Author: LANKA24X7

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

Read More

බලය පවතින විට යෞවන සමාජ පිළිබඳව හෝ තාරුණ්‍ය පිළිබඳව අවධානය යොමු නොකළ විපක්ෂයේ කණ්ඩායම් දැන් තාරුණ්‍යයේ බලය දැක බෙහෙවින් කලබලයට පත් වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. යූත් ක්ලබ් කොළඹ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙය පැවැත්විණි. මින් පෙර යෞවන සමාජ ව්‍යාපාරය වල අවස්ථා හිමි වූයේ දේශපාලකයන්ගේ දරුවන්ට පමණක් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අද වන විට එය සමස්ත ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ තැන බවට පත් කිරීමට හැකි වී ඇති බව සඳහන් කළේය. ඒ අනුව විවිධ හැකියාවන්ගෙන් යුත් මෙරට සාමාන්‍ය තරුණ තරුණියන් විශාල පිරිසක් යූත් ක්ලබ් සමඟ සම්බන්ධ වී අද…

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. මීට පෙර එම ධුරයේ රාජකාරි කළ කර්නල් නලීන් හේරත් මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු මෙම ධුරයේ වැඩ භාර ගන්නා ලදි. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් සිය වෘත්තිය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම තුළින් දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් කළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකුද වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු…

Read More

දිඹුලපතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇත. දිඹුලපතන පොලීසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය. කෙසේ වෙතත් අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

Read More

සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් දස දහසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් දිවයින පුරා පොලිස් ස්ථානවලට ඒ පිරිස් අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ. දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වැඩි කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය

Read More

හිඟ බිල්පත් හේතුවෙන් රුපියල් කෝටි 1600ක ආදායමක් මෙතෙක්ලැබී නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙසේ ගෙවීමට ඇත්තේ මාස දෙකක හිඟ බිල්ය. එම පිරිස් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. මණ්ඩලයේ ජල පාරිභෝගිකයන් ගණන ලක්ෂ 32 ඉක්මවා ඇත.

Read More

තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසඳාගැනීම සඳහා අතරමැදියෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මැදිහත් වන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරයි. උන්වහන්සේ පවසන්නේ ඒ සඳහා ජනාධිපතිවරයාට පූර්ණ අයිතියක් ඇති බැවින් භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් දෙරටේ බලධාරීන් හමුවී මේ පිළිබඳ කඩිනමින් සාකච්ඡා කළ යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, “බෞද්ධ රටවල් දෙකක් හැටියට කරුණාකරලා පාරම්පරිකව අවුරුදු දහස් ගණනාවක් තිස්සේ තමන් ලද උරුමයට මුල් තැන දීලා බෞද්ධ ක්‍රමයට මේ ප්‍රශ්නය විසඳගන්න ඉදිරිපත් වෙන්න. කරුණාකරලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න කියලා අපි තායිලන්තයේ සහ කාම්බෝජයේ බලධාරීන්ට කරුණාවෙන් මතක් කිරීම සඳහා වූ යෝජනාව සඳහා අද…

Read More

අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුදු අරලිය හෝටලයට වැව් රක්ෂිතයේ කොටසක් අල්ලාගෙන ඇති හෙයින් වැට ගලවා ඒ කොටස නිදහස් කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. හෝටලය සංචාරක මණ්ඩලයෙන් බද්දට ගත් එකක් හෙයින් ඊට කිසිදු ගැටලුවක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි (සුජිත් හේවාජුලිගේ) අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මාතර සිට හම්බන්තොට හරහා…

Read More

ගල්කිරියාගම මකුළුගස්වැව හීනුග්ගල රක්ෂිතයේ දි ගැබ්බර මුව දෙනක වෙඩි තබා ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි දඹුල්ල මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මඩාටුගම පොලිසියේ සැරයන් 48455 ඩිල්ෂාන්, ගිරානේගම පොලිසියේ සැරයන් 60221 දිසානායක, රුම්කමන් ප්‍රසන්න විජෙසිංහ සහ චන්න සරංජන් යන සිවු දෙනාය. සතුන් දඩයමට යොද්ගත් බව කියන පතුරම් තුවක්කු තුනක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. විමර්ශනව ප්‍රගතිය ලබන නඩු වාරයේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයි නියෝග කළාය.

Read More