Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ප්‍රාඩෝ වර්ගයේ සුපිරි රථයට රථයට ඉස්සර කරන්න ඉඩ නොදුන්නැයි උරනව තලංගම තලවතුගොඩ හන්දියේදී මෝටර් රථ රියදුරට ගිනි අවියක් එල්ල කර බිය ගැන්වූ ප්‍රාඩෝ රථයේ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. ඔහු සතුව තිබූ 9 එම් එම් වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝල ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත. නුගේගොඩ මහසෙන් මාවතේ පුද්ගලයකු ඔහුට අයත් මෝටර් රථයෙන් හෝ කන්දර දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් කරමින් සිටියදී එම කාර් රථයට පිටුපසින් සැකකරු ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයේ ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි. ප්‍රාඩෝ රථය මෝටර් රථයට ඉස්සර කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර ඇතත් අවස්ථාව නොලැබීම හේතුවෙන් උරණ වී තලවතුගොඩ හංදියේදී ආසන්නයේ…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. රුපියල් මිලියන 154 ක් වටිනා මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇත. වකුගඩු රෝග ප්‍රධාන කොට රෝග විනිශ්චය කටයුතු සදහා මෙම උපකණය භාවිතා කරනු ලබයි. මෙතෙක් මෙම පරීක්ෂණ කටයුතු සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර තිබූ යන්ත්‍රය වසර 20 වඩා පැරණි වන අතර එය වරින්වර අක්‍රිය තත්ත්වයට පත්වෙමින් තිබිණි. එම අවස්ථාවන් වල දී පරීක්ෂණ කටයුතු කොළඹ ජාතික…
ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙක් චීනයේ අධ්‍යයන චාරිකාවක් සඳහා ඊයේ (20) පිටත්ව ගියහ. මෙම සංචාරයට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු තිදෙනෙක්ද එක්ව සිටිති. අධ්‍යයන කටයුත්ත සඳහා එම මන්ත්‍රීවරුන් සතියකට වැඩි කාලයක් එහි රැඳී සිටීමට නියමිතය. විවිධ අධ්‍යයන කටයුතු සඳහා විදේශයන්ට යෑමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරින් වර අවස්ථාව හිමිවෙයි. එම සංචාර සඳහා විවිධ ජාත්‍යන්තර සංවිධාන අනුග්‍රහ දක්වයි.
මෙම වසරේ පෙබරවාරි මස වාහන ආනයනයට අවසර දීමත් සමග රුපියල් බිලියන 165 ක් හෙවත් රුපියල් කෝටි 16,500 ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා ඊයේ (20) පැවසීය. සීවලී අරුග්ගොඩ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය. එම ආදායම හේතුවෙන් රේගුවේ ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට හැකියාව ඇති බව කී අරුක්ගොඩ මහතා 2025 වසරට රුපියල් බිලියන 2,115 ක් හෙවත් රුපියල් කෝටි 211,500 ක ආදායම් ඉලක්කයක් ලැබී ඇති බව ද සඳහන් කළේය. රුපියල් බිලියන 1,533 ක් හෙවත් රුපියල් කෝටි 153,300 ක ආදායම් ඉලක්කය ලැබූ අතර එම ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක…
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදී ඇතැයි වාර්තාවේ. මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණු සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ මහින්ද සිරිවර්ධන මහතා පසුගියදා විශ්‍රාම ලැබූ අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ධූරයක වැඩ භාර ගැනීම සඳහා පිටත්ව යෑමට නියමිතය. සූරියප්පෙරුම මහතා කළමනාකරන ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ ( CIMA) සාමාජිකයෙකු ලෙස සුදුසුකම් ලබා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් එම්බීඒ උපාධිය සහ කළමනාකරණ සහ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර ජාලකරණය සහ කාර්ය සාධනය පිළිබඳ ආචාර්ය උපාධිය ගත්තේය. පෞද්ගලික…
මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (20) තීරණය කළේය. මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ රුපියල් හාරදහසක මාසික කෑම බීල රුපියල් තුන්දහසක් දක්වාද සාමාන්‍ය සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද අඩු කෙරෙනු ඇත. පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල මෑත භාගයේදී සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙයයි. නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම අනුව එම මිල ගණන් මෙසේ අඩු කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. සියලු දීමනා කප්පාදු කර ඇති තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මාසික කෑම බිල දරාගත නොහැකි බව පවසමින් එහි සේවකයෝ පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට…
ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය. මෙහිදී වන අලි ගැටලුව බහුලව පවතින අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර, මෙයට අදාළව, ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ගැටලු දිසාපතිවරු විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී. එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කර ගෙන යාමේදී මුහුණ දෙන…
ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු තමන්, ඇමරිකාව සමඟ කිසිම ආකාරයක සාකච්ඡාවලට එළඹෙන්නේ නැතැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කරයි. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, සාකච්ඡාවලට එන්නැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. ඉරානයට පහරදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සති දෙකක කාලයක් ලබා ගන්නා බව ද පවසා ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදි කිරීම, නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (20) අවසර ලබා දුන්නේය. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව, එය ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවට තීන්දු කළ විනිසුරුවරයා ඉන් අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු…
පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු පලා ගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. දූෂණ චෝදනා මත පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ යොදවා සිටි රැඳවියෙකු එසේ පලා ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කොට තිබේ. කදුරුවෙල මුස්ලිම් කොළණියේ පදිංචි 25 හැවිරිදි රැඳවියකු එසේ පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලේකැලේ පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
