Author: LANKA24X7

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට එම ඒකාබද්ධ ගමන්වාර ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කළේය. එමෙන්ම ප්‍රවාහන සහ මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ ද නිෂ්චිත කාල රාමුවකට ලංගම සහ පෞද්ගලික බසරථ බල ඇනිය එකම තැනකින් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවය. “පැවති සාකච්චා සමූහයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙච්ච ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කිරීම සඳහා එක ප්‍රවේශ මාර්ගයක් කොළඹට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන පුත්තලම් කොරිඩෝ එක , යාපනය සිට කොළඹ දක්වා, මන්නාරම සිට කොළඹ දක්වා, තලෛයිමාන්නාරම සිට කොළඹ දක්වා, ඒ ඒ ගමනාන්ත දක්වා…

Read More

මෙම වසරේ පළමු මාස 7 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය අද ප්‍රකාශයට පත් කළේය. එහි මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය කළ කලාප පිළිබඳවද විස්තරද ඇතුළත් විය. ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 5 තුළදී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය අද නිකුත් කළ එම දත්ත වාර්තාවේ සඳහන් විණි. පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව එය සියයට 3.19 ක වර්ධනයක්…

Read More

රනිල් විකක්‍රමසිංහ පමණක් නොව රාජපක්‍ෂ සියලු දෙනාට අදාලව පරීක්‍ෂණ බවත් එම පරීක්‍ෂණවලට කිසිඳු තාරාතිරමක් නොමැති අතර නීතියට අනුව අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (25) පැවසීය. අමාත්‍ය බිමල් රත්නායක මහතා රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය. මහ බැංකු වංචාව සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මෙන්ම එහිදී ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත කටිටියට අදාලව නීතිය ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය බිමල් රත්නායක මහතා එය වර්තමාන ආණ්ඩුවේ ජනවරමේ ලොකුම කොටසක් බව ද සඳහන් කළේය. ට්‍රාන්සිට් එක ලන්ඩන් නම් ලක්‍ෂ 166 ක් වියදම් කරන්නේ කුමකටද? වෙනත් නරගවලට යන්නේ ඇයි? ඒවා සම්පූර්ණයෙන්ම ඔප්පු වෙලා තිබෙන බවත් රජයේ…

Read More

යුක්රේනයේ පෙරේදා(24) යෙදී තිබූ 34 වැනි නිදහස් දින සැමරුමට සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිවන්ත වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සමග තිබෙන මිත්‍රශීලී සබඳතාවය සහ සහයෝගීත්වය යුක්රේනය අගය කරන බව ජනාධිපති සෙලෙන්ස්කි පැවැසුවේය. අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය හා සමෘද්ධිය සඳහා වූ හවුල් කැපවීම මත එම සබඳතා ගොඩනැගී තිබෙන බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඉඩක් තිබෙන බවත් ඉන් දෙරටටම වාසි අත්වනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති සෙලෙන්ස්කි පැවැසුවේය.

Read More

මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7දී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක් බවත් වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබෙනු ඇතැයි බලාපරොත්තු වන බවත් හේරත් මහතා පැවැසුවේය. පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය නිල…

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවීතයට හානියක් කිරීමට සැළසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඔහුගේ ජීවීත ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ. මෙම ඝාතන සැළසුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇතැයි වාර්තාවේ. දිලීප පීරීස් මහතාගේ නිවසට මෙන්ම ඔහු ගමන් බිමන් යන අවස්ථාවලදී ආරක්‍ෂාව සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ. ආන්දෝලනාත්මක නඩු ගණනාවක පැමිණීල්ල නීතීපතිවරයා නියෝජනය කරමින් මෙහෙයවනු ලැබු නීතීපති දෙපාර්තමෙන්තුවේ ජේ්‍යෂ්ඨතම නීතීඥවරුන්ගෙන් කෙනෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ…

Read More

මාතර ,වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ත වී ඇතැයි පොලීසිය කියයි. වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී වෙඩිකකරු පළා ගොස් ඇතැයි කියයි. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි ද ,වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇතැද පොලීසිය පවසයි.

Read More

බොරලැස්ගමුව මාලනීබුලත් සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ වෙඩික්කරු නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 20550 ක් සන්තකයේ තිබූ බව පොලිසිය කියයි. ඉකුත් 24 වෙනිදින සිදුකළ එම වෙඩි 25 හැවිරිදි තරුණයකු මරුමුවට පත් වී තවත් පුද්ගලයකු තුවාල ලැබීය. සැකකරු කොළඹ ගින්තුපිටිය වී ගිය ප්‍රදේශයේපදිංචි පුද්ගලයෙකි.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කළ අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රුපියල් දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු120,877,000) රජයේ අදායමට බැර කළ බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. මෙම අබලි වාහන 60න් වාහන 53ක් සාමාන්‍ය වාහන ලෙසත්, වාහන 7ක් අබලි වාහන ලෙසත්, වෙන්දේසි කරන ලද බව අමාත්‍යාංශය පවසයි. වෙන්දේසි කළ වාහන අතර අබලි මෝටර් රථ, අබලි ත්‍රිරෝද රථ සහ අබලි යතුරුපැදි ද වූ බව සඳහන් වේ. ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රොලර් ජනරාල්ගේ අනුමැතිය ලද වහාම ධාරිතාවය 1800 CC ට වැඩි පෙට්‍රල් වාහන සහ 2300 CC ට වැඩි ඩීසල් වාහන (ධාවන තත්වයේ) 18 ක්ද ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට නියමිත…

Read More

ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමය බව අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමියෝ පැවැසූහ. ඥානතිලක නාහිමියන් මේ බව කීවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පැතීම වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේ පැවති පුණ්‍ය කර්ම අවස්ථාවකට සහභාගී වෙමිනි. අනුරාධපුර ප්‍රදේශවාසීහූද ඊයේ (25) අළුයම මෙම පින්කමට සහභාගී වූ අතර රුවන්වැලි සෑ සුගන්ධ කුටියේ කුටියේදී පූජා පින්කමක් ද පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ මෙසේද කීහ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ශාසනයටත් රටටත් මහ මෙහෙවරක් කරපු කෙනෙක්.අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් .ජාතියේ මිනිසුන්ට මෙවරක් කළ කෙනෙක්.ඒ…

Read More