Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලංකාව තුළ ආයෝජනය කරනු ලබන ව්‍යාපෘතියක් සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් ගෙවන බව පවසා විදේශීය ආයෝජකයන්ගෙන් රුපියල් ලක්ෂ 56 ක මුදලක් වංචා කළ බව කියන සැකකරුවකු ඇතුළු දෙදනෙක් හෙරොයින් මිලිග්‍රෑම් 300 ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙණිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 56 සහ 48 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු සමග සිටි අනෙක් සැකකරු ද හෙරොයින් සන්තකයේ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන…
හික්කඩුව කුමාරකන්ද හන්දියේ රෙදිපිළි වෙළදසලක් වෙඩි ප්‍රහාරයකට ලක් වූ සැමියා මියගිය බව පොලිසිය කියයි. බිරිද අසාධ්‍ය තත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. මියගොස් ඇත්තේ දොඩන්දුව පටුවත ගම්මඩුවත්ත පදිංචි පෙත්තායන් දෙහිගේ කිර්තිවංශ නමැති 61හැවිරිදි පුද්ගලයෙකි. මෙතෙක් කරනලද පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙළඳසලට පැමිණ ටි.56 ගිනි අවියකින් සහ 9.එම්.එම්.වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් ඇති බවය. මියගිය පුද්ගලයාගේ පපුවටද ඔහුගේ බිරිඳගේ උරහිසට වෙඩි වැදි ඇත.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (4) රාත්‍රී 8ට දිවයිනට පැමිණෙයි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී පිළිගැනීමට නියමිතය. නරේන්ද්‍ර මෝදි මහතා අද (4) සිට ඉරිදා (6)දක්වා මෙරට නිල සංචාරයේ නිරත වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ සංචාරයේ නිරත වෙයි. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය සෙනසුරාදා(5) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ. ඉන්දියානු අග්‍රාමාත්‍ය…
පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. එම පාසල් දැරියගේ මාපියන් දැරිය සමඟ පැමිණ පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් හත් දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සමූහ දූෂණයට ලක් වූ බව කියන පහළොස් හැවිරිදි පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි. එලෙස සමූහ දුෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගී වන බව නිවසට පවසා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර,දකුණ සහ වයඹ පළාත්පලත වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩි වැසි ඇති විය හැකියි
සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි. මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයෙකුගේය. හෑෂ් මත්ද්‍රව්‍යය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් 02 වෙනිදින අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු ප්‍රශ්න කිරීමට යැයි පවසා වැඩ අපරාධ අංශයේ ස්ථානාධි ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකරුව නිල කාමරය වෙත රැගෙන ගොස් තිබූූ බව පොලිස්…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා, ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ නියෝගය හෙට (4) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය. ඒ අනුව උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, විධිමත් ලෙස දිවුරුම ඉදිරිපත් නොකිරීම සහ උප්පැන්න සහතිකවල ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට අදාළව ගොනුකරන ලද පෙත්සම් පිළිබඳ තීන්දුව ද හෙට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ඊට අමතරව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ විමසීමට භාජනය වී තිබෙන පෙත්සම්වලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්, හෙට තෙක් මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (3) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියම…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට ගත් තීරණය වෙළෙඳ ගැටළුවක් පමණක් නොව යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ, ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බවය. එමෙන්ම ආසියාව කේන්ද්‍ර කරගත් වෙළෙඳ උපායමාර්ගයන් ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවද විපක්ෂ නායකවරයා එහි සඳහන් කර ඇත.
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මුදලට කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන හතරක් වටලා කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. මේ අතර එම ස්ථාන හතරෙහි කළමනාකරුවන් ද සිටින බව පොලිසිය කියයි. කොට්ටාව පොලිසියට ලද තොරතුරක් අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් කොට්ටාව , මහල්වරාව , මාලඹේ පාර , රුක්මලේ පාර ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හතරක් මෙසේ වටලා තිබුණි. එහිදී මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් දහසය දෙනකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් ගාල්ල, මාතර ,බෙලිඅත්ත ,වලස්මුල්ල, අනුරාධපුර, රත්නපුර ,ඇඹිලිපිටිය ,කෑගල්ල ගම්පහ ,කළුතර ඇතුළු ප්‍රදේශ රැසක වයස අවුරුදු 18 – 46 අතර වයසේ පසුවන පිරිසක් බව පොලීසිය…
මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) 3,000 සීමාව ඉක්මවා ගියේය. මියන්මාරයේ මැන්ඩලේ නගරාසන්නයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බලපෑවේ පසුගිය සිකුරාදා දිනයේදී ය. එම භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 3000 සීමාව අද ඉක්මවා ගියේය. දින කිහිපයක් ඉක්මගොස් ඇතත් අතර සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ චීන, ඉන්දීය ඇතුළු විදෙස් මුදාගැනීමේ කණ්ඩායම්වලද සහාය ඇතිවය. මේ අතර එරට සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක ප්‍රහාර මේ මස 22වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට මියන්මාර හමුදා ජුන්ටාවට තීරණය කර තිබේ.
