Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර,නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක වැසි ඇති වේ.

Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය. එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළහ. විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය…

Read More

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති රූවෙන් අසාර් මහතා අතර හමුවක් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂිකර්මික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාවට ගැලපෙන කෘෂිකර්මික ආකෘතියක් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සංචාරය කරන්නැයි තානාපතිවරයා මෙහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට ආරාධනා කළේය. එම සංචාරයේදී ඊශ්‍රායලයේ නවීන කෘෂිකර්ම තාක්ෂණයන්, ව්‍යාපෘති සහ ක්‍රමවේද දැකබලා, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ලබාගත හැකි වනු ඇතැයි තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධිප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුකරය අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත් ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ…

Read More

පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක් වශයෙනි. නව සංශෝධනය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩි වනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිල රුපියල් 1500සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත. සේවකයන්ගෙන් ඉදිරිපත් වුණු යෝජනාවක් අනුව මාසික කෑම බිල මෙසේ වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල වසර තුනකට වරක් සමාලෝචනයට ලක්කෙරේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිල රුපියල් 2000ක් දක්වා මෑතකදී වැඩි කෙරිණ. පාර්ලිමේන්තු ගෘහකාරක…

Read More

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. පුජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ සංකල්පයක් මත පාදුක්ක බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා 60 නමක් විෂයෙහි ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත ටැබ්ලට් පරිගනක සහ විහාරස්ථාන වෙත ත්‍රිපිටක ග්‍රන්ථ පරිත්‍යාග කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “ධර්මයේ පැවැත්ම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් සිදුකිරීම ඉතාමත් කාලෝචිතයි. වර්තමානයේ සිදුවන වේගවත් තාක්ෂණික දියුණුව, අධ්‍යාත්මික සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට අභියෝගයක්. නමුත් මෙම වැඩසටහනෙන් පැහැදිලි වෙනවා තාක්ෂණය සහ නවෝත්පාදන,…

Read More

රුපියල් කෝටි 7කට අධික වීථි වටිනාකමකින් යුතු ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (21) පස්වරුවේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතර අඹුසැමි යුවළක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් සිටි. මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන ඇති අතර පසුව ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත ගොස් එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. පසුව මෙම සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වන “රක්ත මාවත” ( Red Channel) ඔස්සේ මත්ද්‍රව්‍ය තොගය පිට කර ගෙන යාමට තැත්කළ…

Read More

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය. මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම් – වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය.

Read More

රු 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහවැලි අධිකාරියේ ඒකක කළමණාකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරුට, රණවිරු පදනම යටතේ නිවසක් සාදා ගැනීමට මහවැලි අධිකාරිය හරහා, ඇතුගල ප්‍රදේශයේ ලබා දී ඇති කොටසක් ලබා දෙන ලෙස කරන ලද නැවත පර්චස් 20ක ඉඩම වගුරු බිමක් සහිත නිසා වෙනත් ඉඩම් ඉල්ලීම අනුව, මහවැලි අධිකාරියෙන් වෙනත් ඉඩම් කොටසක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දී බලපත්‍රය ලබා දීමට උදව් කිරීම සඳහා මෙම රු 20,000ක මුදල අල්ලසක් ලෙස අදාළ නිලධාරියා විසින් ඉල්ලා තිබේ. ඒ අනුව මහවැලි අධිකාරියේ සේනපුර කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට…

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයට කළුතර මහනගර සභාවට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 04 වනදා පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාටය. සැකකරුවන් තිදෙනා සමඟ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ වෙඩි තැබීම සිදුකළ ගිනි අවියද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එක් සැකකරුවෙකු පළමුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් සැකකරුවන් දෙදෙනා සහ වෙඩිතැබීම සිදුකළ ගිනිඅවිය සොයාගෙන ඇත. එමෙන්ම සැකකරුවන් තිදෙනාගෙන්ම වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවෙන් පයාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සඟවා තිබු තවත්…

Read More