Author: LANKA24X7

හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල වලව් මහත්තයා ආර ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් අද අලුයම තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කොට ඇතැයි හුංගම පොලිසිය පවසයි. ඝාතනය වී ඇත්තේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට චෝදනා ලැබූ රන්න කැලණිගම පදිංචිව සිටි අයෙකු හා කුඩා වැල්ලේ පදිංචිව සිටි කාන්තාවකි. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මොවුන් දෙදෙනා ඝාතනය කොට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. හුංගම පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.

Read More

මත්කරල් රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ තිබී මිලිගෑම් 150 ප්‍රමාණයේ මත් කරල් 5 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයාට ඊයේ (6) සවස හයේ සිට පසු දින උදෑසන හය දක්වා පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය කියයි. සැකකරු එම රාජකාරියට වාර්තා නොකර අවසර නොලබා ස්ථානයෙන් බැහැරව ගොස් සිට නැවතත් පොලිස් ස්ථාන වෙත පැමිණීමේ දී පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අබියස දී රාත්‍රී 11 ට පමණ පරික්ෂා කිරීමේදී සැකකරු සතුව මෙම මත්කරල් තිබී සොයාගෙන ඇත.

Read More

දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ. එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යොදන දේශිය නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී 56 මැගසිනයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත. බොරැල්ල වනාත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් වන වනාතමුල්ලේ දුමින්ද සහ චතුගේ පාර්ශ්ව අතර පවතින ගැටුම්කාරි තත්ත්වය මත කිසියම් තැනැත්තෙක් ඝාතනය කිරීමට මෙම ආයුධ සඟවා සිටින්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී මීට පෙරද මෙම කණ්ඩායම් අතර ඝාතන කිහිපයක්ම සිදු ව තිබේ.

Read More

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු විය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලු දෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ. ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද (06) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය…

Read More

මාදම්පිටිය කුණු කන්දේ තිබී මෙරට නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හමුවී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. එම ගිනි ගිනි අවිය මලකඩ පැහැයෙන් යුක්ත බව පොලිසිය සඳහන් කරයි. කැලණිය පොලිසි විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට එම ස්ථානයෙන් යමින් සිටි පුද්ගලයකු මෙම ගිනි අවිය සම්බන්ධයෙන් ලබා දුන් තොරතුරකට අනුව ගිනි අවිය සොයාගෙන ඇත. එම ගිනි අවිය කිසියම් පුද්ගලයකුයි එම ස්ථානයට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ. ඒ අනුව මාර්ගය මතට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එමෙන්ම පස්සර කනවැරැල්ල බටහිර හෙළපොල ප්‍රදේශයේ නාය යාමක් සක්‍රීය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් තුනක පුද්ගලයින් ඉවත් කර ආරක්ෂක ස්ථාන වෙත යැවීමට පස්සර ප්‍රාදේශීය ලේකම්තුමිය පියවර ගෙන තිබේ. මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…

Read More

රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු කන්තලේ ප්‍රදේශයේ පදිංචි , ඩුබායි හි වසර තුන හමාරක කාළයක් විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළ 48 හැවිරිදි අයෙකි . ඔහු අද අලුයම 05.20 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ රෙදි සේදුම් කුඩු , චොකලට් සහ සුවද විළවුන්…

Read More

කීරී සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. නාඩු වී වැඩියෙන් වගා කර ඇති නමුත් කීරි සම්බා වගා කර ඇත්තේ ඉතා අඩුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය. මේ ප්‍රශ්නය මැද පාලන මිලක් නියම කිරීමෙන් විශාල අර්බුදයක් මතුවුණු බව පෙන්වා දෙන සිරිසේන මහතා පාලන මිල ඉවත් කිරීම නොකිරීම රජයට අයිති කාර්යයක් බවද සඳහන් කළේය.

Read More

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (5) පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එම ජාතික සැමරුම පැවැත්වුණු අතර ඒ හා සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිණි. නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරා දීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු විය. UN Habitat ශ්‍රී ලංකා…

Read More

මහල් නිවාසයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව එළඹෙන නොවැම්බර් මස 28වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා තීරණය කළේය. එහිදී චූදිත පාර්ශ්වයේ තර්කය වී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්වචනයන්ට පටහැනිව යන බැවින් හිටපු කැබිනට අමාත්‍යවරියකුට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරිය නොහැකි බවයි. මහාධිකරණය චූදිත පාර්ශ්වයේ විරෝධය ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීම සඳහා දින නියම කළේය. මහල් නිවාසයක් මිලදී ගැනීමට අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් සමාගමක් සමාගමක් විසින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීමක් කරනු ලැබ තිබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා…

Read More