Author: LANKA24X7

අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. සමගි ජන බලවේග විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කර කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරිමේ අයිතිය වර්තමාන ආණ්ඩුව නැති කර තිබෙන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු…

Read More

වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමට ඉඩ නොදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇත. රම්ස් පද්ධතිය සමග ඉඩම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ලෙස දුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළවිය.

Read More

උදාවී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයි මෙතක් බිහිවූ නායකයින් දිගින දිගටම පවසූ නමුත් සත්‍ය වශයෙන්ම උදාවී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාව බවත් ඒ සඳහා හැකියාව පවතින එකම නායකයා වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. මීට වසර දෙකකට පෙර රටේ පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වූයේ ජනතාව බේරාගැනීම උදෙසා ජනාධිපතිවරයා කටයුතු කළ නිසාවෙන් බව ද ඒ මහතා කීය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කළ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම සේවා වැඩසටහනේ සම්රම්භක උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (31) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. මෙම වැඩසටහනේදී…

Read More

ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (31) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීය. අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව මෙම සත්‍යග්‍රහ සංවිධානය කළේය. ‘සාක්ෂි තිබියදීත්, ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද? වහා අත්අඩංගුවට ගනු’ යන සටන් පාඨය යටතේ මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි. එහිදී සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් පොල් ගසා දේව කන්නලව්වක් ද පැවැත්වීය.

Read More

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ දී පැවසීය. තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව කීවෙි කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි. ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා…

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා අද වැඩ භාරගත්තේය. පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී ලෙස රාජකාරි ඉටු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (30) විශ්‍රාම ගියේය. කුෂාන් සම්පත් ජයරත්න මහතා එම තනතුරට පත් කෙරුණේ ඒ අනුවය.

Read More

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් හා දේශපාලන ක්‍රියාකාරීන් පහළොස් දහසකට අධික පිරිසක් සහභාගි වෙනවා යැයි කියන උද්ඝෝෂණයට හා පාගමන වලක්වමින් වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳු වත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය. විවේචනය කිරීම අදහස් දැක්වීම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක් බවට පූර්ව අධිකරණ නියෝග මගින් ද සනාථ කර ඇති බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එසේ වාරණ ආඥාවක් නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් ලබා දී ඇති මානව අයිතීන් කප්පාදු කිරීමක් බවට සඳහන් කළේය. කුරුදු වත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීමට මෙම ආඥාව ඉල්ලා…

Read More

පාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පාර්ලිමේන්තුව තුළ දී සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවටය.

Read More

අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මාර්තු මස මුලදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය. ඊට පෙර මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු චීන රජයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීය. වසර තුනක් ඇතුලත ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කෙරේ. ඒ අනුව…

Read More

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 212 ක්, අයිස් ග්‍රෑම් 101ක්, මත්පෙති 169, ඇතුළු මද්දවිය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 562 දෙනා අතරින් සැකකරුවන් 05 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10 ක්ද අත්අඩංගුවට ගෙන ඇත. එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 241 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව…

Read More