Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර . දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.

Read More

මහජන ප්‍රශ්නයක් රැගෙන එන පුරවැසියකුට හිතේ කලකිරීමෙන් යුතුව ආපසු යාමට ඉඩ නොතබන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන ආයතන වලට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් අමතමින් කොළඹදී පැවසීය. පුරවැසියාගෙන් ඉගෙන ගත යුතු දේ ඉගෙන ගනිමින් මහජන සේවය සැලසීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා කීය. අලුතින් දේශපාලනයට ප්‍රවිෂ්ට වන පිරිසට පළාත් පාලන දොර විවෘත කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ 3926ක් වන මන්ත්‍රීවරුන් අතරින් රට බාරගන්නා නායකයෙක් බිහි විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. සමාජයක් ඉදිරියට යාමට නම් නව ජාන, නව හුස්ම ඇතුළත් කළ යුතු බව කී ජනාධිපතිවරයා නව දැනුම, නව…

Read More

මෙරට විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ තනතුර පුරප්පාඩු වී මාස දෙකක පමණ කාලයක් ගතවී තිබුණ ද එම පුරප්පාඩුව පිරවීමට දේශපාලන අධිකාරීය අසමත්වීමෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති. එම රෝහලේ හිටපු අධ්‍යක්‍ෂවරයා උසස්වීමක් ලබා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස පත්වී මාස දෙක්ක පමණ වන බවත් එතැන් සිට රාගම රෝහලේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂවරයෙක් කොළඹ ජාතික රෝහලේ වැඩ ආවරණය කිරීමට යොදවා ඇති බවත් වෛද්‍යවරු කියති. වෛද්‍යවරු 1500 සහ විශේෂඥ වෛද්‍යවරු 200 ක් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 25,000 ක් පමණ සේවය කරන එම රෝහලේ අධ්‍යක්‍ෂ ධූරයේ වැඩ ආවරණය කිරීමට පමණක් නිලධාරියකු යෙදවීමෙන් ඇතැම් ඒකකවල ගැටලුකාරී තත්වයන් උද්ගතවී ඇති බවත් එසේ…

Read More

වාහන විෂ දුම නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ගැටලු කළමනාකරණය ක්‍රමෝපාය යටතේ අධික විෂ දුම පිට කරන වාහන හදුනාගැනීම සඳහා පොලිස් සීසීටීවී කැමරා පද්ධතිය යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සැළසුම් කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, කොමසාරිස් තොරතුරු තාක්ෂණ, වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. වාහන වායු විමෝචන භාරකාර අරමුදල රටට ඇති විශාල සම්පතක් වන බවත් වාහන විෂදුම කළමනාකරණය කිරීම හා ඒ සම්බන්ධ කාර්යයන් උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව සතු සීසීටීවී දත්ත ගැනීමට අමතරව මෙම සීසීටීවී…

Read More

ජනතා ප්‍රසාදයක් නොමැතිව දේශපාලනය කර පළක් නැති බැවින් තමා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා ඊයේ පැවසීය. අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙත ලිඛිතවද දැනුම් දුන් බව ජනිත් වික්‍රමතිලක මහතා තවදුරටත් පැවසීය.

Read More

රටේ ජනතාවට ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදු කරන මෙහෙය ඇගයීමට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පස්වරුවේ පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීය. ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ආර්ථික වශයෙන් ගොඩ නැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබා දීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික…

Read More

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත් බව බිංගිරිය පොලිසිය කියයි. තෙල්දෙනිය වැලිකැටිය පුටුහපුව ලිපිනයෙ පදිංචිව සිටි 24 හැවිරිදි රාජපක්ෂ උඩහේනේගෙදර සංජීවනි කුමාරි නැමති තරුණියක එසේ මියගොස් සිටියාය. අදාල විද්‍යා පිඨ සිසුවිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ අධ්‍යාපනය ලබන අතර තුර අදාල අධ්‍යන කටයුතු වෙනුවෙන් සකසා ඇති ප්‍රායෝගික ඉගැන්විම් කටයුතු සදහා හලාවත ආනන්ද ජාතික පාසලට ද යොමු කර සිටි සිසුවියක් බව කියයි. ඇය සාරියකින් ගෙලවැල දාගෙන ඇති බව පොලිසිය කියයි.

Read More

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු පානදුර මාදුපිටියේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ⁣ගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි. 9 එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අව්යකින් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත් , වෙඩිප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ලකර ඇති බවත් පොලිසිය සදහන් කරයි . මත්කුඩු ජාවාරමක් මුල්කර ගනිමින් වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සැක පල කරන බවද පොලිසිය සඳහන් කරයි .

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා නියෝග කළේය . කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පසුගිය (24) මහරගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි කාලය තුල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය කිහිපය තුල බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද , දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ක පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Read More