Author: LANKA24X7

බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු වූ වෙඩි තැබිමෙන් තුවාල වූ එක් අයකු මියගිය බව බොරැල්ල පොලිසිය කියයි. එලෙස මිය ගොස් ඇත්තේ කැලණිය අකුරුෙපිටිය පාර පදිංචිව සිටි එස් මදුෂාන් නැමැති 23 හැවිරිදි තරුණයෙක්. අද දින පැවතීමට නියමිත ක්‍රීඩා තරඟයට සැරසිලි කටයුතු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු වාඩි වී සිටියදී යතුරු පැදියකින් පැමිණ ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ බව පොලිසිය කියයි. අපරාදය සිදුවූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 25 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

Read More

ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය කියයි. පසුගිය කාලයේ ඌව පළත් සභාවේ මැති ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් මෙම වාහන භාවිතා කිරම නිසා වාහන නඩත්තුවට සහ ඉන්ධන සදහා විශාල මහජන මුදලක් වැයවී තිබෙන නිසා ජනපතිතුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතන පරිහරණය කරන අති සුඛෝපභෝගි වාහන වැඩි මුදලට විකිණිමට කටයුතු කර තිබේ, මෙම වාහන සදහා ලංසු කැදවා තිබේන අතර අගෝස්තු 25 දින උදේ 10.30ට ඉහළම මිළ ගණන් ලබාදී තිබෙන ගැනුම්කරුවන්ට වාහන විකිණිමට කටයුතු කරයි,

Read More

ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පච්චනූර් ප්‍රදේශයේදී අද (08) උදෑසන මෝටර් රථයක් ටිපරයක ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මූතූර් පොලිසිය කියයි. . මෙසේ මියගොස් ඇත්තේ මූතූර්, තෝපූර්, අල්ලෙයි නගර් පදිංචි හිදායතූල්ලා ජෙම්සිත් (34) නැමැති අයෙකි. තුවාල ලබා රෝහල්ගත කළ රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් මූතූර් මූලික රෝහලේ සිට ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යැවූ බව මූතූර් පොලිසියේ නිලධාරියෙක් පැවසීය . ටිපර් රථය මඩකලපුව සිට වැලි පැටවීම සඳහා මූතූර් දක්වා ගමන් කර ඇති අතර ඊට ප්‍රති විරුද්ධ දිසාවෙන් ගමන් ගත් මෝටර් රථය මූනට මූණ හැපීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

Read More

මෙරට පරිහරණයට තහනම් රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ” ඊ ” දුම් වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. එම සැකකරු සමග ඊ දුම් වැටි 620 ක් පොලිස් භාරයට ගෙන ඇත. වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොකලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ඊ දුම් වැටි හොර රහසේ අලෙවි කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අදාල ස්ථානය වටලා දුම්වැටි තොගය පොලිස් භාරයට ගෙන හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළැඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය. නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය, ඇලමුල්ල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත. එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

Read More

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යතුරුපැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද( 07) පැවසීය. ඔවුන්ට දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇතැයි ඔහු සඳහන් කළේය.

Read More

පාවිච්චි කර නැවත බාර දීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබන අයවැයෙන් වාහනයක් ලබාදීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ලබන අයවැයෙන් මන්ත්‍රීවරුන් සඳහා මන්ත්‍රී කාලයට පාවිච්චි කොට නැවත බාරදීම සඳහා සහන වාහනයක් ලබාදීමට අපේක්‍ෂා කරනවා. බලය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. හැබැයි කුමන්ත්‍රණ කරන්න එපා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කීය.

Read More

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (07) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. සැකකරු අවුරුදු 42ක් සහ සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් බව සඳහන්ය. සැකකරුවන් ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතය.

Read More

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවය. දැනගන්නට ලැබුණ…

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි. මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ ඒ මහතා වෙත භාරදෙනු ලැබීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ ලිපිය ඔහුගේ නිවස වෙත ගොස් එම භාරදුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වු යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමි වුයේ නැත. කෙසේවෙතත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය. ඒ…

Read More