Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාතර වැලිගම නගර සභාවේ නව නගරාධිපති ලෙස මොහොමඩි අෆ්රාස් මහතා අද (14) වැඩ භාර ගෙන තිබේ. මෙම අවස්ථාව සදහා ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී අකම් ඉල්ලියාස් මහතා ඇතුලු පිරිසක් සහභාගි වී ඇත. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ඔහු සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ලබන 28වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය. මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.
ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. ඊයේ (13) සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු මෙලෙස කඩා වැටි ගිනිගෙන ඇති බව වාර්තාවේ. පොලීසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරණ බව විදෙස් මාධ්‍ය පවසයි. අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැත. තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් නොමැත. මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක් බව සඳහන් වේ.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස පත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහුගේ නම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනෙට් සභාවට යෝජනා කර ඇත. ජ්‍යේෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ කාර්යාංශ නිලධාරියා වෙයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශ අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු වෙත පැවරී ඇති වගකීම් බව සඳහන් වෙයි. මොහු නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ…
පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ. ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුරට ලක්විය. ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය. ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ අනපේක්ෂිත චලනයකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු වී නොමැත. අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය. මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි. එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය. එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි. සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය. මේ අතර එක් එක් පළාත්…
අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙම වෙඩිතැබීම කුඩු සළිඳු සහ නිලංග අතර ගැටුමේ…
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි පිරිමි මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ. පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙකු බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය. මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බව වාර්තා වේ. පොලීසිය සැකපල කරන්නේ මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය…
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ අනුව ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ. එමෙන්ම දන්සල් පරික්ෂාව අද (10) දිනය පුරා සිදුකෙරේ. මේ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 ආසන්න සඛ්‍යාවක් සේවයේ යෙදී සිටි.
