Author: LANKA24X7

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසා සිටියේ, අප්‍රේල් 11 වනදා සිට එම පියවර ගත් බවය. නැප්තා භාවිතා කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12වන දින පෙරවරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබේ. ඒ අනුව මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් පුමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ අතර උත්සව සමයේදී විදුලි සැපයුම සහ…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ පානම මධ්‍යම ප්‍රදේශයේ ධනසිරි ඉදුවර සහ සුරාජ් යන 18 වන වියේ පසුවු තරුණයන් දෙදෙනෙකි. තවත් පිරිසක් අවුරුදු සැමරීමට පානම මෝයකට අසල දිය නාද්දි රැල්ලකට හසුවි ගසාගෙන ගොස් මිය ගොස් ඇති බව පානම පොලිසිය පවසයි.

Read More

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි. පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ ඔලන්ටා සහ බිරිඳය. ඔලන්ටා හුමාලා 2006 සහ 2011 වසරවල මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සොයා ගැනීම කර ඇතැයි පැවැසෙන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් හරහාය. මෙම අරමුදල් රැස් කිරීම කර ඇත්තේ නීති විරෝධී අයුරින් යැයි මේ වනවිට තහවුරු වී ඇත.

Read More

ගම්පහ නගරයේදී ඊයේ රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි. ගම්පහට ගෙන්වාගෙන ඇති පුද්ගලයකු ඉලක්ක කොට ගුවන් පාලම අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් වෙඩි තැබීමෙන් ඉලක්ක කර ගත් පුද්ගලයාට හානියක් සිදුව නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.

Read More

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඩී.එස්. සේනානයන වීදිය දෙස සිට (ත‍්‍රිකුණාමල වීදිය) ශ‍්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය. රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය. රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය එම ප්‍රවේශ මාර්ග වේ.

Read More

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මෙම අත් අඩංගුවට ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති ” මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය ” (Face Recognize System ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සහාය කර ගෙන තිබුණි . 31 හැවිරිදි අම්බලන්ගොඩ , කුළීවත්ත ප්‍රදේශයේ පදිංච් විජේමුනි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නැමති මොහු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ” කරන්දෙණිය සුද්දා ” නැමති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු…

Read More

අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. අවුරුදු උත්සව විශේෂ අංගවලට අසභ්‍ය නොගැළපෙන දේවල් එකතු කිරීමෙන් රටේ සංස්කෘතිය සභ්‍යත්වය සහමුලින්ම විනාශයට පත්වන බව ඔහු සඳහන් කළේය. අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර විශේෂාංග වලට නොගැලපෙන දේවල් එකතු කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන බව අමාත්‍යාංශය පවසයි.

Read More

2025 වසරේ මාර්තු මස 25 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී ලෙස න් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 43ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව පාලමීන්මාදු, වංකාලේ, මන්ඩතිව්, ඉරක්කණ්ඩි, උල්ලංකාලි කළපුව, වාලච්චේනිය, ඌරණි කලපුව, ඔළුතුඩායි, කඩෙයිකාඩු, චුන්ඩිකුලම්, මඩකළපුව නාවක්කාඩු කළපුව, වව්නතිව් කළපුව සහ වලෙයිපාඩු වෙරළ සහ මුහුදු ප්‍රදේශ අශ්‍රිතව මෙම සිදු කළ මෙහෙයුම් විලින් මෙම පිරිස නීතියේ රැහැනට හසුකරගෙන ඇති බව සඳහන් වේ මෙම පිරිස නීති විරෝධි ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සහ…

Read More

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි. විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙස අදාළ වීඩියෝව මගින් දන්වා සිටියි. එවැනි නිවේදනයක් කාර්යාංශය මගින් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, මෙම වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා ඇත. එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් කාර්යාංශය මගින් ක්‍රියාත්මක නොකරන බවත්, මෙය විගමණික ප්‍රජාව නොමග යැවීමේ චේතනාවෙන් සිදුකරන ප්‍රචාරයක් පමණක් බව කාර්යාංශය දැනුම් දී තිබේ. මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන්ද කාර්යාංශය…

Read More