Author: LANKA24X7

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභා සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොද්දිවල මාරගේ වසන්ත මහතා ද උප සභාපති ලෙස සමගි ජනබල වේගයේ පි.එච්.තුසිත චාමර මහතාද ඊයේ තෝරා පත් කර ගත්තේය. සභිකධුර 15කින් යුත් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාව සඳහා ජාතික ජනබල වේගයට සභික ධුර හතක්ද විපක්ෂයේ පක්ෂවලට සභික ධුර අටක්ද හිමිවිය. ඒ අනුව තනි පක්ෂයකට බහුතර බලයක් නොලැබිම නිසා සභාපති සහ උප සභාපති තෝරා ගැනිම සඳහා ඡන්ද විමසිමක් පවත්වන ලදි.ෙ ඒ අනුව පැවති ඡන්ද වමසිමේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පි.එම්.වසන්ත මහතාට ඡන්ද අටක් හිමිවු අතර ජාතික ජනබල වේගයේ සභිකයාට හිමිවුයේ ඡන්ද හතක් පමණි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (19) ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

තම ගෙවත්තෙහි පොල් කඩන්නට ගිය අඹුසැමි යුවළකට බඹරුන් දෂ්ට කිරීමෙන් සැමියා මියගොස් බිරිඳ බරපතල තුවාල ලබා ඇතැයි අගුණකොළ පෑලැස්ස පොලිසිය පවසයි. ප්‍රදේශවාසියකු සමග අඹුසැමි යුවළ පොල් කඩන්නට ගොස් ඇති බවත් කඩන ලද පොල් අහුලමින් සිටියදී දෙදෙනා බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලිසිය කියයි. අසාධ්‍ය තත්ත්වයේ පසු පුරුෂයා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණු බවත් බිරිඳ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටි බවත් පොලිසිය කියයි. බඹර ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ අලුත් දුරගේ අන්දිරිස් නම් අවුරුදු 69 ක් වූ තිදරු පියෙකි.

Read More

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මියට පහරදීමට විරෝධය දක්වමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කොළඹ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ. ‘එජාප කොළඹ මහ නගර සභා මන්ත්‍රිනී සඳමාලි මහත්මියට ජා.ජ.බ. ආණ්ඩුව විසින් කළ මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු’, ‘බර්තසාර් පුරහලට – සඳමාලි රෝහල

Read More

ඊශ්‍රායල් ආරක්ෂක තත්ත්වය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් යාවත්කාලින කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නාගරික කලාපයන් ඉලක්ක කොට එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ඊයේ (17) දවසේ සහ රාත්‍රිය මුළුල්ලේ ක්‍රියාත්මකවූ බවය. එයින් කිහිපයක් හැර අනෙක් සියල්ල සම්පුර්ණයෙන් විනාශ කිරීමට ඊශ්‍රායිල් ආරක්ෂක අංශ සමත්වූ බවත් සඳහන් කරයි. “ඊයේ උදෑසන් 8:45 පමණ ඊශ්‍රායලයේ තානාපති නිලධාරීන් බොහෝ දෙනෙකු පදිංචිව සිටින ටෙල් අවිව් නගරයට උතුරින් පිහිටි හර්සිලියා (Herzliya) නාගරික ප්‍රදේශයේ බස් ඩිපෝවක් අසලට ඉරාන බැලස්ටික් මිසයිලයක් කඩාවැටීම හේතුවෙන් එහි නවතා තිබු බස්රථ ගණනාවක් ගිනිබත් වුණා. තානාපති නිලධාරීන් හා අනෙකුත් ජනයා…

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය. අද (18) උදෑසන අල්ලස් කොමිසමට කැඳවා හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු නියෝජිතයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡාවක නිතර වූහ. ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පළුදු කළ නොහැකි බවත් එම මිත්‍රත්වය පළුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ එහිදී අවධාරණය කළේය. රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවත් කිසිදු රටක ස්වෛරීභාවයට හානි වන අකාරයේ ක්‍රියාමාර්ගවලට චීනය සූදානම් නැති බවද විදේශ ඇමති ලියූ ජින්තාවෝ සඳහන් කර සිටියේය. එහිදී…

Read More

රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩල මීන්නාන නගරය ආසන්නයේ දි අද(18) උදෑසන ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 22 ක් තුවාල ලබා ඇති බව ඇහැළියගොඩ පොලිසිය කියයි. තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරු හා රිය සහයකයාද, බස් රථයේ රියදුරු හා මගීන් වන බවද පොලිසිය කියයි. බරපතල තත්තවය් පසුවන පස් දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර ශීක්ෂණ මහ රෝහලට මාරුකළ බව ඇහැළියගොඩ මුලික රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Read More

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ. අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Read More

ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් (Digital Repository) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් ස්ථාපිත කිරීමේ අදියර – 01 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2021-04-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී ඇත. යෝජිත ව්‍යාපෘතිය මඟින් ජාතික ලේඛනාගාරයේ මූලික කාර්ය භාරය වන තොරතුරු සංරක්ෂණය සහ ඒ සඳහා ප්‍රවේශ්‍යතාව ලබා දීමට අත්‍යවශ්‍ය වන මෘදුකාංග ස්ථාපිත කිරීම අපේක්ෂා කරනු ලබයි. අන්තර් ජාතික අධිලේඛන කවුන්සිලයේ අරමුදලක් මඟින් යුරෝ 7,000 ක ප්‍රදානයක් ජාතික ලේඛනා ගාරය වෙත ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතියේ වියදමින් කොටසක් ආවරණය කර ගැනීම සඳහා එම මුදල යෙදවීමට සැලසුම් කර තිබේ. යෝජිත ව්‍යාපෘතිය…

Read More