Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකකවලත වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පා සහ මඩකළපුව දිස්ත්‍රික්කවත් පස්වරු 2.00 පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තො දිසත්‍රිකකවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඥාති සහෝදරයාගේ නිවසට ගොස් පිහියෙන් ඇන ඊයේ (26) ඝාතනය කර ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ බෙලිඅත්ත නිහිලුව, ප්‍රදේශයේ පදිංචි සමීර සඳරුවන් (26) නැමැති රසායනාගාර සහකාරවරයෙකි. සැකකාර ඥාති සහෝදරයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු එම පුද්ගලයා ඝාතනය සඳහා යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක් මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද වන බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ තවත් පාසල් දරු දැරියන් 13 පිරිසක් රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි ඔවුන් කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියයි.
මම රනිල් වික්‍රමසිංහ බලන්න බණ්ධනාගාරයට ගියා නම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි. අගමැති හැටියට මට ඕන ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා යැයි අගමැතිනිය පැවැසුවාය. සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට නිසි ක්‍රියාමාර්ග ගන්නවා. පදනමක් නැති කතා ඔප්පු කරලා පෙන්වන්න කටකතා ප්‍රවෘත්ති කරලා පෙන්වන්න එපා. ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවා නම් ඒකට පදනමක් තිබිය යුතුයි, 50ක් ආණ්ඩුවෙන් යන බවක් කියනවා මටත් කියන්නකෝ යන්නේ කවුද කියලා අපි ජනතාවට දුන්න පොරොන්දු තමයි අපි දැන් ඉටු කරන්නේ අපි නිතියට බලපෑම් කරන්නේ නෑ නිතිය සුවාධිනව කටයුතු කරනවා යැයි ද ඌව පළාත් සභාවේදි 26 දින පැවති…
කොළඹ කිව් පාරේ කෝවිල අසල රැස්වී සිටින ජනතාව මේ වනවිට රැස්වීමක් පවත්වමින් සිටී. උද්ඝෝෂකයෝ එකිනෙකා මාර්ග බාධක උඩට නැගී ජංගම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව අමතති. තමන් කොළඹට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවත් තමන්ට කන්නට බොන්නට නැති අවස්ථාවේ රට රැකගැනීමට ඉදිරිපත් වූ නායකයා වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන බවත් ඔවුහු පවසති. “වැටුණු රට ගොඩගත් රනිල් වෙනුවෙන් අපි” ” ජඩ දේශපාලනය පරදමු” ආදී පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ රැස්වීමට සහභාගී වෙති. “ඔවුහු මර්දනයට එරෙහිව” යනුවෙන් ලියූ වැකි සහිත රෙදි නළලේ බැඳගෙන සිටිති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කොළඹට රැස්වූ ජනතාව මේ වන විට කොම්පඤ්ඤවීදිය කිව් පාරේ ශිව සුබ්‍රමනියම් කෝවිල අසල රැස්වී උද්ඝෝෂණ පවත්වමින් සිටිති. එම කෝවිලට මීටර් සියයක් පමණ ඉදිරිපිටින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිහිටා ඇත. කෝවිල ඉදිරිපිට පොලිසිය පෙළ ගැසී ජනතාව ඉදිරියට පැමිණීම වළක්වමින් සිටී. කෝවිල ඉදිරිපිට රැස්වූ පිරිස් සටන් පාඨ කියමින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටිති.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මළල ක්‍රීඩා, මේස පන්දු හා ජිම්නාස්ටික් ජාතික සංගම් වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ (25) දිනයේ සිට මෙය ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත. මෙමගින් අදාළ සංගම් තුනෙහි පරිපාලන හා අධීක්ෂණ කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා යටතට පත් කොට තිබේ. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 හා 33 වගන්ති වලට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.
මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ජූලි මාසයේ දී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,641 දක්වා ඉහළ ගොස් ඇති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය. “මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ මාසයක් තුළ ලබාගත් ඉතාම ඉහළම අපනයන වර්ධනය. භාණ්ඩ අංශයේ අපනයන ආදායම අපි දකිනවා අමෙරිකානු ඩොලර් මිලියන 1,304ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එය ගිය වසර සමග සැසදීමේ දී 15.37%ක වර්ධනයක්. සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර්…
