Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය. ඊයේ (22 ) මධ්‍යම රාත්‍රියෙ සිට ඇද හැළුණ මහ වැසි ආනන්ද ජාතික පාසල් භුමිය ජලයෙන් යටවි යාමත් සමග සිසු දරු දැරියන්ට පාසලට පැමිණිමට නොහැකි තත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන බළධාරීන්ගේ උපදෙස් මත තාවකාලිකව පාසල වසා දැමිමට කටයුතු කළ බව විදුහල්පතිවරයා කීවේය. පාසලේ පංති පවත්වාගෙන යාමට නොහැකි ලෙසින් ජලය පංති කාමර තුළට ගලා එමත් සමඟ පංති පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි. ආනන්ද ජාතික පාසලේ ප්‍රාථමික හා ද්විතික අංශයෙ සියලුම පංතිවල 3200 කට ආසන්න සිසු සිසුවියන් පිරිසක් පාසල…
ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සහ වැඩිදුයුණු…
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර් මස 25 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ නියෝග කළේය . සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් 2021මාර්තු 22 දින බේස්ලයින් මාර්ගයේදී රිය අනතුරක් සිදුකර රථයේ සිටිපුද්ගලයාට පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ගොනු කළ පැමිණිල්ලේ සාක්ෂිය විභාගය සඳහා පෙනී සිටින ලෙසට මෙසේ නියම කෙරිණි. ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අධිකරණයේ පෙනී සිටි අතර පහර කෑමට ලක්ව අගතියට පත් වූයේ යැයි කියන ලසන්ත අබේවර්ධන අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීම ඊයේ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ජන රැළියේ දී ඊයේ (22) පැවසීය. වවුනතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනය කළ ස්ථානයට ජැකට් එකක් ගෙන ගොස් දැමුවේ කවුද? සහ එෆ්.බී.අයි එකෙන් දුන් එමි අංකයට අදාළ දුරකථනය කාගේද?යන ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගෙන තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. සියලු ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් ලෙස ලිහමින් සිටින බව කී ජනාධිපතිවරයා කොච්චර පරණ වුනත් විමර්ශන හරියට කරන බවට ප්‍රතිඥා දෙන බව අවධාරණය කළේය. “පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් ගත වී තිබෙනවා. එම කාලයෙන් පහ මාරක්ම ගත වුනේ විමර්ශන වසන් කරන්න. සාක්ෂි යටපත්…
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් අදාල චක්‍රලේඛයට අනුකූලව හිටපු ජනාධිපතිවරුන්ටද රජයේ වාහන දෙකක් පමණක් තබාගෙන ඉතිරි ඒවා නැවත බාරදීමට සිදුවනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් මාධ්‍යට පැවසීය. ජාතික ජන බලවේග රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ තම රජයේ අමාත්‍යවරුන් චක්‍රලේඛ තිබුණත් නැතත් රජයේ වාහන අවභාවිතයක් නොකරන බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙක් පැවසූයේ ඉදිරි සතිය ඇතුලතදී මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන රජයේ වාහන අදාල චක්‍රලේඛයට ගරු කරමින් යළි බාර දීමට කටයුතු කෙරෙනු ඇති බවයි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකරු ජුනි මස 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය. මාර්ටින් වික්‍රමසිංහ පදනම කළ පැමිණිල්ලක් අනුව කෞතුක භාණ්ඩය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ කෞතුක භාණ්ඩය මාර්ටින් වික්‍රමසිංහ පදනමට මුදා හරින ලෙසට නියෝග කළාය . වීදුරු කුටියක බහාලු අදාල කෞතුක භාණ්ඩය අධිකරණයට ඉදිරිපත් කළ කුරුදු වත්ත පොලිසිය සඳහන් කර සිටියේ කෞතුක භාණ්ඩය…
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. මිය යන විට ඔහු 39 හැවිරිදි වියේ පසුවිය. කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 6 වෙනි මහලේ නිවසක සාදයකට සහභාගි වී සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර…
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ට පමණ යළිත් අහසට වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වු බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසීය. කෙසේ වෙතත් රැදවියන් විසින් එල්ල කළ ගල් මුල් ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. ඇතිවු තත්වය මත මාතර බන්ධනාගාරය තුල රදවා සිටි කාන්තා රැදවියන් 25 දෙනෙකු කඩනමින් ඔවුන්ගේ ආරක්ෂාව පතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කලේය. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැදවියෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට තීරණය කිරිම නිසා සිර මැදිරියක් කඩා ගෙන රැදවියන් 500…
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හැටන්පොළො සැකරළියාවත්ත පදිංචිව සිටි ජේ තිළිණ විරාජ් මෙම නැමති 16 හැවිරිදි සිසුවායි. ඉකුත් 16 වෙනි දින මියගිය සිසුවා අවුරුදු උත්සවයක් නැරඹීමට පැමිණිමින් සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර මාවතගම සහ වෙල ගෙදර පොලිසි මගින් විමර්ශන සිදුකර මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 15/18 අතර පසු ඇරෑපොල කන්ද හා අඹ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සිට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා මුදාහරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. වෙරළ බඩ පොලීසිය විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ ඊයේ දින කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට ඉදිරිපත් කළ බවය. ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නියෝග අනවශ්‍ය බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී…