Author: LANKA24X7

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන් මෙරට විසිතුන් දහසකට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල මුළුමනින්ම ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවත්ය. මෙම ස්ථන මාරු ක්‍රියාපටිපාටීන් ආයතන සංග්‍රහයේ පැහැදිළිව දක්වා ඇතැයිද පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ඒකකය විසින් අත්තනෝමතික ලෙස මෙම කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලු මේ වන විට මතුව ඇති බවය. මේ හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් 23,000කගේ පමණ ස්ථාන මාරුවීම්…

Read More

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට විසින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදීය. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සහග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය. සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි. කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය. පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි. අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.

Read More

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණියක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) මෙම අනතුරු සිදුව තිබුණේ පොළොන්නරුව සහ කළුතර දකුණ පොලිස් වසම්වලදීය. පොළොන්නරුව – හබරණ මාර්ගයේ 63 වන සහ 64 කිලොමිටර් කනුව අතර ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී පසුපැදිකාරිය ටිපර් රථයට යටවී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියෙකි. මේ අතර කාලයේ කළුතර දකුණ පොලිස් වසමේ පලාතොට – නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් යතුරුපැදි දෙකම එකවර ඉස්සර කිරීමට යාමේදී…

Read More

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ. තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරති.

Read More

අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ (02) දිනයේදීද පැවැත්විණි. රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී. ඒ අනුව ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අයිස් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකුද ඇතුළත්ව නොයෙකුත්…

Read More

ඔහිය – උඩවේරියවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී මෙම මළ සිරුර හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේය. මෙසේ මිය ගොස් ඇත්තේ උඩවේරියවත්ත ඔහිය පන්සල අසල පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හල්දුම්මුල්ල හා බණ්ඩාරවෙල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගන්නා ලබන අඟහරුවාදා(5) දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන අඟහරුවාදා (5) පැවැත්වීමෙන් පසු ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වෙනු ඇත. ස්ථාවර නියෝග අනුව මෙම යෝජනාව සම්මත වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගෙන් අඩක් (113) පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය දෙස බැලීමේදී මෙම යෝජනාව ස්ථිර වශයෙන්ම සම්මත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. යෝජනාව සම්මත වුවහොත් ඒ බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලබයි. එසේ දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා…

Read More

තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නාක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 22ක් සමග ඩිංගි යාත්‍රා 5ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත. නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 23 – 31 කාලය තුළ මෙරට මුහුදු සීමාව ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදුකර තිබේ. මෙම වැටලීම්වලදී අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් 210ක් සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලය කොඩ්බේ, කුඹුරුපිඩ්ඩි, කින්නියා, මූතූර් සහ මන්නාරම කකරතිව් යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකර තිබේ.

Read More

කතානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයකට ලබාදීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවී ඇත ඒ අනුව මාස හයක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස පත්කිරීමටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මෙම අනුමැති ය හිමිවූයේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකා බැලූ අවස්ථාවේදීය. රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානයෙන් , උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා…

Read More