Author: LANKA24X7

යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්‍රිගෝ මහතාට හෙට(1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත මෙම සේවා දිගුව ලබාදී ඇත. ලසන්ත රොඩ්‍රිගෝ මහතා කොටහේන ශාන්ත බෙනදික්ත විදුහලේ ආදි සිසුවෙකි.

Read More

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක්ගස් සැපයූ ගොවීන්ට සහ ප්‍රවාහනය කළ ට්‍රැක්ටර්හිමියන්ට රුපියල් මිලියන 205 ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික මුදලක් ගෙවීමට ඇති බවත් ඉදිරි සති දෙක තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වයට විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපිකා ගුණරත්න මහත්මිය ඊයේ (30) පැවසුවාය. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා උක්ගස් මෙටි්‍රක්ටොන් 45,519 ක් හෙවත් උක්ගස් මෙටි්‍රක්ටොන් 46,000 කට ආසන්න ප්‍රමාණයක් ගොවීන් 531 කින් ලබාගෙන ඇති බවත් ඔවුන්ට මේ වන විට මිලියන 243.9 ක මුදලක් ගෙවා ඇති බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරිය කීවාය. අතීතයේ සිටම උක්ගස් රැගෙන ආ…

Read More

නිති විරෝධී ගිනිඅවි, හක්කපටස්, උගුල් සහ මාරක විදුලි රැහැන් හේතුවෙන් වන අලි ඇතුන් මරණයට පත්වීමට බලධාරීන්ගේ අවදානයේ යොමු කිරීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (30) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ. ‘ඔවුන්ට හඩක් නෑ, අපි ඔවුන්ගේ හඩ වෙමු’ යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැති අතර විරෝධතාකරුවෝ කොළඹ ගාලුමුවදොර හෝටලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පෙළපාළියකින් පැමිණියහ.

Read More

පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අැති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය. ආනයනය කරන ලද වාහන 1500ක් රේගු භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එම කාරක සභාව විසින් රේගු ප්‍රධානීන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කෙරිණ. මෙහිදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා එන්ජින් ධාරිතාව ගැන සොයාබැලීමට ජාත්‍යාන්තරව පිළිගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් ඇත්දැයි රේගු නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය. මේ චෝදනාව එන්නේ ලොකුම සමාගමට විරුද්ධව බවත් මේවා චීනයේ හදන වාහන බවත් ඔහු සඳහන් කළේය. ඉට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී…

Read More

අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ ඊයේ (30) වැඩතහනම් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල අපරාධකරුවෙක්අද මෙලෙස පලාගොස් තිබුණිග රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් පලාගිය සැකකරුට එරෙහිව තිබු බවද පොලිසිය පැවසුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්නපුර මුලස්ථාන පොලීසියේ රාත්‍රී කාර්යභාර නිලධාරීවරයාට සහ උප සේවක නිලධාරියාට සැකකරු බාරදී තිබුණ බවද පොලිසිය පැවසුවේය.

Read More

කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ දූවේමෝදර පදිංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි. මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි. මේ වැඩි තැබීම අද(31)අලුයම පහත් පහයි කාලත් අතර සිදුවන්නට ඇතැයි පොලීසිය කියයි. මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවද පොලීසිය කියයි.

Read More

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කියයි. දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක

Read More

තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්‍රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක් කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වාදී තිබේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අයහපත් කාලගුණික දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අර්කමණ්‍යවීම්වලදී රක්‍ෂණාවරන ලබාදීම සිදු කෙරේ. ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණ හෝ වෙනත් අකර්මණ්‍යතාවන් සඳහා මෙහිදී ප්‍රතිලාභ සැලසෙන බව සදහන් වේ. ඒ යටතේ රු.2000/- වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්‍ෂ 12ක වන්දියක් මෙම රක්ෂණ ක්‍රමය…

Read More

වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළත් වී ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමුකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මෙම දිනවල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම වංචාකරුවන් විසින් පරිශීලිකයන් රවටා වට්ස්ඇප් OTP අංකය ලබා ගෙන ඔවුන් වෙත ව්‍යාජ පණිවුඩ යොමු කර මුදල් වංචා සිදුකරන බවය. ඒ අනුව මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මහජනතාවට දැනුවත්ව සිටින ලෙස පොලීසිය දන්වා සිටී. එමෙන්ම පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයන් වෙත අන්තර්ජාල ගිණුම්හි OTP අංක ලබා නොදෙන ලෙසය.

Read More

වේරල තීරයේ අනවසර ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

Read More