Author: LANKA24X7

ඇතැම් රෝහල් වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟ හැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ උපදෙස් දුන්නේය. ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය. ඖෂධ මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යාන්ත්‍රණය විධිමත් කර හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ…

Read More

නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල අයිතිය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් විද්‍යා හා තාක්ෂණ ආශ්‍රිත සංවර්ධන කටයුතු නංවාලීම සඳහා හා ඒ ආශ්‍රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මා හේනවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රමාණයෙන් හෙක්ටයාර 91.40ක (අක්කර 225 රූඩ් 3 පර්වස් 4.14) ඉඩම් ප්‍රමාණයක් අත්කර ගෙන ඇත. එකී ඉඩම් වලින් ඉඩම් කොටස් 02ක් නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ…

Read More

පුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂීත බවට පත් කිරීම ජුලි 26 දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකිමේ දිනය වෙනුවෙන් කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ මහතා පවසයි. මෙවර ලෝක කඩොලාන සුරැකිමේ දිනය ලබන 26 දින ආනවිළුන්දාව රැම්සා අභය භුමියෙදි සැමරිමට පරිසර අමාත්‍යංශය කටයුතු කර තිබේ. එයට සමගාමිව පුත්තලම දිස්ත්‍රික්කයෙ පිහිටි කඩොලාන වනාන්තර 8 ක් මෙලෙස රක්ෂීත ලෙස නම් කිරීම සිදුවන බව පරිසර අමාත්‍යාවරයා පවසයි. එසේ රක්ෂීත ලෙස නම් කර ඇත්තේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පනිරෙන්ඩාව බිට්ටුවට අයත් 543 ඒ ගලහිටියාව, 504සී ගලහිටියාව ග්‍රාම නිළධාරි වසමේ පිහිටි පනිරෙන්ඩාව,හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ පිහිටි 577 වෙරළබඩ ග්‍රාම නිළධාරී…

Read More

වකුගඩු රෝගීන්ගෙන් ලේ ලබා ගැනීමට අවශ්‍ය එන්නත් කටු සති දෙකකට ආසන්න කාලයක සිට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ සායනවලට සහභාගි වන රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු සඳහන් කරති. දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ඒකකයේ එම කටු නොමැති වීම හේතුවෙන් තමන්ට පෞද්ගලික ෆාමසි වලින් එක් කට්ටක් රුපියල් 450 ක මිලකට ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීහු සඳහ කරති. දින තුනකට වරක් ලේ ලබා ගැනීම සඳහා කටු දෙකක් අවශ්‍ය බවත්, දෙහිඅත්තකන්ඩියේ මූලික රෝහලේ ලේ ලබාගැනීමේ කටු නොමැති වීම නිසා තමන්ට,පොළොන්නරුවට නගරයට කිලෝමීටර් හැටක් පමණ දුර ගොස් එම කටු ලබා ගැනීමට සිදුව ඇති…

Read More

නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහරයකින් මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක මියගොස් ඇගේ දරුවා තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැැැ යි මාරවිල මුලස්ථාන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ වසන්ති චතුරානි නැමති කාන්තාවකි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාරවිල මරද ප්‍රදේශයෙ හෙරෝයින් අලේවි කිරීමේ ජාවාරම පවත්වාගෙන යන කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමහල් දියණිය බව කියයි. කුඩු මාලි නැමති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකු ඇති බවත් එම සියලු දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම තදින් කරගෙන යමින් මරද ප්‍රදේශයට බරපතල තර්ජනයක් ව තිබු බව පොලිසිය. ඝාතනයට ලක් වූ කාන්තාව මත්දව්‍ය සම්බන්දයෙන් අවස්ථා කිපයකදී බන්ධනාගාර ගත වූ කාන්තාවක බව පොලිසිය කියයි.

Read More

පදියතලාව මරංගල ප්‍රදේශයේ දි තරුණයකු සහ තරුණියක ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිය පෙම්වතා පෙම්වතියගේ ගෙළ කපා ඔහුගේද ගෙල කපා ගෙන ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇති වේ.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ශාන් යහම්පත් ගුණරත්න නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 50,000ක මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ,ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන සැකකරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විමර්ශනවලට සහාය ලබා දිය යුතු බවටත් සැකකරුට නියෝග කළේය. පැමිණිල්ල…

Read More