Author: LANKA24X7

කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනජීවීන් පිළිබඳ සංගණනය ජාතික කර්තව්‍යයක් සේ සලකා එයට සහයෝගය දෙන්නැයි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ගෘහ ආශ්‍රීතව සැරිසරන බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධාන වන සතුන් ලෙස හදුනාගෙන ඇති වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් ඉලක්ක කරගනිමින් ලබන මාර්තු 15 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාළයක් තුළ මෙම සංගනනය සිදුකරන බව එහි අතිරේක ලේකම්(කෘෂි සංවර්ධන) දිස්නාරත්නසිංහ මහත්මිය පැවසුවාය. එම කාල සීමාව තුල තම ගෙවත්ත/වගා බිම/පාසල/පුණ්යේභූමි/ හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ අදාල පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ…

Read More

යාපනය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් මිලියන 90 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 228 ක් සමගින් සැකකරුවන් අද ( 03) දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පැවසීය. යාපනය අනලතිව් දූපත අසල වූ මුහුදු සීමාවේදී අද (03) අලුයම් කාලයේදී උතුරු නාවකි විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බොට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 197 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී සැකකරුවන් සතුව තිබූ බොට්ටුවද නාවික හමුදා භාරයට ගනු ලැබූ අතර අත්අඩංගුවට ග්ත සැකකරුවන් මන්නාරම සහ පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන්…

Read More

මෙම මස 8 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික කාන්තා සතියක් ‘ තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්’යන තේමාව යටතේ මේ මස 8 වැනිදා දක්වා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම කාන්තා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බවත් කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම සහ ඔවුනට වෙළදපොළක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ මස 5 සහ 6 දෙදින පුරා “ලිය ශක්ති” කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කර ඇති බවත් එම අමාත්‍යංශය…

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ. ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

Read More

සිය කුඹුරේ පැල් රකිමින් සිටි 51 හැවිරිදි ගොවියෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ තන්තිරිමලේ මානෑව පදිංචිව සිටි පුංචිබණ්ඩාගේ ජයතිලක (51) නැමති අවිවාහක ගොවියෙකි. මියගිය පුද්ගලයා පැල් රැකිම සදහා ගියද ඔහු ආපසු නිවසට නොපැමිණිම නිසා ඔහුගේ නෑදැයන් කුඹුරට ගොස් සොයා බැලිමේදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව තිබු ඔහුගේ මළ සිරුර සොයා ගෙන තිබු බව පොලිසිය පැවසිය.

Read More

පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය පැවසුවේය. ප්‍රදේශවාසීන් යුහුසුලුව තුවාලකරුවන් එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුලුකර ඇත. ඉන් දෙදෙනෙක් වහාම රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබේ. තවත් දෙදෙනෙකු රත්නපුර මහ රෝහලට යැවීමට අවශ්‍ය වුවත් වෙනත් රෝහලකින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය. තුවාල ලබා ඇති දරුවන්ගේ දෙපාවලට හානි සිදුව ඇති බව රෝහල ප්‍රකාශකයෙක් පැවසුවේය. අනතුර සිදුව ඇත්තේ අද (03) උදෑසන හයට පමණ බව ප්‍රදේශවාසීහූ කීහ. බෝටියාගල, විතාරම්පංගුව, ලස්සකන්ද ආදි ප්‍රදේශවල සිට පාසල් දරුවන් රැගෙන මෙම වෑන් රථය පැමිණ ඇත. වැන් රථය ධාවනයට නුසුදුසු තත්ත්වයක්…

Read More

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ගොවියාට පොහොර සහනාධාරය හෝ වී සඳහා ප්‍රමාණවත් සහතික මිළක් හෝ නොලැබෙන බවත් රාජ්‍ය සේවකවයාට පොරොන්දු වූ වැටුප් වර්ධක හිමිව නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් ගොවියාට නොලැබෙන බවත් ලැබෙන තෙල් පොහොර පවා ප්‍රමිතියෙන් බාල බවත් හොරොව්පතානේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු කීවේය. වගා හානී වන්දිි පවා නොලැබ ඇති බැවින් අභියෝග රැසකට ගොවියන් මුහුණ දී සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය. ගොවියන්ට රාජ්‍ය සේවකයන්ට බොරු කියු වත්මන් රජයට පිළිතුරු දෙන්න කාලය පැමිණ ඇති…

Read More

ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස්වා ඇත. එසේ එවනු ලැබූ මෙම ඡායාරූපයේ ඉහළින් කුඩාවට දකින්න ලැබෙන්නේ අප පෘථිවියයි. මෙම ඡායාරූපයේ බ්ලූ ගෝස්ට් යානයේ සෙවනැල්ල ද දකින්න ලැබෙයි. එය විශේෂත්වයකි. යානයේ සම්පූර්ණ හැඩය සෙවනැල්ල මගින් දැක ගැනීමට හැකිය. යානයේ ඇන්ජිමත් දකින්න ලැබේ. ඊට අමතරව චන්ද්‍ර පෘෂ්ඨයේ පැහැදිලි දසුන් ද ඡායාරූපයෙන් දකින්න ලැබේ. ඡායාරූපයේ පෘථිවිය තරමක් කුඩා අයුරින් දකින්න ලැබෙන්නේ, යානය භාවිතා කරන අල්ට්‍රා වයිඩ් Ultra Wide කැමරා කාච නිසාය. අප මෙම යානය ඇති තැන සිටින්නේ නම්, පෘථිවිය මීට වඩා විශාල අයුරින් දකින්න ලැබෙනු ඇත.…

Read More

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමකතද වැසි ඇතිවිය හැක.

Read More

යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු ටිපර් රථයකට පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය. පේදුරුතුඩු පොලිස් නිලධාරීන් පිරිසකට කේරල ගංජා වැලි ටිපරයක ප්‍රවාහනය කරන බවට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් පිරිසක් විසින් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මුරකාවල් යොදනු ලැබීය. එහිදී සැකසහිත ටිපර් රථයක් නැවත්වීමට සිදුකරන ලද නියෝගයකදී වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයේ රියදුරු විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ බවට පොලීසිය පැවසීය. පසුව මුරකාව් යොදා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල ටිපර් රථය පසුපස ලුහුබැඳ ගොස් නැවත්වීමට අණ කරද අණ නොතකා ධාවනය කිරීඹ හේතුවෙන් පොලිස් නිළධාරීන් විසින් වෙඩි තැබීම…

Read More