Author: LANKA24X7

වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ සංගවේල් සුසිලා නැමති සිව්දරු මවකි. මරණයට පත් කාන්තාව මීට වසර දෙකහමාරකට ඉහතදී ආරථික ප්‍රශ්න හේතුවෙන් රැකියාවකට විදෙස්ගත ඇති අතර එහිදී ඇතිකරගත් අනියම් සම්බන්ධතාවයක් මත නැවත දිවයිනට පැමිණ එම අනියම් සැමියා සමග ජීවත්ව ඇත. අනතුරුව නීත්‍යානුකූල සැමියාගේ ඉල්ලීමකට අනුව තම දරුවකුගේ උපන්දින දවසේ එනම් ඉකුත් 10 දා එම නිවසට පැමිණ ඇති අතර 14දා දක්වා එම නිවසේ දරුවන් ස්වාමියා සමග ජීවත්ව ඇත. පසු තමා දැමූ බඩු පෙට්ටිය ගෙන ඒමට කොළඹ…

Read More

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී අද (18) දහවල් කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හත් දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය. මෙලෙස තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ මහනුවර පිළිමතලාව දන්තුරේ ප්‍රදේශයේ පදිංචිව සිටින පිරිසක් හා කොළඹ කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිව් දෙනෙක් සමග හත් දෙනෙක් බවත් පොලිසිය පැවසීය. අනතුරින් කාර් රථ දෙකෙහි ගමන් කරමින් සිටි වයස මාස 8 , මාස 18 දරුවන් දෙදෙනෙක් කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දෙදෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය. මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු කාර් රථයේ රියදුරුවරයාට…

Read More

යාපනය බන්ධනාගාරයේ රැදවියකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අයකු එලෙස මියගොස් ඇතැයිද පොලිසිය. හුස්ම ගැනීමේ අපහසුතාවක් පිළිබඳ රැදවියා කිහිපවරක් බන්ධනාගාර නියාමකවරුන් වෙත දන්වා ඇති අතර පසුව ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

Read More

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබේ. පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව තිබේ. මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Read More

කොළඹ ජාතික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී මැදිරිගිරියේ පදිංචි තිදරු පියෙක් මියයාම සම්බන්ධයෙන් සැත්කම සිදුකළ වෛද්‍යවරයා වගකීම භාරගත යුතු බවට ඥාතීන් චෝදනා කරයි. මියගිය පුද්ගලයාගේ නහරයක් කැපී සිදුවූ අධිර රුධිර වහනයෙන් පුද්ගලයා මියගොස් ඇති බවට වෛද්‍යවරයෙක් සඳහන් කළත්, සැත්කම සිදුකළ වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ යම්කිසි දෙයක් ඇනී මෙලෙස නහරයකට හානි සිදුවී ඇති බවටය. 2023 වසරේ නොවැම්බර් මාසයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ බස් රථයක ගැටී මැදිරිගිරියේ පදිංචි ශාංචන රාජපක්ෂ නමැති 41 හැවිරිදි තිදරු පියා අනතුරකට ලක්වී තිබුණි. වම් අතෙහි වූ කිසියම් තැලීමක් හේතුවෙන් ඔහුගේ වම් අත ඉස්සීමේ අපහසුතාවයක් දිගින් දිගටම පැවතීම එදිනෙදා රාජකාරී කිරීමේදී ශාංචනට බාධාවක් වී විය. ඊට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර පෞද්ගලික රෝහලකින්…

Read More

වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසයි. මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කහටගොල්ලෑව ,කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි විපුල සේනගේ නිමේෂ් රූක්ෂාන් රත්සර නමැති 23 හැවිරිදි තරුණ විවාහකයෙකි. අනතුර සිදුවූ අවස්ථාවේදී අසල්වාසීන් එක්ව තුවාලකරු වවුනියාව මහ රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පදවිය නගරයේ සිට කහටගොල්ලෑව තම නිවස කරා පැමිණෙමින් සිටියදී, වැලි වැව ප්‍රදේශයේදී පාර හරහා පනින ලද මී ගවයෙකුගේ යතුරුපැදිය ගැටී ඇති බවත්, මී ගවයා එම ස්ථානයේම මියගොස් සිටි බවත්, වාහල්කඩ පොලිසිය සඳහන් කරයි. අනතුරෙන් මියගිය නිමේෂ් රුක්ෂාන් රත්සරගේ බිරිඳ ගැබිනියක්ව…

Read More

රුපියල් කෝටි එකකයි ලක්ෂ 30 අලෙවි කිරිමට ගිය ගජ මුතු 03 ක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකාය කදවුර කියයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය ලැබුණු තොරතුරක් මත පුත්තලම කළපු තීරයේ දී උපාය මාර්ගික දූතයන් යොදවා පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. මෙම වැටලීමේදී මෙයට සම්බන්ධ මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු හා පුත්තලම ප්‍රදේශයේ පදිංචි එක් පුද්ගලයකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් අනුමත සීමාව ඉක්මවා දැරුවහොත් ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාගේ එම ධුරය අහිමි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අපේක්ෂකයන්ගේ වියදම් සම්බන්ධයෙන් කොළඹදී පැවැති වැඩමුළුවකදීය. අනුමත සීමා ඉක්මවා ප්‍රචාරක වියදම් දැරීම නීති විරෝධී බවද ඔහු සඳහන් කළේය. මැතිවරණ වියදම් සම්බන්ධයෙන් නිරීක්ෂණ සංවිධාන විසින් විශේෂ වෙබ් අඩවියක්ද හඳුන්වා දෙනු ලැබ ඇත

Read More

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, දැරණියගල, වරකාපොල, බුලත්කොහුපිටිය, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දැනුම්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, අගලවත්ත, දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල හා අයගම යන ප්‍රාදේශීය ලේකම්…

Read More

කසිප්පු ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් හය දහසක අල්ලසක් ලබා ගත් බෙන්තොට පොලිසියේ නිලධාරින් තිදෙනෙකු කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (17) සවස අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරික්ෂකවරයෙක්,සැරයන්වරයෙක්, සහ පොලිස් රියදුරෙකි. අල්ලස ලබාදුන් පුද්ගලයා අල්ලස ලබාදෙන අයුරු ඔහුගේ ජංගම දුර කතනයෙන් විඩියෝ කර ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට යොමු කර ඇති අතර ඒ අනුව පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් අනුව කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා අද (18) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More