Author: LANKA24X7

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූණි. මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග…

Read More

ව්‍යාජ ලේඛන සකසා පරිහරණය කළ රුපියල් කෝටි 16 ක් සුඛෝභෝගී වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසි භාවයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු බ්‍රිතාන්‍යයේ සහ මෙරට ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකි. එම සැකකරු සමඟ රේන්ජ් රෝවර් වර්ගයේ ජිෆ් රථයක් සහ බෙන්ස් වර්ගයේ මොටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට ගෙන එම වාහන පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රේන්ජ් රෝවර් වර්ගයේ ජීප්රථය සැකකරු ව්‍යාජ අංක තහඩුවක් සවිකර පරිහරණය කරමින් සිටි බව පොලිසිය කියයි.

Read More

ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. ශ්‍රියානි කුලවංශ OLY – (සභාපති – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව) , මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව ), මේජර් රාජිත සමරසේකර – (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව) කමල් ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී – ක්‍රීඩා අමාත්‍යංශය ),රුවන් පෙරේරා – (පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල),ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව ),සුරේෂ් සුබ්‍රමනියම් – (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)…

Read More

විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවීම සම්බන්ධව ගැටළු පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවධානයට යොමුව තිබේ. ඒ සම්බන්ධව වූ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වටිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනි දින ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙහිදී රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලාංකික විශ්‍රාමික රණවිරුවන් කුලී පදනම මත බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණු ඉස්මතු කෙරුණු අතර එහිදී තුවාල ලැබූ හෝ ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවත් මේ හේතුවෙන් බලපෑමට ලක්ව සිටින විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත විශ්‍රාම වැටුප් හෝ වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා…

Read More

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අද (02) උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පැවසීය. එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම්පස කාණුවකට වැටී නතර වී ඇත. අධික බෑවුමක් සහිත ස්ථානයකදි බස් රථය අනතුරට පත් වී ඇති අතර, බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථය තුළ 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය කියා සිටියේය. බස් රථය අනතුරට පත් වීම නිසා එම මාර්ගයේ බර වාහන ගමනා ගමනයට බාධා…

Read More

හොරණ , රෙමුණ ලී මෝලක සේවකයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව එක්සේවකයෙකු අනෙක් සේවකයාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇති වයස අවුරුදු 55 ඇඹිලිපිටිය සෙවනගල ලක්ෂිරිගම පදිංචිව සිටි ඒච් .ඒ විමල සිරි නමැත්තකු බව පොලීසිය කියයි . මෙම සේවකයන් දෙදෙනා රාජකාරිය අවසන් වී ඔවුන් විවේක ගන්නා කාමරයේ රැඳී සිටියදී ඇතිවූ බහින්බස්වීමක් දුරද දිග යාමෙන් අනතුරුව සැකකරු මරණකරුට උදැල්ලෙන් පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් , මොරන්න , වරකා වැහැර පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු පහර දීමට යොදාගත් උදැල්ල සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දරුවන් අතර ඉන්ෆ්ලූවන්සා ඩෙංගු සහ චිකුන් ගුන්‍යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය ඩෙංගු සහ චිකන් ගුන්යා රෝගය වැඩිවී ඇත්තේ අයහපත් කාලගුණ තත්වය නිසා බවද ඔහු සඳහන් කළේය. ඩෙංගු මාරාන්තික හෙයින් පරිස්සම් විය යුතු බවත් චිකුන් ගුන්‍යා වැළදීමෙන් පසු මාස ගණනාවක් පුරා හන්දිපත් කැක්කුම් ආදියෙන් පීඩා විඳීමට සිදුවන බවත් හෙතෙම කීය ගර්භනී මාතාවන්ට සහ වයසක පුද්ගලයන්ට චිකුන් ගුන්‍යා වැළඳුනහොත් සමහර අවස්ථාවලදී අසාධ්‍ය විය හැකි බවත් ගර්භනී මාතාවන් ප්‍රසූත කරන දරුවාට විවිධ සංකූලතා ඇතිවිය හැකි බවත් දීපාල් පෙරේරා මහතා පැවසීය. ඉන්ෆ්ලූවන්සා රෝගියා දරුවන් අතරේ සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි…

Read More

මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව කීවේ සෙලෝජන් ලංකා (පුද්) සමාගම (Celogen Lanka (pvt) Ltd) මගින් අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම කාර්යය සිදුවිය. සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ සභාපති වී. නඩරාජා මහතා විසින් එම ඖෂධ තොගය සංකේතාත්මකව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට හදුන්වා දීම මෙහිදී සිදු විය. හෘද රෝගීන් සදහා භාවිතා කරන මෙම ඖෂධ තොගය පේරු රාජ්‍ය සදහා අපනයනය කිරීමට සෙලෝජන් ලංකා (පුද්) සමාගම සැලසුම් කර…

Read More

සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති මෙන්ම දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිඳු ඉඩක් නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (1) පැවසීය. සෙවනගල සීනි සමාගම පිළිබඳව පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (1) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පැවසීය. ආණ්ඩුවේ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් කඩාකප්පල් කිරීමට කිසිවකු හෝ උත්සහ කරන්නේ නම් එයට එරෙහිව තීන්දු ගැනීමට නොපැකිළිව කටයුතු කරන බවත් ලංකා සීනි සමාගම හුදෙක්ම සීනි නිෂ්පාදනය පමණක් නොව ගොවී ජනතාව ලක්‍ෂ දෙකක් සහ පවුල් 5000 ක පමණ රැකියා ආරක්‍ෂා කරන බවත් ඒ මහතා කීය.…

Read More

ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත්විණි. චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලියෙන් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමීමත්, මහජන චීන සමූහාණ්ඩුවෙන්, ලක්ෂ 50 ක වටිනාකමක් සහිත මකර බෝට්ටු පහක් මෙරටට ලබා දීමත් මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන ශූරතාවලිය සහ මකර බෝට්ටු උළෙල දෙරට අතර මිත්‍රත්වයේ, සංස්කෘතියේ සහ සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි. මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය…

Read More