Author: LANKA24X7

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක නවාතැන් ගෙන සිටි දෙදෙනකුට අද 25) අළුයම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. වෙඩි තැබීමට භාවිතා කරන ලද අවියේ මැගසීනය, ජීව උණ්ඩ 06 ක් , හිස් පතුරන් කොපුවක් සහ සැකකරුවන්ගේ බවට සැක කරන ජංගම දුරකථනක් අදාල ස්ථානයේ තිබී සොයා ගත් බවද පොලිසිය පවසයි. එම වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ දේපළ හානි සිදු වී නොමැති බවද පොලිසිය පවසයි. මෙම වැඩි තැබීම වනාත ප්‍රදේශයේ අපරාදකරුවකුගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයෙත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

Read More

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුර කියයි. මෙහිදී වයස අවුරුදු 25 ක තරුණයකු ඝාතනයට ලක් විය. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19-20 අතර පසුවන්නන්ය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාරදීී ඇත.

Read More

පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස්නැවතුම්පොලේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. බස් නැවතුම්පොලේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇත. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ. මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මැදවච්චිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඔහු මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සදහන් වේ. අදාළ පුද්ගලයා දුම්රිය ගේට්ටුවෙහි තාවකාලික ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරි යෙදී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ. තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය. මේ සදහා උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක යන ශ්‍රේණිවල කටයුතු කළ නිළධාරීන් සහ නිළධාරිනියන් ඇතුළත් වේ. පොලිස් නිලධාරීනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේය.

Read More

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය. පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී මෙය පැවැත්වේ. “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා. දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

Read More

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය. පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී මෙය පැවැත්වේ. “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා. දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

Read More

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයට අමතරව රෝහල අවට විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ පසු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට නියමිතව ඇතැයි බන්ධනාගාර ප්‍රධානියෙක් පැවසීය.

Read More

උග්‍ර ආර්ථික ගැටලු හේතුවෙන් මධ්‍යම පන්තියේ ජනතාවගේ මෝටර් රථ සහ යතුරුපැදි ඇතුළු විවිධ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් කලට වේලාවට නඩත්තු කර පවත්වාගෙන යෑමට නොහැකිවීමෙන් නිවෙස් වල සහ ගරාජවල දිරාපත් වෙමින් පවතින බව වාහන නඩත්තු සේවා ආයතන සහ මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම දුම් සහතික ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යෑම හේතුවෙන් ආදායම් බලපත්‍ර ගැනීමට නොහැකිවීමෙන්ද වාහන විශාල ප්‍රමාණයක් නිවෙස් වලින් පිටතට ගැනීමට පවා නොහැකි තත්වයක් මතුව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. තවද නිසි කලට නඩත්තු සහ සේවා පහසුකම් ලබාදීමට නොහැකි වීමෙන්ද වාහන දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අක්‍රියවී පවතින බව වාර්තාවේ. රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු…

Read More