Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. අනෙකුත් රජයේ මන්ත්‍රීවරුන්ටද ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දෙනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය. ඒ අනුව නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. නව රජයේ අමාත්‍යවරුන්ට නව නිල වාහන නොලැබෙනු ඇති බවත් ඒ ඒ අමාත්‍යාංශවල සිටි පසුගිය රජයේ අමාත්‍යවරුන් බාරදුන් නිල වාහන නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනු ඇති බවත් එම රාජ්‍ය නිලධාරියා පැවැසුවේය. මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සඳහා විශාල දුරක්…
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ ඊ (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි . විශේෂයෙන් ඉහල තේ වත්තේ කොටසක් මෙසේ නාය යාමට ලක්වී විශාල මඩ, පස්තට්ටු ප්‍රධාන මාර්ගයට කඩා වැටීමට පටන් ගෙන ඇති බවත් , හෙට දින අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට යන සිසුන් ට කිසියම් මාර්ග අපහසුතාවක් ඇති විය හැකි නිසාවෙන් එම ස්ථානයේ ජේසිබී බැකෝයන්ත්‍ර හදිසි අවශ්‍ය තාවකදී ප්‍රයෝජනයට ගැනිමට නවතා තබා සූදානම් කර ඇතැයි එහි නිලධාරියකු සදහන් කළේය . පසුගිය වසරේද පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) මෙම ස්ථානයේම…
විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. මාධ්‍ය කළ විමසීමකදී එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම එම තත්ත්වයට හේතු වී ඇති බවය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස අග මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් ඔවුන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණි. අදාළ යෝජනා නොවැම්බර් 08 වැනිදාට පෙර…
වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බවය. දියේ ගිලුණු සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ 17 හැවිරිදි තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් බව වාර්තා වෙයි මියගිය සිසුවිය, සිය මිතුරියගේ අතින් අල්ලාගෙන ජලාශයට පැන ඇති බව පොලීසිය සඳහන් කළේය. දිවි බේරාගත් සිසුවිය මේ වනවිට දැඩි කම්පන තත්ත්වයෙන් තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය. මියගිය සිසුවියගේ ප්‍රේම සම්බන්ධයකට නිවැසියන් අකමැත්ත පළකිරීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම සිදුකර ඇති බවට…
නීතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකවේ නිලධාරීන් විසින් ඊයේ (23) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් සැකකරු පැමිණි ඇති අතර ඔහු සතුව තිබී දුම්වැටි 59980ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් දිස්ත්‍රික් විමර්ශන අංශ වෙත දැනුම්දී ඇත. මේ යටතේ ප්‍රධාන තොග අලෙවිසල් සහ ගබඩා ආදිය පරීක්ෂාවට ලක් කරමින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරමින් භාණ්ඩ වෙළඳපොළට පැමිණීම වැළැක්වීමත්, උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මගහැරවීම සදහාත් කටයුතු කරන ලෙසත් සුපිරි වෙළඳසල්ද ඇතුලුව සිල්ලර වෙළඳසල් හා ජංගම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කර වැටලීම් සිදු කරන ලෙසත් දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබේ. තවද අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇදුම් පැළදුම්,…
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමත්‍ය රත්න ගමගේ මහතා පවසයි. නියෝජ්‍ය ඇමතිවරයාට ආශිර්වාද කිරිම සදහා අක්මිමන, අන්දායම්ගොඩැල්ල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද කිරිමේ පිංකමට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය. නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය. එදා ප්‍රතිපත්තියම තමයි අපි අනුගමනය කරන්නේ. අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ. අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරණවා. ඒම පොදු අරමුදලෙන් ජනතාවට යමක් කිරිමට තියෙනවානම් එකත් අපි කරණවා. ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වරප්‍රසාද නැහැ. ජනතාවට බරක් නෙවෙන්න වැඩකළ යුතුයි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එය තවදුරටත් වර්දනය වෙමින් බටහිරට බරව වයඹ දෙනට ගමන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුද් ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවති. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලා පොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපැම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බවර පවති. උතුරු,උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රිකකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් තවදුරටත් නිල නිවාස භාරදී නොමැති බව වාර්තා වී තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් සිය නිවාසවල භාණ්ඩ ඉවත් කර ගනිමින් සිටින බවය. නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමට අවශ්‍ය බව දන්වමින් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට එම නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණි. ඒ අනුව පසුගිය (22) දිනයේදීත් මන්ත්‍රීවරුන් හත්දෙනෙකු නිල නිවාසවලින් ඉවත් ව ගොස් තිබේ. මේ අතර අදාළ නිවාසවලින් ඉවත් නොවුනහොත් එම නිවාසවලට ලබා දෙන ජලය සහ විදුලිය විසන්ධි කරන බවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පසුගියදා එම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබුණි. කෙසේ වෙතත් නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබාදීම සඳහා…
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඉන්දියාවට පළායෑමට උත්සාහ දරා ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරක මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වැනිදාය. ඒ පිළිබඳව ගම්පහ කොට්ඨාස මර්දන විමර්ශන ඒකකය වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. එහි ප්‍රධාන සැකකරු වන 37 හැවිරිදි තුෂාර ඉන්දික සොයිසා කටානේ පදිංචිකරුවකුවන අතර අනෙක් සැකකරු 40 හැවිරිදි උඩුගම්පල පදිංචි සමන් රණසිංහ නම් අයෙකි. සැකකරුවන් දෙදෙනා කොල්ලය සිදුකර මුදල්…