Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, “අපිත් කියනවා ඖෂධ හිඟයක් තියෙනවා. ඒ්ක අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන එකක්. ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ ඖෂධ හිඟය තවත් වැඩි වුණා. ඒ් තදබදය තාම තියෙනවා. ඒ්ක නිසා අපේ සැපයුම් ජාලයේ වරින්වර දුර්වලතා ඇති වෙයි. සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 150ත් 180ක වගේ හිඟ තාවයක් ඇතිවෙනවා. ඒ්ක අපි පිළිගන්නවා. මුළු ලංකාවේම නෙමෙයි ඒ් හිඟ තාවය ඇතිවෙන්නේ…
සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදි මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලා…
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ලොරි රථයේ පසුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දින ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වූ ස්ථානය ආසන්නයේ ම මෙම අනතුරත් සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණ මල්විල මූලස්ථාන පොලිස්…
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඇතැම් රෝගීන් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවා නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බවද එහිදී හෙළි වී ඇත රෝහල්ගතවූ ඇතැම් රෝගීන් ගෙවීම් සිදු කර නැති බවත් විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නැති බවත් කෝප් කමිටුව පවසයි. මෙම දූෂණ වංචා සහ ක්‍රමිකතා විමසීම සඳහා රෝහලේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමටද මෙහිදී තීරණය කර ඇත. මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බවට එහිදී තොරතුරු අනාවරණය විය. මේ පිළිබඳ තොරතුරු…
සීසීටීවී කැමරා සවිකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. මෙසේ සීසී ටීවී කැමරා සවිකරන ලෙස නිර්දේශ කර ඇත්තේ පොලිස් ස්ථානවල පිළිගැනීමේ ස්ථාන සිරමැදිරි ආලින්ද හා රැඳවුම් ස්ථානවලය සිරගත කිරීම්වලදී මරණ සිදුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොදු මාර්ගෝපදේශ යටතේ මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
මාලිමාව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලූ බව සඳහන් කරමින් ආණ්ඩුව ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය යොදාගෙන බොරු මාධ්‍ය ෂෝ එකක් කරන බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. විපක්ෂය බියට පත් කිරීමේ අරමුණින් කරන මෙම මාධ්‍ය ෂෝ එකෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව බියට පත්වී ඇති තරම බවද හෙතෙම සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ නම් පවා ගැසට් කර නොමැති අවස්ථාවක ආණ්ඩුව බලය පිහිටුවා ඇතැයි පවසන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන රහුමාන් මහතා එහි බලය කාටදැයි තීරණය කෙරෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා ලබන 2 වැනිදා පවත්වන ඡන්ද විමසීමේදී බවද ප්‍රකාශ කළේය. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් පෙන්නුම්…
පෙර එකඟවූ ක්‍රියාමාර්ග වන විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ පිරිවැයට සරිලන ලෙස විදුලිය ගාස්තුව ස්වයංක්‍රීයව සංශෝධනය වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සහතික කිරීම මත සිව්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට විධායක කමිටුව රැස්වෙන දිනය නිශ්චිතව පැවැසිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළේය. සිවුවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව මූල්‍ය සහතික සමාලෝචනයද සම්පූර්ණ කළ යුතු බවත් කොසැක් මහත්මිය පැවැසුවාය. මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය තහවුරු ගැනීමට අවස්ථාවක් ලැබෙන…
හෙද සේවයේ 3147 දෙනෙක් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ පත්වීම් ලැබූහ. හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනකු සඳහා උසස්වීම් ප්‍රදානය කෙරිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
මාලනී තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත අග්‍රගන්‍ය රංගනවේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ වියෝව සම්බන්ධයෙන් ශෝක සටහනක් තබමින් පවසයි. “1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය. ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි. දශක…
දිවයිනේ නිරිත දිග කොටසේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. හෙට පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර හා සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙම වැසි තත්ත්වය ඇති විය හැකි බවය. නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවලට පවතින මෙම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුල ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු මැද, වයඹ හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්…
