Author: LANKA24X7

නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි වාර්තාවේ. හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළියේ සිට හග්ගල දක්වාත්, නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ බඹරකැලේ දක්වාත් මෙම ඝණ මීදුම් තත්ත්වයක් පවතී. වරින්වර මතුවන ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස නුවරඑළිය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ. ආබාධිත සහ විශ්‍රාමික රණවරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, හිටපු කථානායකවරු වන චමල් රාජපක්‍ෂ සහ මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජොන්ස්න් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්ත, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Read More

2015 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ගිනිඅවි පෙන්වා නිවසේ හිමිකරුට තර්ජනය කර එම නිවසේ තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස් රුපියල් 20,000/- මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ…

Read More

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර…

Read More

නිරිත දිග මමෝසම් තත්ත්වය දිවයින්‍ හරහා ක්‍රමයන් ස්ථාපිත මවමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය ස ම නුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

Read More

කලුතර ප්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. කළුතර නාගොඩ ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේදී ජනේලයක් කඩා ඇතුළුවූ මෙම පිය පුතු දෙපළ ලක්ෂ 15 ට ආසන්න රත්තරන් භාණ්ඩ සොරකම් කොට ඇති බව පොලිසිය කීය. සොරකම් කල රන් හාන්ඩ පෞද්ගලික ස්වර්ණාභරණ ආයතනයකට සහ උකස් මධ්‍යස්ථාන වලට අඩුමුදලට විකුණා තිබූ බවත් පොලිසිය කීය.

Read More

පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහකගේ නම් ඒ ඒ දේශපාලන පක්ෂ මෙතෙක් බාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතන වල නිල කාලය ආරම්භ වීමට පෙර සභිකයන් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු හෙයින් අපේක්ෂකයන්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුව සිය ඉදිරි විමර්ශන කටයුතු සදහා ලබන 28 වැනිදා නැවත රැස්වීමට නියමිතය. කමිටුව එදින පස්වරු 2.00ට පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8හිදී රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. කමිටුව පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා ඊයේ කැඳවා චෝදනා පත්‍රය භාර දුන්නේය.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී වසරේ මේ දක්වා කාළය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100, 413 ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වූ ප්‍රමාණය 64150 වන අතර. විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ලියාපදිංචි වූ ප්‍රමාණය 36 263 කි. මේ අතරට කාන්තාවන් 39496 ද පිරිමින් 60917 ක් ද ඇතුලත් වේ. වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 25672 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්,…

Read More

ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා වෙඩි ඝාතනය ලක්ෂ 10 කොන්ත්‍රාත්තුවක් මත සිදු වූ බවක් බව ගල්කිස්ස පොලිසිය කියයි. ඝාතනයට ලක්වූ 19 හැවිරිදි තරුණයා වෙඩික්කරුවන්ගෙන් බේරීම සදහා මාර්ගය දිගේ දිව ගොස් වෙරළ පාර ප්‍රදේශයේදී ෙදිවයාමට නොහැකිව‍ නතර වූ අවස්ථාවේ වෙඩික්කරුවකු ඔහු අසලට පැමිණ වෙඩි තබා යතුරුපැදියෙන් පලා යන අයුරු ද සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී තිබුණි. ඒ අනුව පොලිසිය දිගටම විමර්ශන සිදුකර තිබූ අතර එම ඝාතනයට ලක්වූ තරුණායගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවත් ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම තරුණයාට වෙඩි තබන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.

Read More