Author: LANKA24X7

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාදීකරණය වෙතින් අද (20) ඉල්ලා අස්කරගෙන තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සඳහන් කර සිටියේ, මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලය පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇතිවන හෙයින් මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට අවසර දෙන ලෙසයි. ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.

Read More

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතාව නව සභාපති ලෙස තෝරා පත්කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

Read More

කහට ගස් දිගිලිය, ඇල්ල වැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට පහරදී නිලධාරීන් සන්තකයේ තිබූ ගිනි අවියක්, උණ්ඩ දහයක් සහ මැගසීනයක් කොල්ල කෑ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව කහට ගස් දිගිලිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහට ගස් දිගිලිය, රන්පත් විල, සීප්පු කුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ත් 36 ත් අතර පසුවන සැකකරුවන් පිරිසකි. සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවිය දමා තිබූ බෑගය, පිහියක්, විදුලි පන්දමක් ඇතුළු දේපළ සොයාගෙන ඇති අතර ගිනි අවිය ඉකුත් 13 දා සොයා ගත් බව පොලිසියකියයි.

Read More

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබේ. බගතොලුව ප්‍රදේශයේ දී මෙම වාහන පරීක්ෂාව සිදුකර ඇති අතර, එහිදී වාහන 115ක් හදිසි පරීක්ෂාවට ලක්කර ඇත. ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරිමේ අරමුණින් සිදුකළ මෙම පරීක්ෂාවේදී, අධික ලෙස වායු විමෝචනය තිබූ වාහන, අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර තිබේ. එමෙන්ම මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කිරීමටත්, මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරුන්…

Read More

රුපියල් කෝටි 2 කට වඩා වැඩි හෙරොයින් කිලෝ 1 ක්, ග්‍රෑම් 738 සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 504 ක් සමග සැකකරුවෙකු ඊයේ (19) රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් විශේෂ කාර්ය බලකාය ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ උර 37 ක්, කල්පිටිය කන්ද කුලිය වෙරළ තීරයේ දී ලොරි රථයකට පටවමින් සිටිය දී එක් සැක කරුවෙකු ද සමගින්අද ( 20 ) අලුයම කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මනාව කපා සකසන ලද බීඩී කොළ උර ලොරි රථය තුළ පළමුව පටවා,රථ පරීක්ෂා කරන නිළධාරීන් නොමග යැවීමට, වෙළද පල වටිනාකමින් අඩු බාල මසුන් පෙට්ටි පිටතින් පටවා තිබිණි. උර 37 තුළ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 110 ක් තිබුණ අතර,එහි වෙළද පොළ වටිනාකම ලක්ෂ 110 ක් බව කියයි.

Read More

ඊශ්‍රායලයේ යුද තත්ත්වය තවත් තීව්‍ර වුවහොත් ආසන්න රටවල ගුවන්යානා යවා එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දැනටමත් සාකච්ඡා කර තිබෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19)පැවසීය. ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ලංකාවට පැමිණීමට අවශ්‍ය යැයි මෙතෙක් පවසා නැති බව කී අමාත්‍යවරයා ඔවුන් ඊශ්‍රායලයේ ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරමින් සිටින බව සඳහන් කළේය. ඊශ්‍රායලයේ ගුවන්තොටුපළ මේ වන විට වසා දමා තිබෙන අතර ව්‍යාපාර සඳහා ඊශ්‍රායලයට ගිය දෙදෙනෙක් ලංකාවට පැමිණිය යුතු බව කියා තිබු බවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට පහසුකම් සපයමින් සිටින බවත් අමාත්‍ය විජිත හේරත් මහතා කීය. ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් විසි දහසක් පමණ සිටින අතර ඉරානයේ ශ්‍රී…

Read More

ගාල්ල මහ නගර සභාවේ මංගල සභා රැස්වීම අද (20) උදෑසන ආරම්භවීමට නියමිතය. සභිකයන් 36 දෙනකුගෙන් සමන්විත ගාල්ල මහ නගර සභාවේ 50% වැඩි සභික ධූර සංඛ්‍යාවක් කිසිදු පක්ෂයකට හිමි නොවීම හේතුවෙන් එහි නගරාධිපතිවරයා සහ උප නගරාධපතිවරයා තෝරා ගැනීම අද (20) විශේෂ කොමසාරිස් ඉදිරියේ දී සිදුකෙරෙනු ඇත. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයන් 17 දෙනකු, සමගි ජන බලවේගයෙන් සභිකයන් 09 දෙනකු, එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 05 දෙනකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 03 දෙනකු සහ පොදුජන එක්සත් පෙරමුණෙන් සභිකයන් 02ක් පත්ව තිබේ.

Read More

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. ඊට අමතරව හිටපු මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද එම කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත. අයථා ලෙස ඉපයූ මුදල්වලින් දේපොළ ලබාගෙන ඇති බවට පාර්ශව කීපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කළ පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොට්ඨාශය පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුවරුන් වන මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, හිටපු අමාත්‍ය වරුන්වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍ර වන්නි ආරච්චි,…

Read More

දේශීය මුං අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි දේශීය මුං ගොවීහු පවසති. පසුගිය කන්නේ මුං ඇට ඇස්වන්න නිවෙස්වල තබාගන දෙවැනි කන්නේ ද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීහු විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම තත්ත්වයට හේතුව බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති මාතලේ විල්ගමුව ප්‍රදේශයේ බහුලව ගොවීන් දේශීය මුං ඇට, කවුපි, උඳු ,තල ආදී ධාන්‍ය වර්ග වගා කරති. ගොවින් සඳහන් කරන්නේ මේ වන විට විදේශීය රටවලින් ගෙන්වන ලද මුං ඇට විශාල වශයෙන් වෙළඳපොලේ පැවතීම නිසා තමන් දේශීය නිෂ්පාදනය කරන ලද මුං ඇට කිලෝවක් රුපියල් 400ක…

Read More