Author: LANKA24X7

පසුගිය කාලයේ ලබාදුන් ඇතැම් මත්පැන්හල් බලපත්‍ර සඳහා සුරාබදු දෙපාර්තමේන්තු ඇතැම් නිලධාරීන් ලක්ෂ 200ක කොමිස් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. එලෙස අල්ලස් ලබාදී විවෘත කළ සුරාසල්වල සියලු විස්තර මෙන්ම එම දූෂිත ගනුදෙනුවලට අදාළ හඬපට පවා තමන් සතු බව ඔහු අනාවරණය කරයි. පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් කරුණු දැක්වූ වසන්ත සමරසිංහ මහතා එලෙස අල්ලස් ලබානොදුන් පුද්ගලයන්ට මත්පැන්හල් බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බව ද එම නිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණ සිදුකර රටට අයවිය යුතු බදු මුදල් අය කරගැනීමට කටයුතු කරන…

Read More

සුරාබදු දෙපාර්තමේන්තුව නව බලපත්‍ර 172ක් ලබාදී රුපියල් කෝටි 220ක ආදායමක් උපයාගෙන ඇත. මෙම නව බලපත්‍ර ලබාදීම පසුගිය වසරේ (2023) මැයි මාසයේ සිට මේ දක්වා සිදුකර තිබේ. පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේ නීතිවිරෝධී ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බවට චෝදනා එල්ල වුවත් එම බලපත්‍ර ලබාදී ඇත්තේ නීත්‍යානුකූලව බවත් ඒ සම්බන්ධ සියලු තොරතුරු නව රජයට ලබාදී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේත් මේ මස (සැප්තැම්බර්) 15 වැනිදා වන විට රුපියල් බිලියන 152ක සුරාබදු ආදායමක් ලබා ඇති බවත් මේ මස අවසන් වනවිට එය රුපියල් බිලියන 162 දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීය. 2023 සහ 2024 වර්ෂවලට…

Read More

මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදි සුක්ෂම ලෙස පවත්වාගෙන යන ලද ගංජා හේනක් පිළිබද යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මොණරාගල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අද (29) වැටලීමක් සිදුකර ඇත. එහිදී අක්කර එකහමාරක භුමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා පැල 45,000 කට ආසන්න ප්‍රමාණයක් ඇත්අඩංගුවට ගෙන ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදි මෙම ඉඩමේ රැදි සිටි ජූලම්පිටිය හා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවු 63 ක හා අවු 31 ක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිලිබඳව වැඩිදුර පරික්ෂණ හම්බේගමුව පොලිසිය විසින් සිදුකරනු ලබන බවට අනාවරණය වී ඇත.

Read More

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඉදිරි මහ මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය. පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා දෙකක් ඊයේ (28) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. පළමු සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම්වරුන් හා නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ද එක්ව සිටියේය. මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර කොමසාරිස්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර තවත්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. සනත් ජයසූරිය මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා පත් කෙරුණේ ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි සඳහාය. සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණි. පසුව එම තරගාවලි දෙක නිම වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ද සනත් ජයසූරිය මහතාව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමටය. එවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට්…

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට නියමිත ඡන්ද පොළේ දී ස්වකිය ඡන්දය දීමට නොහැකි වේ යැයි සාධාරණ බයක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් යම් ඡන්ද පොළක දී ඡන්දය දීමට අවසර ඉල්ලා සිටිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අදාළ ඡන්දහිමියන් සඳහා වැඩපිළිවෙළක් සැකසිය හැකි බව සඳහන් කරන මැතිවරණ කොමිෂන් සභාව නාමයෝජනා දැන්වීමෙන් සතියක් ඇතුළත ලියාපදිංචි ඡන්දහිමියකුට තමන්ගේ ඡන්දය වෙනත් ඡන්ද පොළක දී ප්‍රකාශ කිරිමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලුම් පත්‍රයක් යොමු කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. මෙම ඉල්ලුම්පත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ තමන් පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ඉදිරිපත් කළ…

Read More

මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය තුළ දැන් සිදුකෙරෙන මුද්‍රණ කටයුතු වෙනුවෙන් තවදුරටත් දැඩි පොලිස් රැකවරණ යොදා ඇත. එම මුද්‍රණ කටයුතු සිදුකරන විශේෂ කාමරවලට සහ රජයේ මුද්‍රණාලය අවට මෙම පොලිස් රැකවරණ යොදා තිබේ. මෙම මැතිවරණය සඳහා අවශ්‍ය විශේෂිත කඩදාසි ඉදිරි මැතිවරණ කීපයකටම අවශ්‍ය තරම් ගබඩා කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

Read More

ලබන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දේශපාලන පක්ෂ පිළිබඳව කඩිනමින් විස්තර තමන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. තමා කළ ඉල්ලීමට කන්දුන් දේශපාලන පක්ෂ දෙකක් දැනටත් එම විස්තර දැනුම්දුන් බව කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමා මෙම ඉල්ලීම කරනු ලබන්නේ මෙම මැතිවරණ කටයුතු කල්තියා සැලසුම් කිරීමට හැකි වෙන නිසා යැයිද කීය.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මස 30 වැනිදා ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළ යුතුව ඇතැයි හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම මිල සංශෝධනයේදී ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ වේදිකාවේ දී දුන් පොරොන්දුව අනුව ඉන්ධන මිල සදහා පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලා සිටියි. එවිට ඉන්ධන ලීටරයකට 150/- ක් පමණ වන බද්ද ඉවත් කර රුපියල් 100ක වැනි මිලකට ඩීසල් ලීටරයක් ලබා දිය හැකි බව ද කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

Read More

පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත.ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව වාර්තාවේ.එවැනි සිදුවීම් හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යංශ ලේකම්වරිය පෙන්වා දෙයි.මේ හේතුවෙන් පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නොකළ යුතු බවට අවධාරණය කර ඇති අමාත්‍යංශ ලේකම්වරිය එවැනි ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගත…

Read More