Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එම පනත් කෙටුම්පතට අනුව සමෘද්ධි ප්‍රජාමුල බැංකුවල ගිණුම් ජාතික විගණන පනතේ විධිවිධාන යටතේ විගණනය කිරීම සඳහා යෝජනා කර තිබේ. ඊට අමතරව සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල ගිණුම් විගණනය කිරීම සඳහා ද අදාළ පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇති බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව සමෘද්ධි සංශෝධන පනත ලෙස නම් කිරීමට නියමිතය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
2015 /2016 වසරවලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියම කළේය. මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ පැවැති මෙම විශේෂ අභියාචන පෙත්සම් විභාගයෙන් අනතුරුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කෙරිණී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා සහ…
මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් මෙරටට ඩොලර් කෝටි හැටපහක සෘජු විදේශ ආයෝජන 64ක් පැමිණ ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) පැවසීය. එදා මේ රටේ ක්‍රියාත්මක වූයේ චෞර රාජ්‍යයක් බව පැවසූ අමාත්‍යවරයා අල්ලස දුෂණය වංචාව නැති හෙයින් විදේශ ආයෝජකයන් බිය සැක නැතුව පැමිණෙමින් සිටින බවද සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය. සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය. අද රටට ආයෝජකයන් එනවා. රාජ්‍ය නායකයන් එනවා. ගිවිසුම අත්සන් කරන්න කතා කරනවා. මේක එදා තිබුණේ චෞර රාජ්‍යයක්. ජන අරගලයකින් චෞරයන් සියල්ල සුද්ද කළා. තව අවතාර කිහිපයක් ඉන්නවා. අද බලන්න අපේ රටට කොච්චර ආයෝජකයන් ඇවිල්ලද…
කන්ටේනර් 323 ක් නිදහස් කර ඇතැයි කියන ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බව මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒකේ සෙනෙවිරත්න මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය. ඒ කමිටුවේ වාර්තාව මේ දිනවල සකස් කරගෙන යන බවද ඔහු කීය. මේ අතර වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් කෝටි 45000 ආදායම මේ වසර අවසානයේදී ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළහ. මේ වසරේ පළමු මාස පහේදී වාහන ආනයනයෙන් රුපියල් රුපියල් කෝටි 13600 ක ආදායමක් උපයාගෙන ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ. වාහන ආනයනයට ණය වර ලිපි…
දෙවැනි ලෝක යුද්ධයේදී පුපුරා නොගිය බෝම්බ තුනක් සොයා ගැනීමත් සමග ජර්මනියේ කොලොග්නේ නගරය වැසියන් 20,500 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත. ඩොයිට්ස් ප්‍රදේශයේ නැව් තටාංගනයක තිබී එම බෝම්බ තුන පසුගිය 2 වැනිදා ජර්මනි ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදි. සොයා ගත් බෝම්බ තුනෙන් බෝම්බ දෙකක් ටොන් 20 ක් බරැති ඒවා බවත් ඉතිරි බෝම්බය ටොන් 10 ක් බරැති එකක් බවත් කොලොග්නේ නගර බලධාරීහු ප්‍රකාශ කළහ. බෝම්බ සොයා ගැනීමත් සමග අනතුරුදායක ප්‍රදේශයක් නම් කරමින් එම ප්‍රදේශයේ සිටි වැසියන් 20,500 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දුන් බවද නගර බලධාරීහු පැවැසූහ. රෝහලක්, වැඩිහිටි මධ්‍යස්ථාන දෙකක් සහ නගරයේ…
උසස්වීම්, බඳවා ගැනීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය අද (5)උදෑසන 8.00 සිට එක්දින වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණයකර තිබේ. පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්මක් නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළැබෙන බව එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතාපැවසීය. රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, වෘත්තීය චිකිත්සක ඇතුලු වෘත්තීය සංගම් පහක නියෝජිතයින් මේ සඳහා එක්වන බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම, සායන කටයුතු ඇතුලු සියලු සේවා සඳහා එමගින් බලපෑම් එල්ල විය හැකි බවත් ධර්මවික්‍රම මහතා කීවේය.
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ. මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය අද සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹයි. දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය. මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. මෙම බස් රථ සේවයෙන් රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ…
දෙහිවල දුම්රියපොළ ආසන්නයේදි දුම්රියක ගැටුණු අඹුසැමි යුවළක මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, බදුලුපිටිය, පදිංචි සම්සුදීන් නිසර්දීන් සහ ජිනත්තම්මා නිසර්දීන් නමැති අඹුසැමියන් බව පොලිසිය සඳහන් කරයි. මියගිය අඹුසැමියන් දුම්රිය මාර්ගය මාරුවීමට ගිය අවස්ථාවේ මරදාන සිට අලුත්ගම ධාවනය වූ දුම්රියේ ගැටී දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා නමැති 59 හැවිරිදි දෙදරු පියකි. මෙම පුද්ගලයා මීට වසර 3කට ඉහතදී වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පෙදෙසේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට මුරකරුවෙකු සහ සේවකයෙකු ලෙස පැමිණ තිබේ. ඔහු අද (04) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් ජනේල පියන් පිරිසිදු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බව වාර්තා වෙයි. අනතුරට පත් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලීසිය පවසයි.
