Author: LANKA24X7

හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි එකළොස් හැවිරිදි පාසල් සිසුවියෙකි. අදාල සිසුවිය පාසල නිම වී බස් රථය වෙත පැමිණ ඇති අතර එහිදී ඇති වූ හදිසි ක්ලාන්තයක් හේතුවෙන් ඇය බිම ඇද වැටී ඇත. එහිදී පාසල් බස් රථයේ සේවකයන් විසින් ඇයව කඩිනමින් කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කෙසේ වෙතත් අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මරණ පරීක්ෂණය පැවැත්වුවද මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වී…

Read More

වවුනියාව නෙදුන්කේනි සිය නිවසේ වූ මඩුවක නිදා සිටි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙදුන්කේනි පොලිසිය සදහන් කරයි. නිවස ඉදිරි පිට පිහිටි මඩුවක් තුල මෙසේ නිදා සිටියදී සිය මස්සිනා පැදවූ ටිපර් රථයට යට වී ඇතැයි කියයි. අනතුර සිදු වීමෙන් පසුදා උදෑසන මෙසේ අදාළ පුද්ගලයා ටිපර් රථයට යටව ජිවිතක්ෂයට පත්ව ඇති බව නිවැසියන් දැක තිබේ. ඒ අනුව ටිපර් රථය පැදවු මස්සිනා නෙදුන්කේනි පොලිසියට භාරවී තිබේ.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුර⁣ගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ ඊයේ (02) පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ”පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන් මෙරට විසිතුන් දහසකට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල මුළුමනින්ම ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවත්ය. මෙම ස්ථන මාරු ක්‍රියාපටිපාටීන් ආයතන සංග්‍රහයේ පැහැදිළිව දක්වා ඇතැයිද පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ඒකකය විසින් අත්තනෝමතික ලෙස මෙම කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලු මේ වන විට මතුව ඇති බවය. මේ හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් 23,000කගේ පමණ ස්ථාන මාරුවීම්…

Read More

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට විසින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදීය. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සහග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය. සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි. කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය. පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි. අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.

Read More

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණියක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) මෙම අනතුරු සිදුව තිබුණේ පොළොන්නරුව සහ කළුතර දකුණ පොලිස් වසම්වලදීය. පොළොන්නරුව – හබරණ මාර්ගයේ 63 වන සහ 64 කිලොමිටර් කනුව අතර ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී පසුපැදිකාරිය ටිපර් රථයට යටවී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියෙකි. මේ අතර කාලයේ කළුතර දකුණ පොලිස් වසමේ පලාතොට – නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් යතුරුපැදි දෙකම එකවර ඉස්සර කිරීමට යාමේදී…

Read More

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ. තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරති.

Read More

අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ (02) දිනයේදීද පැවැත්විණි. රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී. ඒ අනුව ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අයිස් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකුද ඇතුළත්ව නොයෙකුත්…

Read More

ඔහිය – උඩවේරියවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී මෙම මළ සිරුර හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේය. මෙසේ මිය ගොස් ඇත්තේ උඩවේරියවත්ත ඔහිය පන්සල අසල පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හල්දුම්මුල්ල හා බණ්ඩාරවෙල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More