇමතිවරයාට මතක් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ (27) පැවසීය. ජාතික ජන බලවේගය කොළඹදී ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහ මහතා එසේ පැවසීය. විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආණ්ඩුව ජනතාවට එරෙහිව තවදුරටත් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ජාතික ජන බලවේගය සහ තවත් සංවිධාන කිහිපයක් මහජන උපයෝගී කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගත් බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පළමුවෙන් සියයට 3.34 කින් පමණක් බිල අඩු කළ හැකි යැයි පැවසූ බවත් ඒ මහතා කීය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නීති විරෝධීව සියයට 18…
මාර්ග රාජකාරියේ දී පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් මුදා හැරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල් හා ආධුනික පොලිස් නිලධාරියා මාර්තු මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (27)නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව පොලිස් කොස්තාපල් සුපුන් මධුසංක සහ ආධුනික පොලිස් නිලධාරී ඉසුරු තීක්ෂණ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. සැකකරුවන් විසින් දිමුතු මදුශංක යන පැමිණිලිකාර යතුරුපැදිකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව හිස් ආවරණයක් නොමැතිව ධාවනය කිරීමට දඩ කොලයක් ලබාදී ඇති බවත්,රියදුරු බලපත්‍රය සන්තකයට ගෙන ඇති බවත් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත්…
ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධාරයෙනි. එසේ අභ්‍යවකාශයට යන ගගනගාමීන් සිවුදෙනා කවුරුන්දැයි හඳුන්වා දීම සිදුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ද ප්‍රධානත්වයෙනි. ‘ගගනයාන්’ යන නමින් නම් කළ එම මෙහෙයුමට සහභාගී වන ගගනගාමීන් සිවුදෙනා වන්නේ, ප්‍රශාන්ත් නායිර්, ඇන්ගාඞ් ප්‍රථාප්, අජිත් ක්රිෂ්ණාන් සහ සුභාෂ් ෂුකාලාය. ‘ගගනයාන්’ යනු ඉන්දීය අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමීන් යොදා ගෙන සිදු කරන පළමු අභ්‍යවකාශ මෙහෙයුම වනු ඇත.‘ගගනයාන්’ මෙහෙයුමේ දී ගගනගාමීන් කණ්ඩායම කිලෝ මීටර් 400 ක් ඉහළ අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණෙනු ඇත.
තමාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව තමා සතුටින් බාරගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍යට පැවසීය. එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අනුව ඕනෑම මන්ත්‍රීවරයකුට අයිතියක් ඇති බවත් ඒ අයිතියට තමා ගරු කරන බවත් කතානායකවරයා කීවේය. තමා එම යෝජනාවට මුහුණ දෙන බව පැවසූ මහින්ද යාපා අබේවර්ධන මහතා විශ්වාසභංග යෝජනාව ඉතා ඉක්මනින්ම විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය. “අපි බලමු මොකද වෙන්නේ කියලා” යැයිද කතානායකවරයා පැවසීය. මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගත් අවස්ථාවේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීපදෙනෙක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (27) හමුවූහ. කොළඹ සංචාරක අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ජාතික තේරීම් කමිටු සභාපති උපුල් තරංග, එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම්වල නායකයන් වන කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග ද මෙම හමුවට සහභාගි වූහ. නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම,නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සහ දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම,වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී…
ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. රජයේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වී ඇතැයි කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් ජනාධිපතිවරයා රටට ආදායමක් එන ආයෝජන සිදු කිරීම සඳහා මේ වන විට රුපියල් බිලියන 300 ක් වෙන් කර තිබෙන බව සඳහන් කළ බවද අමරවීර මහතා කීය. ආහාර මත පනවා තිබෙන බදු අඩු කිරීමට අමතරව විදුලි බිල අඩු කිරීම,ඉන්ධන මිල අඩු කිරීම වැනි සහනද ලබන මාසයේදී ජනතාවට ලබාදෙන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇත. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 300-280 අතර අගයක පවත්වාගෙන යාම තම…
සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතාගේ සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ප්‍රසන්න අමරසේකර මහතා පක්ෂයේ විනය මණ්ඩලයේ හමුවට කැඳවා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා පැවසීය. සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් බෞද්ධ සමුළුව අතරතුර බුලත් සිංහල ආසන සංවිධායකවරයා සම්බන්ධයෙන් සෙසු ආසන සංවිධායකවරු පක්ෂ මහලේකම්වරයා වෙත චෝදනා කළ අතර එහිදී යම් කලාකාරී තත්ත්වයක් හට ගැනිණ. ප්‍රසන්න අමරසේකර මහතා මාධ්‍ය හමුවක් කැඳවා ඊට ප්‍රතිචාර දැක්වූ අතර මේ හේතුවෙන් ඔහුගේ ආසන සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ප්‍රසන්න අමරසේකර මහතා…
රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය. පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමි වූ බව විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය. ඉන් ඇතැමෙකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකු විධායක…
සූරියැවව කෙලින්කන්ද මහවනය මැද වාඩියක කිසියම් අපාරධකුවක් සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ගිය පොලිස් විශේෂ කාර්යය බළකාය සහ එම වාඩියේ සිටි පිරිස අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි පාතාල සාමාජිකයකු මියගොස් ඇතැයි තහවුරු නොවූ වාර්තා සඳහන් කරයි. මියගියේ කවුරුන්ද යන්න තවම තහවුරු වි නැතැයි වාර්තාවේ