Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දකුණ, නැගෙනහිර, සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර ,සබගරමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බසරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතී.
කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ගෝලයෙකු 9. එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 3 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය. උප පොලිස් පරීක්ෂක උපුල් හර්ෂ මහතාට ලද තොරතුරක් මත කළුතර නාගොඩ ප්‍රදේශයේදී වැටලීම කර බෑගයක දමාගෙන සිටී ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබේ. සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බධ නඩුවකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබා සිටි අයකු බවත්, ගිනි අවිය කිසියම් අපරධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්න්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරිවල , ඉන්පිටත සහ බන්ධනාගාර රෝහලේ කළ හදසි සෝදිසියකදී හෙරොයින් , ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් සොයා ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් ඊයේ රාත්‍රියේදී මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ. දුරකතන අතර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන අටක් චාජර් හයක්, සිම් කාඩ්පත් පහක්,ඩේටා කේබල් නවයක්,ඇතුලු උපාංග රැසක් අත් අඩංගුවට ගෙන ඇත. මෙවා ඉදිරිකටයුතු සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට බාරදි ඇතැයි කියයි.
සිංහල අළුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් ලබන 11 දා සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ලබන 11, 12, හා 13 යන දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, ගාල්ල, බෙලිඅත්ත, මහනුවර, අනුරාධපුර දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් පත්කර තිබේ.
බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පෙරවරුවේ පැවසීය. බස් රථවලට වැට් බදු ආදේශය කර ඇති අතර ඒ හේතුවෙන් බස් රථ මිල ඉහල යෑමෙන් සියලුම පිරිවැය ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය නිසා වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු ඉහළ දැරීමට සිදුවන බවත් ඒ මහතා කීය.
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද (02) යළි සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. උප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති වීමෙන් අනතුරුව නියෝගය නිකුත් කෙරුණි.
නෙළුක්කුලම සහ මොරටුව පොලිස් වසම්වලින් නාඳුනන මෘත ශරීරයක් දෙකක් හමුව තිබේ. ඊයේ (01) එම සිරුරු සොයාගත් බව පොලීසිය පැවසීය. නෙළුක්කුලම පොලිස් වසමේ තම්පනෙයි පුලියන්කුලම් වැව ආසන්නයේ පාළු ඉඩමක නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නෙළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර මොරටුව පොලිස් වසමේ කොරලවැල්ල පොල්වත්ත ප්‍රදේශයේ මුහුදු තීරයේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී හමුව ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පැවසීය. අද (02) පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායකවරයා මේ බව දැනුම්දී ඇත.
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා අද(02) නියම කළේය. 2012 -2014 කාල වකවානුවේදී උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500 ක මුදලක් ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට මෙම නඩුව පවරා තිබිණි. අල්ලස් කොමිසම මගින් ගොනු කර තිබූ මෙම නඩුව දීර්ඝ විභාගයකින් පසු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමෙන් මෙම දඩුවම් නියම කෙරිණි.
