Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත. හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්තේය.
බොහොමයක් සභිකයන්ගේ ලයිස්තු තවමත් ලැබී නැති හෙයින් පළාත් පාලන ආයතන ලබන ජුනි මස 2 වැනිදාට පිහිටුවීම විශාල අභියෝගයක්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් බොහොමයක් සිය සභිකයන්ගේ නාම ලේඛන තවමත් ඉදිරිපත් කර නැති හෙයින් මෙම ගැටලුකාරි තත්වය පැන නැගී ඇත. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනට ලැබී ඇති සභිකයන්ගේ නාමලේඛන ගැසට් කිරීමට කටයුතු කරන බවයි. ලැබෙන ලැබෙන පරිදි නාම ලේඛන ගැසට් කරන බවද ඔහු සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත අනුව සියලුම පළාත් පාලන ආයතන ලබන ජුනි මස දෙවැනිදාට පෙර පිහිටවිය යුතුව ඇත.…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනකු ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රත්තොට සජබ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසයි. ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අළුවිහාරේ යන තිදෙනා සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය. දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බව ද රජිත් අළුවිහාරේ මහතා සඳහන් කළේය.
රැපියල් 3600ක් දක්වා ඉහළ දැමුණු පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 2500ක් දක්වා රුපියල් 1100 කින් අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාව ඊයේ (23) තීරණය කළේය. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල පසුගිය (22) වනතුරු පැවැතියේ රුපියල් දහසක් වශයෙනි. එම මුදල රුපියල් 3600ක් දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගිය (22) තීරණය කළේය. මාසික කෑම බිල එපමණ ප්‍රමාණයකින් වැඩි කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ හදිසියේ රැස්වී එම මුදල රුපියල් 1100 කින් මෙසේ අඩු කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු සේවකයන්ගේ සහ නිලධාරීන්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පෙරේදා යෝජනා…
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ. එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීම හා ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබා…
අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියමින් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙකු ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඊයේ (23) නියම කළය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට අමතරව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේම සේවය කරන බව කියන සහකාර කළමණාකාරවරු දෙදෙනෙකී. අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරු වලට අනුව…
පසුගිය රජයන් ලබා ගත් ණය මුදල්වලින් කෝටි විසි දෙලක්ෂයක් (ට්‍රිලියන 22ක්) ආගිය අතක් නැතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය. මේ මුදල කිසිදු පොතපතක වාර්තාවක සඳහන් නොවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා විගණකාධිපතිවරයා සහ දැනුම ඇති කණ්ඩායම් සම්බන්ධ කරගෙන දශක ගණනාවක් පිටුපසට ගොස් මේ තොරතුරු සොයා ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබද විවාදයේදීය. ආගිය අතක් නැති මෙම මුදල රටේ ශේෂ පත්‍රයේ පැහැදිලිව තිබෙන බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇතැයිද එදා හිටපු අය රට කළමනාකරණය කළ අාකාරය මින් පැහැදිලිවම පෙනී යන්නේ යැයිද ඔහු සඳහන්…
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . අද (24) අලුයම 3.20 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ . පාසිකුඩා සිට ගාල්ල බලා ධාවනය වූ ගාල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ . තුවාල කරුවන් වහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
නුවරඑළියේ සිට කුරුණෑගල දක්වා දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අනතුට ලක්වීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය. මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 11.45 පමණ බව පොලිසිය කියයි. නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේදි සිදූ වූ අනතුර සිදුව ඇති ඇත. තුවාල ලැබු තුවාල ලැබූ තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වරායකු පවසීය.
