Author: LANKA24X7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇත. යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත්ය. සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය ආදී රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත් බව ද පැවැසෙයි. ප්‍රංශයේ ඇමෙරිකන් කොන්සල් කාර්යාල පහක් ඇති අතර එම කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී ඇත. ඊට අමතරව, ජර්මනියේ කොන්සල් කාර්යාල දෙක, බොස්නියාවේ කොන්සල් කාර්යාල දෙක ද වසා දැමීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

Read More

අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. එම පිරිස බණ්ඩාරගම දිසාරෝහලේ වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට හා එහි දේපළවලට පහරදී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබූ අතර එයන් එක් පුද්ගලයකු රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබිණි. එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහලොස්දෙනකුට අධික පිරිසක් එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට පහරදී ටොලිය මත දමා තිබූ මළ සිරුර රැගෙන ලොරියක පටවාගෙන…

Read More

පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා භාරදෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් හා නඩුවල තීන්දු බොහෝ ප්‍රමාණයක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත් නම් එම පෙත්සම් වල හා නඩු තීන්දු වල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කරයි. මේ අනුව එම පිටපත් මෙසේ…

Read More

පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම අටුළුගම සහ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංව්ව සිටී මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මහම්මදු සහ යසීර් අර්ෆාත් අහමඩ් නමැති 15 සහ 16 හැවිරිදි දෙදෙනකු බව පොලිසිය කීය. අතුරුදන් පාසල් සිසුන් දෙදෙනා සොයා පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුම් සිදුකරයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තු වේ.

Read More

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති. ‘දියවැඩියා’ රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ජාතික රෝහලේ සායන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර රට පුරා සෙසු රෝහල්වල මාස තුනක පමණ කාලය සිට ‘ඉන්සියුලින්’ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක් නොමැති බවත් රෝගීහූ සඳහන් කරති. ‘ඉන්සියුලින්’ එන්නත් කරන ඇතැම් රෝගීන් ඒවා මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ඖෂධහල්වල ද ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටින බවත් රෝගීහූ කියති. කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තවත් සති දෙකකින් පමණ රෝහලේ ‘ඉන්සියුලින්’…

Read More

අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති හිස තෙල් ගෑමේ උත්සවයට සමගාමීම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද සතුන්ට හිස තෙල් ගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ වයස්ගතම සත්වයා වන වයස 153 ක් වන යෝධ ඉබ්බාගේ තෙල් ගෑම මෙහිදි සිදු කෙරිණි.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 168ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපරාධමය පැමිණිලි 36ක් සහ මැතිවරණ නීති උල්ලාංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 132ක් ඒ අතර වන බවය. අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 18 දෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය. වාහන 14ක් ද මේ වන විට පොලීසිය භාරයට ගෙන තිබේ.

Read More

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසා සිටියේ, අප්‍රේල් 11 වනදා සිට එම පියවර ගත් බවය. නැප්තා භාවිතා කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12වන දින පෙරවරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබේ. ඒ අනුව මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් පුමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ අතර උත්සව සමයේදී විදුලි සැපයුම සහ…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More