Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙරට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවල ජනතාව විමසිලිමත්වියයුතු බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනය අද සිට දින තුනකට බලපැවැත්වෙන බව කියන එම දෙපාර්තමේන්තුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළයුතු’ මට්ටමක පැවතිය හැකි බව ද සඳහන් කරයි.
මධ්යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්රදේශයේදී අද(03) අලුයම කිරි බවුසරයක් හා ලොරියක් එකට ගැටී සිදු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුරට ලක්වූ වාහන දෙකම අධිවේගී මාර්ගයෙන් පිටත වෙල්යයට ඇද වැටී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි
රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්යවරියක පෞද්ගලික මගි ප්රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටී රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී එම අනතුර සිදුවී දින 14 කටපසු පෙරේදා(1) මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර මොර ගහ යට ලේන් කැටිය පාරේ පදිංචිව සිටි පී. මදාරා මධුභාෂිනි නැමති තිස් දෙහැවිරිදි එක්දරු මවක වූ වෛද්යවරියකි. මෙම වෛද්යවරියගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී පෙරේදා පවත්වනු ලැබුවේ එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක p .m .හරීන්ද්ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසිනි. මෙම වෛද්යවරිය සේවය නිමකර පෞද්ගලික මගී බස් රථයකින් නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ මඩ කලපුව කොළඹ…
කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරතිබූ බිළිදු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය කියයි. ඉකුත් අගෝස්තු මස 01 දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකළියක් තුළ තිබි මෙම බිලිදු මළ සිරුර හමුවී තිබිණි. ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් විමර්ශන සිදුකර මහේස්ත්රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ බිලිදු මළ සිරුර තැන්පත් කර තිබිණි. එම දේහය සම්බන්ධයෙන් ඉකුත් මස 29 හා 31 වෙනි දිනයන් හි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ ළමා මෘත දේහය සම්බන්ධයෙන් විමසා ඇතිමුත් එම දේහය සොයාගැනීමට නොහැකි වී ඇත.
ප්රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි බන්ධනාගාරගත ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය දියණියගේ සහ බිරිඳගේ බැංකු ගිණුම් වලට අල්ලස් ලෙස ලබා ගත් මුදල් බැර කර ඇද්ද ? යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම ඊයේ (02) පැවසීය. මාස අටක් වැනි කෙටි කාලයක් තුළදී ප්රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින්ගෙන්,මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගෙන්,පොලිසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් ව්යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ එකසිය හතලිහක මුදලක් බැංකු ගිණුම් තුනක බැර කරවා ගත්තේ යැයි රක්ෂිත…
ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සෞඛ්ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව අද (02)තීරණය කරනු ලැබීය. කොළඹ දී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවා ය. එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයි ද එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්රකාශ කළාය.
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (02) ප.ව. 03.00ට නිකුත් කරන ලද එම නිවේදනය 03 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්ක සඳහා විමසිලිමත්වන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී ඇත. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවය.
කහවත්ත පලන්සූරියගම හල්ලිද ප්රදේශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (02) පැල්මඩුල්ල මහේස්ත්රාත් අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් දෙදෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ. මෙම ඝාතනයේ වෙඩික්කරු බව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ සැකකරුවන් රැගෙන ගිය ජීප් රථයේ රියදුරු මෙලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇත. සැකකරුවන් දෙදෙනා සහ මෙම ඝාතනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනෙක් සැකකරුවන් 8දෙනා සමග 10 දෙනාම ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මෙහිදී නියම කෙරුණි. ඝාතන සිද්ධියේ 9 වැනි සැකකරු වන වෙඩික්කරු බවට සැකකෙරෙන කිරිබත්ගොඩ පදිංචි රමේෂ් චින්තක සහ 10 වන සැකකරු වන…
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්ය අමාත්ය මරියා ට්රිපොඩි මහත්මිය හෙට (03) සිට 05 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්යාංශය අද (02) ප්රකාශ කළේය. වසර 10 කට පසුව ශ්රී ලංකාවට පැමිණෙන ඉතාලි රජයේ ඉහළම නිලධාරිනිය ඇය බවද විදේශ කටයුතු අමාත්යාංශය ප්රකාශ කළේය. සංචාරය අතරතුරදී, නියෝජ්ය අමාත්ය ට්රිපෝඩි මහත්මිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සමඟ එක්ව ශ්රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශන කමිටුවේ සමාරම්භක සැසියේ සම-සභාපතිත්වය දරනු ඇති බවද විදේශ කටයුතු අමාත්යාංශය පැවැසුවේය. එසේම, ට්රිපොඩි මහත්මිය ඇයගේ සංචාරය අතරතුරදී දේශපාලන උපදේශන යාන්ත්රණයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බවත්…
“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරිණි. ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි ශ්රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්යතාවකින් සන්නාම ගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්රියාත්මක කෙරේ. ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශය සහ ‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතය. දුම්රිය සේවය නවීකරණය යනු නිදාගෙන සිටින යෝධයකු ඇහැරවීම බව පෙන්වා දුන් මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා…
