Author: LANKA24X7

ලබන වසරේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව සකස් විය යුතු බවත් ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය. 2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් ඔහු පැවසුවේය. බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා වන නීති රාමුව, බදු වලට අනුකූලවන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම…

Read More

එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි. මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය. මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වූහ.

Read More

වෘත්තීයෙන් මුදල් ඔට්ටුවට බූරු ගැසීමේ යෙදුණු කාන්තාවන් 13 න් දෙනකු ඇතුළු 16 කු ඊයේ (25) රාත්‍රී අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පැවසීය ඒ අතර වයස අවුරුදු 3 ක කුඩා දරුවකු අත දරා ගත් කාන්තාවක්ද සිටි බව පොලිසිය කියයි . එම සැකකාරියන් සන්තකයේ තිබී රුපියල් 1008000/= මුදලක් , කාඩ් කුට්ටම් දෙකක් සහ පැදුරු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත

Read More

වෙඩි තබා සහ විදුලිය සැර වද්දවා දළ ඇතුන් මරා දැමිමේ සිද්ධීන්වලට අදාළව කැකරාව,මහව, කැබිතිගොල්ලෑව සහ හිඟුරක්ගොඩ අධිකරණවල නඩු හතක් විභාග වෙමින් පවති. කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පමණක් දැනට නඩු හතරක් විභාග වෙමින් පවතී. ඊට අමතරව තවත් දළ ඇතෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළ තවත් නඩුවක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විභාග වෙයි. කැබිතිගොල්ලෑව සහ මහව මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහි ද දළ ඇතුන් වෙඩි තබා මරා දැමීමේ සිද්ධීන්වලට අදාළ තවත් නඩු දෙකක් විභාග වෙමින් පවතී. ඒ අනුව දැනට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විභාග වෙමින් පවතින්නේ බරණ සහ රේවත සහ දීග දන්තු එක සහ සුමේධ යන නම් වලින් හඳුන්වන දළ ඇතුන් ඝාතනය කිරීමේ අපරාධ වලට…

Read More

කැකිරාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී ඇත් දළ යුගලක් සමඟ සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති. ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ හා විජිතපුර බීට්ටු කාර්යාලයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී එම ඇත් දළ යුගලක් හා සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රසන්ත විජේකොන් මහතාගේ මෙහෙයවීම යටතේ අදාළ මෙහෙයුම සිදුකෙරිණ. සැකකරුවන් විසින් අදාළ ඇත්දළ යුගලයෙන් එකක් කැකිරාව නීකිණීයාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැණුන අතර අනෙක් ඇත් දළය ඔලොම්බෑව ප්‍රදේහයේ ගෙවත්තක වල දමා තිබියදී සොයා ගෙන ඇත. මෙලෙස වනජීවී නිලධාරීන් විසින් සොයා ගනු ලැබූ ඇත් දළ යුගලය අඩි දෙකක් පමණ දිගකින් යුක්ත…

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියි. වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති වන අතර උතුරු පළාතෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බ්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ

Read More

පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (25) පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.

Read More

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර, තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීරණය කළේය. ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් අගෝස්තු මස 07 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය නියම කර ඇත. මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය…

Read More

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උදෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළාය. විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින අදාළ ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහ මහතාට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධූර පිරිනැමීම බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී ඊයේ (24) දින සිදු කෙරිණි. පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. ඒ අනුව රාජ්ගම ආසන සංවිධායක ලෙස මොහාන් ද සිල්වා,අණමඩුව-චමරි ප්‍රියංකා,මතුගම-සංජීව එදිරිමාන්න,අක්මීමන- චානක මදුගොඩ ,බද්දේගම-ඉසුරු දොඩංගොඩ,අම්පාර – ඩබ්ලිව්. ඩී වීරසිංහ,බණ්ඩාරගම- ලලිත් වර්ණකුමාර,නිවිතිගල – ප්‍රේමලාල් ජයසේකර මහත්ම මහත්මීහු ආසන සංවිධායක ධුරවලට පත්ව සිටිති.

Read More