Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකුට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. එම සැකකරු සමග හොරයින් මත්කුඩු කිලෝ 1 ගෑම් 66 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 308 ක් පොලිසිය සදහන් කරයි. ගෝනහෙන කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකර සමඟ මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගස් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි.
නීති විරෝධීව තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම් වැටි තොගයක් කොටහේන පොලිසියට අයත් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. එම සැකකරු සමග දුම් වැටි 24000 ක් අඩංගු කාටුන් පෙට්ටි 120 ක් පොලිස් භාරයට ගෙන ඇත. ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහෙන විහාරස්ථානයක් අසලදීය. පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත.
මිලි මීටර් 9 පිස්තොලයක් සමග පොලිස් අණ නොතකා පලා ගිය සැපරියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය කියයි. ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ සිට සැකකරු සිය බිරිද සමග නුවරඑලිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේ වටවල පොලිසිය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් ජීප් රථය නතර තර පරික්ෂා කරන අවස්ථාවේ ජීප් රථය තුල මිලි මීටර් 9 පිස්තොලයක් තිබෙන බවට දැක සැකකරුගෙන් පිස්තෝලය භාවිතා කිරිම සදහා බලපත්‍රයක් තිබේද යන්න පිලිබදව කරුණු විමසන අවස්ථාවේ සැකකරු ගිනි අවියද සමග ජීප් රථයෙන් නුවරඑලිය දෙසට පලා ගොස් ඇත. සිද්ධිය පිලිබදව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරිමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස…
බලන්ගොඩ දෙහිගස්තලාව මහවත්ත ප්‍රදේශයේ ඇති නිවසක අද (09) දා අලුයම ඇති වු ගින්නක් හේතුවෙන් වයස අවුරුදු හතක පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. නිවස ගිනි ගැනිමත් සමග මෙම දරැවා පිලිස්සුම් තුවාල සහිතව බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙිදි මෙලෙස මියගොස් ඇත.
2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ මේ යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා ආදි වගාවන් සඳහා අක්කර 87,690ක වගා කළ ගොවීන් 74,958ක ප්‍රමාණයක් සඳහා අදාළ මුදල් ලබා දී ඇති බවය. එම වගාවන් සිදුකරන ගොවීන් හට නියඟය, ගංවතුර සහ වන අලීන්ගෙන් සිදුවන හානිවලට ලක්වන අවස්ථාවේදී තම වගා බිම් හෙක්ටයාර එකකට රුපියල් 100,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම්ද සිදුකරනු ඇති බවත් එම මණ්ඩලය පවසයි. ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කිරීම…
වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිදුවීමට තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් සහ අපරාධයට භාවිත කළ බවට සැක කඩු 4ක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට වත්තල පොලීසියට ඉදිරිපත් කර තිබේ. පසුගිය ජූලි 19 වන දා රාත්‍රීයේ දෙමහල් නිවසක් තුළ දී මෙම ඝාතනය සිදුකර තිබුණි. ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබේ. මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී…
එළැඹෙන අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත. ඒ අනුව එළැඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ. 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා ඒ සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර, සබරගමුව, සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර,පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ තැනින් තැනට වැසි ස්වල්පයක් ඇති විය හැකියි. වැසි සමග තාවකාලික සුළං තත්වයක් ඇති වේ.
ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී දැන ගන්නට ලැබුණේ මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවයි. ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් හත් දෙනකු ඉල්ලා අස්වී ඇතැයි ද ඔහු කීවේය. ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පනස් හත් දෙනකු මුදා හැර ඇති බව පැවැසූ අමාත්‍යවරයා වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇතැයි ද සඳහන් කළේය. ඔහු මෙසේ පැවැසුවේ මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 1139ක…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට පැවැති සාකච්ඡාවලදී විද්‍යුත් වාහන ඇතුළුව ඇමෙරිකානු වාහන තීරු බදු රහිතව මෙරට වෙළෙඳපොළට ගැනීමට අවස්ථාව දෙන්නැයි යෝජනාවක් ඉදිරිපත් වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළෙඳාමේ දී ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් තිබෙන වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහා ඇමරිකානු පාර්ශ්වය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බව ආරංචි මාර්ග පැවැසුවේය. කෙසේ නමුත් ඇමරිකාවේ එම යෝජනාවට රජය එකවර අනුමැතිය නොදුන් බවත් මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය අදියෙරන් අදියර සලකා බලනු ඇති බවට එහිදී ඇමරිකානු පාර්ශ්වයට දන්වා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද…
