Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දේශීය කර්මාන්තකරුවෙක්ට කිසියම් ආනයනකින් බලපෑමක් ඇතිවන්නේ නම් ඉන් ආරක්‍ෂා වීමට පනත් දෙකක් හදුන්වාදී ඇති බවත් කර්මාන්තකරුවන්ට ඒ සඳහා වාණිජ දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කළ හැකි බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (19) පැවසීය. දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්තකරුවා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් හදුන්වා දුන් 2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත පිළිබඳව දැනුවත් කිරීමට කොළඹ පනදම් ආයතනයේදී ඊයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවේකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එසේ සඳහන් කළේය. කිසියම් ආනයකරුවෙක් සහනාධාර ලැබෙන භාණ්ඩයක් ආනයන කර වෙළෙඳපොළට සපයන්නේ නම් දේශීය කර්මාන්තයට බලපෑමක් වන බවත් මිල සඟවා ආනයන කරන්නේ නම් එය ද…
අදහන සහ විශ්වාස කරන බුද්ධ දර්ශනයට අනුකූලව රණවිරු දරුවන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි උතුම්ම කාර්ය පින් සහ සෙත් පැතීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. කොටි ත්‍රස්තවාදය පරාජය කළ විජයග්‍රණය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. සංග්‍රාම භූමියේදී රට වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් පිං පැමිණවීම, ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත්වූ සහ සෙසු සියලුම රණවිරුවන් වෙනුවෙන් සෙත් පැතීම සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සියලුම සිවිල් වැසියන් වෙනුවෙන් පිං පැමිණවීම පිංකමේ අරමුණ බවට පත්වූ බව ද ඒ මහතා කීය. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඇතැම් සේනාංකවල යුධ සෙබළුන් ඔවුන්ගේ දෑතින්ම…
ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරු, කොමසාරිස්වරු සහ තානාපතිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (19) හමුවූහ. ඉන්දියාව සඳහා පී.එම්. කොලොන්නේ, නිව්යෝර්ක් සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයන්ත ජයසූරිය, කියුබාව සඳහා ආර්. එම්. මහින්දදාස රත්නායක, පාකිස්ථානය වෙනුවෙන් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න, ජපානය සඳහා මහාචාර්ය පී. ජානක කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා මහාචාර්ය අරූෂා කුරේ, එක්සත් රාජධානිය සඳහා එස්. ඩී. එන්. යූ. සේනාධිර යන මහත්ම මහත්මීහු මහකොමසාරිස්වරු , කොමසාරිස්වරු සහ තානාපතිවරු ලෙස පිටත්ව යාමට නියමිතය. නව තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් සිය ධූරකාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන කරුණු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට ද කටයුතු කළ…
විෂමාචාර සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) පස්වරුවේ පළමුවරට පෙනී සිටියේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නීතිඥ සංජය වීරවික්‍රම මහතාද සමග එම කමිටුව හමුවේ මෙසේ පෙනී සිටියේ ඉන් කෙරුණු දැනුම්දීමක් අනුවය. මෙහිදී පොලිස්පතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා කමිටුව ප්‍රතික්ෂේප කළේය. කමිටුව මුලින්ම චෝදනා විසිතුනකින් සමන්විත චෝදනා පත්‍රය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට භාර දුන්නේය. වග උත්තර කාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර් එස් වීරවික්‍රම මහතා මූලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කළේය. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්…
ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. මෙම නව ‘කොවිඩ් 19’ වයිරසය වැඩියෙන්ම ව්‍යාප්ත වන්නේ සිංගප්පූරුවේ සහ හොංකොංවල යැයි පැවැසෙයි. ඊට අමතරව, ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකින් සහ තායිලන්තයෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත. මෙම නව ‘කොවිඩ් 19’ ප්‍රභේදය එල්.පී.8.1 යනුවෙන් නම් කර ඇති අතර, එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවැති 16 වැනි රණවිරු සැමරුම් උළෙලේදී ඔහු ඒ බව පැවැසීය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය. විටින් විට බලය ලබා ගැනීම සඳහාත්, බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, බලය පාවිච්චිකර සිදුකළ අපරාධ වසා ගැනීම සඳහාත් යුද්ධය උපයෝගී කරගෙන තියෙනවා. එසේ නොවීමට ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරගත වී සිටිය යුතු නැහැ.…
ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද (19) පැවැත්විණි. ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන දුරදර්ශී ආර්ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා, ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ප්‍රංශ රජය ඉතා කැමැත්තෙන් සිටින බවද දන්වා තිබේ. මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රංශ තානාපතිවරයා හමුවේ පවසා ඇත්තේ දෙරට අතර ඇති ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්ය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය බවය. එහිදී දෙපාර්ශ්වයටම වාසිදායක වන අයුරින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බවද ප්‍රංශ තානාපතිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල නිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ. ඒ සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පෙනී සිට ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසියට ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා විසින් අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල සිදුකර ඇත. වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවට ඔහු චෝදනා කරයි. මෙසේ ටෙන්ඩර්වල සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසයි. එමෙන්ම ඔහු පැවසුවේ නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියාකරන ලෙස ද ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින බවය.
ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි වරෙන්තු ලද හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලැබෙන විසි හය දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනු ජාල ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. සැකකාර අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි පසුගිය සිකුරාදා දින වරෙන්තුවක් නිකුත් කළ අතර එම වරෙන්තු වූ ප්‍රකාරව අද උදෑසන සැකකරු අධිකරණයට භාරවිය. සැකකරුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සේවා දායකයාගේ වරෙන්තු ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් අල්ලස් කොම්ෂමේ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 26තෙක් ප්‍රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
