Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් සම්බන්ධව එම සත්වෝද්‍යානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් දන්වා ඇත්තේ “Dehiwala Zoo – ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය” නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යමින් සත්වෝද්‍යානයේ කීර්ති නාමය අවභාවිත කරමින් ෆේස්බුක් ගිණුම් පරිශීලකයින්ගෙන් මුදල් ලබා ගැනීම් සම්බන්ධව මේ වන විට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණිලි ලැබෙන බවය. මෙම ෆේස්බුක් ගිණුම සමග දෙහිවල සත්වෝද්‍යානයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වාදෙන එම සත්වෝද්‍යානය සඳහන් කර ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවත්වන බවත් එම දිණුම් ඇදීම අවසානයේ ජයග්‍රාහකයින්ට විවිධ ත්‍යාග ලබා දෙන බවත් ආදී වශයෙන් පවසමින් මෙම…
ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහත ඇත මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණි. ඒ අනුව, සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි. මේ…
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දින පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ RE-ENTY වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. තානාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධව සියලු ගුවන් සේවාවලට දැනුම් දී ඇති බවත් ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔවුන්ට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකි වනු ඇති බවත්ය. මේ අතර ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කර ඇති අම්මාන් අම්මාන් ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ලියාපදිංචි වී තිබේ. ඒ අනුව අදාළ ගුවන් යානය එළැඹෙන 25 වැනි දින ගමන් කිරීමට නියමිත බවද…
මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (24) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 248,000ක් ලෙස දැක්වුණි. පසුගිය ජූනි 13 වන දිනයේ දී එය දැක්වුණේ රු. 250,600ක් ලෙසය. මේ අතර පසුගිය ජූනි 13 වන රු. 271,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 268,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතය. මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරයද නවීකරණය කිරීමට සැලසුම් කර ඇත. හෙක්ටයාර් 1.42ක භූමි ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පොළ 1964 වසරේදී ආරම්භ කර ඇති අතර, දෛනිකව බස් රථ 1500 – 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදුකෙරේ කෙරේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ…
ජාතික ආරක්ෂක කවුන්සිලය වහාම කැඳවා ඉරාන – ඊශ්‍රයාල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබා දෙන්නැයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළේය. හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ ඉන්ධන සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවිය හැකි බැවින් රටක් ලෙස ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිටිය යුතුව ඇතැයිද විපක්ෂනායකවරයා පැවසීය. ඉරාන – ඊශ්‍රයාල් යුද්ධය සම්බන්ධයෙන් කොලඹ විපක්ෂ නායක කාර්්‍යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය. හදිසි ආර්ථික සැලසුමක අවශ්‍යතාව මේ මොහොතේ ඇති බැවින් ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගෙන ජාත්‍යන්තරය සමඟ එකතු වී අභියෝගවලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත්…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මැයි මස මෙරට උද්ධමනය සියයට 0.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (23) පැවසීය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මස උද්ධමනය සියයට සෘණ 0.8 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය අප්‍රේල් මාසයේ සියයට 2.9ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට 5.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අප්‍රේල් මාසයේ සියයට සෘණ -3.7ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට සෘණ -3.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
බංග්ලාදේශයට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (25) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කර ඇති 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දුනිත් වෙල්ලාලගේ සහ විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබේ. ඇන්ජලෝ මැතිව්ස්, ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පුරප්පාඩු වූ ස්ථානයට දුනිත් වෙල්ලාලගේ ද, මිලාන් රත්නායක සංචිතයෙන් ඉවත් කර විශ්ව ප්‍රනාන්දු ද, කැදද්‍වා තිබේ. ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසිත විජේසුන්දර
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (24) සිට තාවකාලිකව අත්හටුවන බව එම ඒකකය පවසයි. බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකයට අදාළ වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 වර්ෂයේ සිට නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 932, 1/2016 සහ 4/2016 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු/අපැහැදිළි තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් එහි කටයුතු අත්හිටුවූ බවත් එම තත්වය ඉතා ඉක්මණින් නිරාකරණය කරගැනීමට කටයුතු කරමින් පවතින් බවත් එම විශ්වවිද්‍යාලය පැවසීය. ගැටලුව නිරාකරණය කරගත් වහාම අදාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව වග උත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම ඊයේ (23) ආරම්භ කළේය. වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙක් සාක්ෂි ලබාදීමට නියමිතය. මේ අනුව අද දින උදෑසන 9.30 සිට රාත්‍රී 8.00 පමණ වන තෙක් වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීම සිදුවිය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් කමිටුව රැස්විය. ඒ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා…
