Author: LANKA24X7

ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙනයාමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරන ක්‍රීඩා සතිය වැඩසටහනේ සමාප්ති උළෙල අමතමින් අමාත්‍යවරයා මේ බව කීය. මෙහිදී ස්වවායු ව්‍යායාම වැඩසටහන ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් හා රිද්ම යෝගා ඇකඩමියෙහි (Rhythmic Yoga Academy) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ටොරිංටන් ක්‍රීඩාංගනයේ දී පැවැති යෝගා වැඩසටහනත් සමඟින් ක්‍රීඩා සතිය නිමාවට පත්විය. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමත්, අනාගතයේ දක්ෂ ක්‍රීඩක ක්‍රිඩිකාවන්…

Read More

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය. 2014 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදාදීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත්කර ගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් ‘දූෂණය’ නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය…

Read More

දොඩන්ගස්ලන්දේ වරකාවැහැර හා හිරියාලේ දේතිලිඅංග ගම්මාන දෙක යා කරමින් දැදුරු ඔය හරහා සංගිලි පාලමක් ඉදිකිරීමේ යෝජනාව වසර 26ක් තිස්සේ මුල් ගලකට පමණක් සීමා වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. මීට වසර 26 කට ඉහතදී එනම් 1999 ජනවාරි 24 වැනිදා එවක රජයේ මහාමාර්ග අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අතින් අදාළ පාලම ඉදිකිරීම සඳහා මුල්ගල් තබා සිහිවටන පුවරු විවෘත කළත් මෙතෙක් ඉදිවූ පාලමක් නම් නොමැති බව එම ගම්මාන දෙකේ ජනතාව පවසති. මෙම සංගිලි පාලමේ ඉදිකිරීම් නතර වීම පිළිබඳ සොයා බැලීම සදහා දේතිලිඅංග ගමට යෑමට සිදුවූයේ වරකාවැහැර ගමට පැමිණ ඉණවටකටත් වඩා ගැඹුරු දැදුරු ඔය තරණය කරමිනි. මේ පාලම ඉදිනොවීම නිසා දොඩන්ගස්ලන්ද රිදීගම වරකාවැහැර හා ඒ අවට…

Read More

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත විජේරත්න මහතා සියදිවි නසා ගැනීමට කලින් ලියා තිබූ පිටු පහක ලිපියෙන් මෙම සිද්ධියට වගකිවයුතු බවට චෝදනා නගා තිබූ මහනුවර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව පොලිසිය සඳහන් කරයි. කෝටිපති ව්‍යාපාරිකයාට කරන ලද දැනුම් දීමක් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කර තිබෙන ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායම හමුවේ ඊයේ උදේ එකොළහට පමණ පෙනී සිට ඇති අතර එම ප්‍රශ්න කිරීම් සවස තුන දක්වා සිදු කළ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. සිද්ධියට අදාළව ප්‍රශ්න කර…

Read More

බදුල්ල එළදලුව කන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක් පමණ විනාශ වී ඇතැයි ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පවසයි. ගින්න තවදුරටත් කන්දේ පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමග මෙසේ එළදලුව කන්දට කිසිවකු විසින් ගිනිතැබීම නිසාවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකරයි . කෙසේ වෙතත් මෙම ගින්න නිවාදැමීමට බදුල්ල එළදලුව 112 පාබල බල සේනා යුධ හමුදා කදවුරේ නිළධාරින් කංඩායමක් මේවනවිටත් රේක්ක භාවිතා කරමින් ගිනිපටි කපමින් කටයුතු කරන බවත් වියලි දේශගුණික තත්ත්වයත් සමග ගින්න සීග්‍රයෙන් කන්ද පුරා පැතිර යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .

Read More

නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද ලිපි යවා ඇත. වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම මාර්තු 31 වනවිට පැවතුණ සියලුම වත්කම් පිළිබඳ විස්තර සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර කතානායකවරයාට බාරදිය යුතුවේ. මේ අතර ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට නොහැකිව ජූලි මස 1 වෙනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙන මන්ත්‍රීවරුන්ගෙන් දඩ මුදලක් අය කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල සිටින මගීන් ද ආරක්ෂිත බඳ පටි පැළඳවීම අද (01) සිට අනිවාර්ය කර තිබේ. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී එම මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහනවල රියදුරන් දැනුවත් කිරීම අද උදෑසන සිදු කෙරිණි.

Read More

කහල්ල කරවිලගල රක්ෂිතයේ ඇති ගස් කොළන් කපා දමා ඩෝසර් කොට ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති. මේ වන විටත් රක්ෂිතය තුළ විශාල භූමි ප්‍රමාණයක් ඩෝසර් යොදාගෙන ගහකොළ විනාශ කරමින් ඉඩම් අත්පත් කර ගෙන ඒවාට විදුලි වැටවල් සවිකර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ වගා නොකළ ඉඩම් නැවත වගා කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීන්දුවලට ඉතා සූක්ෂම ලෙස මුවා වෙමින් බව ද ඔවුහු පෙන්වා දෙති. කහල්ල පල්ලෙ කැලේ රක්ෂිතය කුරුණෑගල මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව පිහිටා ඇති ප්‍රදේශයකි, මෙය අභය භූමියක් ලෙස නම් කොට තිබුනද එහි…

Read More

හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු ව්‍යාපාරිකයකු ඉලක්ක කර අද උදෑසන එල්ල කළ වෙඩි පහර පත්තු නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි. පරණ කෝන්තරයක් මත මේ මාලු ව්‍යාපාරිකයා වෙඩි තැබීමට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරු පැදියකින් දොඩන්දූව ධීවර වරායට පැමිණ ඇති බවත් ඔවුන් දෙදෙන අදාල පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තැබීමට උත්සහා දරා ඇති බවත් ගිනි අවිය කියාත්මක නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

Read More

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් ගණනාවකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 41% දක්වා වූ නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කර අවසන්ය. ට්‍රම්ප් පරිපාලනය පැහැදිලි කර ඇති ආකාරයට, මෙය සිදු කර ඇත්තේ වෙළඳ හිඟයන් අවම කර ගැනීමේ අරමුණින්, හදිසි බලතල භාවිත කරමිනි. මෙම නව ගාස්තු අද (අගෝස්තු 1 වැනිදා) සිට ක්‍රියාත්මක වෙයි. පහත දැක්වෙන්නේ රට අනුව නව ගාස්තු අනුපාත ලැයිස්තුවයි: ඇෆ්ගනිස්ථානය: 15% ඇල්ජීරියාව: 30% ඇන්ගෝලාව: 15% බංගලාදේශය: 20% බොලිවියාව: 15% බොස්නියා සහ හර්සගොවිනා: 30% බොට්ස්වානා: 15% බ්‍රසීලය: 10% බෲනායි: 25% කාම්බෝජය: 19% කැමරූන්: 15% චැඩ්: 15% කොස්ටාරිකාව: 15% කෝට් ඩි’අයිවෝර්: 15% කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය: 15% ඉක්වදෝරය: 15% යුරෝපීය සංගමය: 0%–15% එක්වටෝරියල් ගිනියාව:…

Read More