Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයිනේ පෙනහලු පිළිකා ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ උර කුහර සෛල ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවසීය. විශේෂයෙන්ම පිරිමින් තුළ පෙනහලු පිළිකා ඇතිවීම ඉහළ බව ද ඔහු කීය. වැලිසර ළය රෝහලේ ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී ඉද්දගොඩ මහතා මෙසේ පැවැසීය. මෙම මාධ්‍ය හමුව ජත්‍යන්තර පෙනහලු පිළිකා දිනය වෙනුවෙන් පැවැත්විණි. පෙනහලු පිළිකාව සම්බන්ධයෙන් ජනතාවට තිබෙන්නේ ඉතා අල්ප අවබෝධයක් බව ද විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවැසීය. වැලිසර ළය රෝහල, කොළඹ ජාතික රෝහල සහ මහනුවර ජාතික රෝහල්වල දත්ත අනුව පසුගිය අවුරුදු 5-10 තුළ රටේ පෙනහලු පිළිකාව කැපී පෙනෙන අයුරින් වර්ධනය වී ඇති බව පෙන්නුම් කරන බව ඔහු…
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට , ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාළය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05 ක් වැනි සුළු කාළයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් ඊයේ විවෘත විය . වසරකට වඩා වැඩි කාළයක් මෙරට රැදී සිටින විදේශීය සංචාරකයන්ට , ඔවුන් සතුව බර වාහන සදහා ද රියැදුරු බලපත්‍ර තිබේ නම් ඔවුන් සදහා ද , ත්‍රිරෝද රථ පැදවීම සදහා ඉන්දියාව වැනි රට වල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා ද , ඔවුන්ට එම රටවල රියැදුරු බලපත්‍ර තිබේ. නම් ඔවුන් සදහා ද මෙම ශාඛා කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගත හැකිය . විද්‍යත් තැපෑල මගින්…
වත්කම් බැරකම් ප්‍රකාශ පසුගිය ජුනි මස 30 වැනිදායින් පසු බාර නොගන්නා ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම ප්‍රකාශ බාරදිය යුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. එම ප්‍රධානීන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් නීතියට අනුව කටයුතු කෙරෙනු අැත මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තමා ආයතන ප්‍රධානීන්ට බාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගන්නා ලෙස එම කොමිසම දැනුම්දෙයි ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 30 වැනිදා සිට අගෝස්තු 31 දක්වා පනතේ ප්‍රකාරව ෙෙදනිකව දඩ මුදලක් අය කෙරේ. එය එක්…
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී සිදුවී ඇතැයි පැවැසෙන විවිධ හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය. ඇය මෙරට ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක නඩු විභාග ගණනාවක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පළපුරුදු විනිසුරුවරියකි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව ගෙන ඇති තීරණයක් අනුව මෙම පත් කිරීම කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි. හිටපු මහාධිකරණ විනිසුරුවරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 11 වැනිදා විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු – මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇත. උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාතවල පස්වරු 1.00 පමණ පසු තැනින තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිසත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (01) කටයුතු කර ඇත. වැඩ තහනම් කිරීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අසනින් යුතුව දිසා විනිසුරුවරයාට යොමු කර ඇති බව පැවසේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලිණ ගමගේ මහතා සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විනය පරීක්ෂණයක් හේතුවෙන් මෙම වැඩ තහනම සිදු කර ඇත. පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එම චෝදනා පත්‍රයට අනුව දින 21ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇත. තිලිණ ගමගේ මහතා විසින් “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණය…
2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09කින් ප්‍රමාද වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඉදිරි දින කිහිපය තුළදී ස්ථාන මාරු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදෙන විසඳුම් මත හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් ඔහු සඳහන් කළේය. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇති අනවශ්‍ය ගැටලුකාරී සහ ගැටුම්කාරී වාතාවරණය මෙහිදී විශේෂ අවධානයට ලක්වූ…
වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය. රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ප්‍රේමසිරි රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි. අදාළ චෝදනා පත්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර…
විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත් සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක සිසුන් තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ අවශ්‍ය මූලික කුසලතා ඒ දරුවන්ට නැහැ. පාසලේ දී ඉගෙන ගතයුතු දේ විශ්වවිද්‍යාලයේදී උගන්වන්න ඒ නිසා අපට සිද්ධ වෙනවා. ඒ පාසල් අධ්‍යාපනයෙන්…
ප්‍රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම ගෝලයකු පානදුර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 4,665ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. සොරා ගත් තීරෝද රථ දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. එමෙන්ම පොලීසිය සැක පල කරන්නේ අදාල සැකකරු, ඩුබායි සුද්දා විසින් whatsapp හරහා ඊසිකෑෂ් ක්‍රමය යටතේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ පුද්ගලයෙකු වන බවය.
