Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී උණ්ඩයක් යකඩ ඉලක්ක පතයේ වැදි එහි කොටස් විසිවීම හේතුවෙන් කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා සැරයන්වරයෙක් තුවාල ලැබූවන් අතර වන බව පොලිසිය සඳහන් කරයි මෙලෙස රෝහල් ගත කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාරද සිල්වා සහ පොලිස් පරීක්ෂක, බි එස් . සිල්වා , පොලිස් සැරයන් (40474) කුමාර යන තිදෙනායි . පොලිස්පතිතුමාගේ නියෝග පරිදි කළුතර විශේෂ කාර්ය බලකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී පිස්තෝල වර්ගයේ ගිනි අවි පුහුණුවීමක් ඊයේ (17) සිදුකර ඇති අතර එම අවස්ථාවේදී…
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහෙයවනු ලබන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. යෝජිත ව්‍යාපෘතිය මඟින් කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර එමගින් නැවත භාවිතය සඳහා ලැබෙන මූල ද්‍රව්‍ය, ඒ සඳහා සුදුසු නිමැවුම් වෙනුවෙන් භාවිතා කිරීමට සහ ස්වභාවික සම්පත් මඟින් ඍජුවම ලබා ගන්නා වූ අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමට සැලසුම් කර ඇත. යෝජිත ව්‍යාපෘතියේ යන්ත්‍ර සූත්‍ර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒකල කාර්මික ජනපදයේ ඇති පෙරසවි කොන්ක්‍රීට් අංගනයේ ස්ථාපිත කිරීම සුදුසු බවට හඳුනා ගනු ලැබ…
නැගෙනහිර බහළු පර්යන්තයේ (ECT) සහ ජය බහළු පර්යන්තයේ (ICT) බහළු මෙහෙයුම් සඳහා ගැන්ට්‍රි දොඹකර 07ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහළු පර්යන්තයේ සහ ජය බහළු පර්යන්තයේ බහළු මෙහෙයුම් සඳහා රබර් ටයර් සව් කළ විදුලි බලයෙන් ක්‍රියා කරවන ගැන්ට්‍රි දොඹකර 7 ක් ප්‍රසම්පාදනය කිරීමට 2025 වර්ෂයේ අයවැය යටතේ එම අධිකාරිය විසින් ප්‍රතිපාදන සලසා ගනු ලැබ ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ගැන්ට්‍රි දොඹකර 7 ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලෝක බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය මඟින් දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය ක්‍රියාත්මක කරමින් පවතී. නිවැරදි පූර්ව අනතුරු ඇඟවීම් හරහා ස්වභාවික විපත් මඟින් විය හැකි හානි අවම කර ගැනීම තුළින් ජාතික සංවර්ධනයට සහාය වීම, දේශගුණය ආශ්‍රිත ආපදා අවදානම් අවම කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණය සහ දේශගුණය ආශ්‍රිත සේවා නවීකරණය කිරීම, එම ව්‍යාපෘතියේ පළමු අදියරෙහි සංරචක 1 යටතේ ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා…
කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කැලණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ මේ වන විට දරුණු ලෙස හායනය, පහළ නිම්නවල අවසාදිත තැන්පත් වීම, වැලි ගොඩ දැමීම, භූමි පරිහරණ රටාවන් වෙනස් වීම, නාගරීකරණය, කාර්මීකරණය, ජල පෝෂක ප්‍රදේශ දූෂණය සහ ජල ගුණාත්මක භාවය පිරිහීම ආදී සාධක හේතුවෙන් විශාල පාරිසරික ගැටලු වලට මුහුණ දෙමින් සිටී.එම කරුණු සැලකිල්ලට ගනිමින්, කැලණි ගඟ සඳහා සරල හා ආන්තික උප ජලාධාර තොරතුරු වලින් සමන්විත කළමනාකරණ සැලසුම් ඇතුළත්ව ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ජලපෝෂක ප්‍රදේශ නගා සිටු වීම සඳහා ඒ සම්බන්ධිත ආයතන සහ ජල පෝෂක ප්‍රදේශ වල…
වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශයේ ලේඛනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික සහකාර සුදත් පුල්ලපෙරුම මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. කොළඹ අපරාධ කොට්ඨාශයේ ඇති ඉන්වර්ඩ් සහ අවුට් වර්ඩ් ලේඛනයේ 2023.12. 29 දින දත්ත ටිපෙක්ස් කර ඒ වෙනුවට 30 වැනිදා මාතරට යැවීමට සූදානම් කර තිබූ රථයට අදාළ පොලිස් පෝරම 439 ට අදාල දත්ත යනුවෙන් වෙනස් කෙරැණු බව පැවසූ හෙතෙම ලේඛනය ටිපෙක්ස් කර ඇති හෙයින් එය නැවත සකස් කරන ලෙස වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මහතා උපදෙස් දුන් බවද ප්‍රකාශ කළේය අදාල රථයෙන් පිටව…
ටෙහෙරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර ගත් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසුවේය. එහි උතුරු ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක සිට තානාපති සේවාව ලබාදෙන බවද එමප්‍රදේශයට යද්දි ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පිරිසක් ද කැඳවාගෙන ගිය බවත් ඔහු කීවේය. ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් ඉන් තිදෙනෙකුට බරපතල නැති බවත් ඔහු සඳහන් කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට නවේදනය…
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ නම් පවසා පුද්ගලයෙකුට තර්ජනය කර රුපියල් කෝටික කප්පම් මුදලක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය. එම සැකකරුවන් එකී මුදලින් මිලදී ගත්තේ නවීන පන්නයේ යතුරුපැදියක්, තීරෝද රථයක් සහ අපරාධයට යොදාගත් සෙල්ලම් පිස්තෝලයක් , යතුරුපැදිය , ජංගම දුරකථන සහ එම සිම්පත් සහ විවිධ බැංකු වලට අයත් ඒටිඑම් කාඩ්පත් මෙන්න යතුරු පෙදි සහ තීරෝද රථවල සියලුම ලිපි ලේඛන ද පොලිස් භාරයට ගෙන ඇත. මැටියගනේ සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 9…
ධීවරයින්ට ” සයුර ” විශේෂ හදිසි අනතුරු රක්ෂ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. ධීවරයින්ගේ අවදානම කළමනාකරණය කරමින් ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් සතුටු දායක තත්වයකට ගෙන ඒම සඳහා මෙම ” සයුර ” විශේෂ හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව හඳුන්වා දෙ බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවසීය. ධීවර කර්මාන්තය් යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබදව සලකා බලා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය, වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවරයින්ගේ මූල්‍ය තත්වයට අනුව ආවරණ මට්ටම් 3 කින් සුළු වාරික මුදලක් යටතේ දායක විය හැකි පරිදි සකස් කර…
