Author: LANKA24X7

වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා අද(01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කරනු ලැබූ අතර වාහන ආනයනය කිරීමේදී ඊට අදාළව කොන්දේසි 9 ක් රජය විසින් පනවනු ලැබ ඇත. තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේසි සහිතව අද(01) සිට ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(31) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර ඉන් පසුව වාහන ආනයනය කිරීමේදී පනවා ඇති කොන්දේසි 9 සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. 1.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු…

Read More

දිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ සඳහා ඉල්ලුම් කරුවන් අතරින් සුදුසුකම් ලද විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 6 දා සිට 11 දක්වා ඉසුරුපායේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

Read More

ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. නව රජය බලයට පත්වීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් 4 දා චින්තක මහතා තරුණ සේවා සභාවේ සභාපති ධුරයට පත් විය. මාස හතරක පමණ කාලයක් සභාපති ධූරයේ කටයුතු කළ චින්තක දර්ශන හේවාපතිරණ මහතා මේ රජයේ පාලන කාලය තුළ ඉල්ලා අස්වූ හතරවන සභාපති වේ.

Read More

රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් තොගයක් කටුනායක ගුවන්තොටුපලින් පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (31) උදෑසන කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙවුන් සිය ගුද මාර්ගයන් හී සඟවා මෙම මැණික් තොගය හරිත මාර්ගය ඔස්සේ යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන් හී නියැලි සිටින 45 හැවිරිදි සහ 46 හැදිවිරි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි මෙහිදී කැරට් 300ක් බරැති පුෂ්පරාග සහ නිල්කුරුවින්ද වර්ගවල මැණික් ගල් 54ක් මොවුන්…

Read More

එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. ඉදිරි සතියේදී පක්ෂ නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. මූළික වටයේ මෙතෙක් පැවති සාකච්ඡා ධනාත්මක බැවින් පක්ෂ නායක මට්ටමේ තීරණාත්මක හමු ඉදිරියේදී පැවිත්වීමට නියමිත බවත් අත්තනායක මහතා කීවේය. එහිදී මැතිවරණයට ඉදිරිපත් වන ලංඡනය ඇතුලු අනෙකුත් සාධක පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවත් ඔහු තවදුරටත් පැවසීය.

Read More

මෙරට බෝවන මෙන්ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් ඉහත රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ 2025 වර්ෂයට අදාල වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයට එක් වෙමිනි. ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ (The Nutrition Society of Sri Lanka) 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. “උසස් පෝෂණය සහ සෞඛ්‍ය සාක්ෂරතාව තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන්න තේමාව කර…

Read More

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ වන පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිපාදන ලබාදීම සඳහා කටයුතු කර රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (31) නියෝග කළේය. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුසන්ත සිල්වා නැමැති සැකකරු මෙසේ ඇප මත මුදා හැරීමට නියමකළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝගග කළේය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්…

Read More

බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (31) දිනයේදී නිකුත් කරන බව නාරා ආයතනය පවසයි. එම ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ එම ජලයේ ඇමෝනියා සාන්ද්‍රණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවය. “ජලය අපවිත්‍ර මට්ටමක පවතින බව තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. කොහොම වුණත් ඒ සම්බන්ධ අදාළ වාර්තාව අද නිකුත් කරන්න පුළුවන් වෙයි.” මේ අතර බේරේ වැවේ මියගිය පක්ෂීන්ගේන් ලබාගත් සාම්පල, පරික්ෂා කිරීම අරම්භකර ඇති බව ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩි ඉජාස් මහතා පැවසීය. එම පරීක්ෂණ වාර්තා ඉදිරි සති දෙක තුළ ලබාදීමට හැකිවනු ඇති බවය මොහොමඩි ඉජාස් මහතා…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එහිදී යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහ තවත් ජනහමු කිහිපයකට එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. උතුරේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

Read More

ආනයනික බහලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවා අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන බහලුම් 323 ක් තෝරා නිදහස් කළ බවත් රේගු දත්ත පද්ධතිය හරහා ආනයන බහලුම් සියයට 60 ක් පමණ භෞතික පරීක්‍ෂවෙන් තොරව දෛනිකව නිදහස් කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ආනයන බහලුම් 323 ක් රේගු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කිරීම යන ශීර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පිළිබඳව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එම බහලුම් නිදහස් කිරීමත් සමඟ සැළකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීමට හැකි වූ අතර එමගින් ආනයනකරුවන් විශාල ප්‍රමාණයකට අඩු කාලසීමාවක් තුළ අවම…

Read More