Author: LANKA24X7

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමතයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය කටයුතු කරවා දීම වෙනුවෙන් මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා තිබුණි. පසුව අදාළ රු ලක්ෂ 5ක මුදල අයැද භාරගැනීමේ චෝදනාව මත පොලිස් ස්ථානාධිපතිවරයාව ඊයේ (21) සවස 5.25ට පමණ පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි කාර්යාලයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්…

Read More

කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් තොරව බව වැඩබලන කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ මුදල් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය

Read More

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඊයේ (21)දී පැවති සාකච්ඡාවේදීය. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. 2023 වසරේ සිට නවතා දමා තිබුණු රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම නැවත ආරම්භ කර මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂා කිරීම රජය සතු වගකීමක් බවද ධම්මරතන හිමියෝ මෙහිදී සඳහන් කළහ. “අනුබුදු දහමින් ලොවම නිවේවා” යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි. රාජ්‍ය පොසොන්…

Read More

බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණුව අසලදී සිය බාල සොයුරාට මන්නා පිහියක් පරහදී බරපතල කැපුම් තුවාල කළ අයියා ලබන 3 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ 21 දා සවස නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැවේ වේලු උදයකුමාර නමැත්තෙකි. මේ ගැටුමේදී අයිය මලෝ දෙදෙනාම තුවාල ලබා තිබූ බැවින් දෙදෙනාම රෝහල් ගත කර තිබිණ. බදුල්ල මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කිරිමෙන් පසු රිමාන්ඩ් ගත කරන ලොසට නියෝගය කළේය. පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැකකරු බදුල්ල බන්ධනාගාරයේ නිලධාරින් යටතට පත්විය.

Read More

රන් ආලේපිය ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ලබන 23 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය අද පොලිසියට අවසර දුන්නාය. මෙලෙස රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියම වූයේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් වැල්ලවත්ත ලිපිනයේ පදිංචි වයස අවු 69 ක් පමණ වන විසාකා අයිරාංගනී කුමාරී වීරකෝන් හා ඇයගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවක් වන ඇගිලිගුල්‍යා වීරකෝන් නැමැති කාන්තාවන් දෙදෙනාය. වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක ටී 56 ගිනි අවියක් තිබී හමු වූ බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුක් මත පරික්ෂා කිරීමේ දී රත්තරන් පැහැති සහ…

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් එම මණ්ඩලය කියයි. එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ද එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල එළැඹෙන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (21) නියෝග කළේය. මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය මගින් ඊයේ (20) නම් කළේය. ඒ අනුව රමිත රඹුක්වැල්ල අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී, ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ඇතැම් ලේඛන අද දින විවෘත අධිකරණයේ ලබාදෙන බව පැවසුවේය. සමහර ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂාවට ලක්කර ලබාදිය යුතු බවත් ඊට අමතරව විත්තිය ඉල්ලා සිටින තවත් ලේඛන සමහරක් ඉදිරියේදී…

Read More

ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශන සිදුකරමින් පවතින බවය. ඒ අනුව ඊයේ (20) රාත්‍රී කාලයේදී ගල්කිස්ස, ඕඩියන් ප්‍රදේශයේදී අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 33 ක් වූ ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්කිස්ස කොට්ඨාස…

Read More

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව සඳහන්ය. පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800ක් ඊට අයත් බවයි “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට මාසික ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර වාර්ෂික අවශ්‍යතාවය ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 80,000කි. කන්න දෙකකදී මෙරට ලුණු අස්වැන්න ලබා ගන්නා අතර එක් කන්නයක අස්වැන්න…

Read More