Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධූර පිරිනැමීම බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී ඊයේ (24) දින සිදු කෙරිණි. පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. ඒ අනුව රාජ්ගම ආසන සංවිධායක ලෙස මොහාන් ද සිල්වා,අණමඩුව-චමරි ප්‍රියංකා,මතුගම-සංජීව එදිරිමාන්න,අක්මීමන- චානක මදුගොඩ ,බද්දේගම-ඉසුරු දොඩංගොඩ,අම්පාර – ඩබ්ලිව්. ඩී වීරසිංහ,බණ්ඩාරගම- ලලිත් වර්ණකුමාර,නිවිතිගල – ප්‍රේමලාල් ජයසේකර මහත්ම මහත්මීහු ආසන සංවිධායක ධුරවලට පත්ව සිටිති.
වෙසක් පොහොය දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස්ව යමින් මහත් ආන්දෝලනයක් ඇති කළ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. මීට අමතරව රුපියල් ලක්ෂ හතලිහක වන්දි ගෙවන ලෙසටද පැමිණිලිකාර වෛද්‍යවරයාට නියෝග කළේය. මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරු ලෙස සිටිමින් අදාළ මූල්‍ය ආයතනය තුළ වෛද්‍ය එස්. ඩබ්ලිව්. ඒ. ගාමිණි විමලානන්ද මහතා තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ තිස් පහක පමණ මුදලක් බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූඨ ලෙස සකසමින් ලබා ගෙන සාවදා පරිහරණය කිරීමේ චෝදනා දෙකට අදාළව මෙම දඬුවම පැනවිණි. බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත…
වන අලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. දිනෙන් දින ඉහළ යමින් පවතින වන අලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක්විය. මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද වන අලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවයි. ඒ වෙනුවෙන් කෙටි කාලීන,…
චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කර ඇත. 2020 වසරේ කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණින් සහ 2020 වසරේ ජුනි මාසයේ ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු ගැටුම් දුරදිල යෑම හේතුවෙන් ඉන්දීය රජය, චීන වැසියන්ට සංචාරක වීසා අත්හිටුවීමට තීරණය කර තිබුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වසර 5කට පසුව යළි චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම ඊයේ (24) සිට ආරම්භ කෙරුණු බවය. චීනයේ ඉන්දීය තානාපති කාර්යාලය, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, චීන පුරවැසියන්ට මාර්ගගත අයදුම්පතක් යොමු කිරීම මගින් වීසා ලබා ගැනීමේ හැකියාව පවතින බවය. ඉන්දියාවත් චීනයත් අතර හටගෙන ඇති අර්බුදය මේ වනවිට…
දෙහිවල ප්‍රදේශයේදි ඉකුත් 18 වැනි දා මුදල් පොලිසියට දෙන පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන විශේෂ බළකා හිටපු සෙබළක පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය කියයි. සැකකරු කහතුඩුව පහළගම කුරුළුබැද්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වාඩියක් තුළ සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම එම ස්ථානය වටලා ඇති අතර කුරුඳු ඉඩමේ වාඩියක සිටි වෙඩික්කරු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙිිඩි තබා ඇත. සිදු වූ වෙඩි හුවමාරුවේ දි සැකකරු වෙඩි වැදී මියගොස් ඇත. සැකකරු සිටි කුරුඳු ඉඩමේ වාඩියේ තිබී ටී.56 ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
රුපියල් කෝටි හතලිහක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගියෙක් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත” ඔස්සේ රැගෙන ගෙන යාමට උත්සහ කරද්දි ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබූහ. සැකකරු 52 හැවිරිදි කැනඩාවේ ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකි ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ “හෂීෂ්” කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ ” කොකේන් ” කිලෝ ග්‍රෑම්…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි . මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැක. තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුර, උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා පැය 24ක කාලසීමාවකට මෙම නිවේදනය වලංගු වේ. දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්ක සඳහා විටින් විට හමන පැ.කි.මී.55-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.
බෙලිඅත්ත, වීරකැටිය, මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද (23) පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කළ පාසල් සිසුන් 13 දෙනකු තුවාල ලබා තංගල්ල හා වීරකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නැතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට( 24) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණු වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි. මෙලෙස රුපියල් 11,296,461,250 (එකලොස් බිලියන දෙසිය අනූහය මිලියන හාරසිය හැට එක්දහස් දෙසිය පනහ ) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,424,548 (දාහතර ලක්ෂ විසිහතර දහස් පන්සිය හතලිස් අටක) ක් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතය. අදාල ප්‍රතිලාභින්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභි මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
