Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයිජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගෙන මෙම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අරඹා තිබේ. ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේ අදාළ වැඩසටහනට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා ගේට් පදනම හා පාත් පයින්ඩර් ආයතන නියෝජිතයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය. හඳුනාගත් අඩු පෝෂණ මට්ටමේ දරුවන් සිටින දිස්ත්‍රික්ක වල ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාසල් දිවා…
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි නඩුව ජූලි 31 විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙළ මහතා අද( 24)දින නියම කළේය . ඩයනා ගමගේ මහත්මිය ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින් පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ අතර ස්ථීර මහේස්ත්‍රාත්තුමිය නොමැති බැවින් මෙසේ නඩු විභාගයට කල්තැබීය . වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය…
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. පාතාලයට මත්කුඩු ජාවාරම්කරුවන්ට උදව් කරන පොලිස් නිලධාරීන් සීමිත පිරිසක් සිටින බවත් එය සැමදා තිබූ තත්ත්වයක් බවත් ඔහු කීවේය. සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයිද ඔහු සඳහන් කළේය. පාතාල මර්දනයට ආණ්ඩුව විශේෂ අවධානය යොමු කර ඇතැයි පැවසූ මහින්ද ජයසිංහ මහතා මේ සඳහා ජනතාවගේ ද සහාය අවශ්‍ය බව ප්‍රකාශ කළේය.
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි. විශේෂ මාධ්‍ය හමුවක් අද (24) පෙරවරුවේ කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ වන විට සිරි දළදා වන්දනාවට බැතිමතුන් ලක්ෂ තුනකටත් අධික ප්‍රමාණයක් එක්ව සිටින බැවින් මින් ඉදිරියට බැතිමතුන්ට පෝලිම්වලට එකතු වීමට ඉඩ නොදෙනන බවයි. දැනට පෝලිම්වල රැඳී සිටින බැතිමතුන්ට ඒ සඳහා විශේෂිත වූ ස්ටිකරයක් ලබා දෙනබවත් එම ස්ටිකරය නොමැති කිසිදු බැතිමතෙකුට පෝලිම්වල රැඳී සිටීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය දැනුවත් කොට ඇති බවද පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නිකුත් කළේය. වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළේය. වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ ඩෑන් පියසාද් මරණකරු ඊයේ( 22)රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ ඥාති නිවසක සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. වෙඩි තැබූ පාර්ශවය හා මරණකරුගේ පාර්ශවය අතර කලක පටන් කෝන්තරයක් පැවති බවට සාක්ෂි අනාවරණය වන බවත්,ඒ අනුව සැකකරුවන් දෙදෙනා රටින් පිටුවීම වළක්වන නියෝගයක් වහාම නිකුත්…
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26කි. එම වෙඩි තැබීමේ සිද්ධීන් 37 න් 23 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදුකර ඇති අතර ඉතිරි සිදුවීම් 14 පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද සදහන් වේ.
වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත. විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා පසුගිය අටවෙනිදා විශ්‍රාම ගෑමෙන් පුරප්පාඩු වූ එම තනතුරේ වැඩ බැලීමට ධර්මපාල මහතා දින 14ක කාලයක් සඳහා පත් කෙරිණි. විගණකාධිපති තනතුර සඳහා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම් යෝජනාවී ඇතැයි දැනගන්නට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ .
මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ලංකා ගමනා ගමන මණ්ඩලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙක් සහ ආරක්ෂක නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) අතඅඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා ගමනා ගමන මණ්්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියකු සහ ආරක්ෂක නිලධාරියෙකි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. අතීත ප්‍රාදේශීය සභා හා නගර සභා යනු දූෂිත දේශපාලනයේ පෙර පාසල් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. කෝට්ටේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. “පාර්ලිමේන්තුවට පත් වී සිටින අපේ 159 දෙනාම පවුල් බලයෙන් සල්ලි බලයෙන් පත් වුණ අය නෙවෙයි. ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු. ඔබ අතර ඉන්න මිනිස්සු. ඉස්සර වගේ පාර්ලිමේන්තුවේ කෑ ගහන්නෙ ගහගන්නේ නෑ. පාර්ලිමේන්තුව බලන්න පාසල් දරුවන් පැමිණි විට ළමයින් ඉවත් කරන්න කියා කතානායකට කියන්න…
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. මෝටර් රථ හතරක් ජීප් රථ දෙකක් සහ තීරෝද රථ දෙකකට අලාභ සිදු වී ඇත. ඒ හේතුවෙන් බොරැල්ල කනත්ත වටරවුමේ දැඩි රථ වාහන තදබදයක් ඇති වී ඇත. කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය සඳහන් කරයි .කින්සි පෙදෙසට යන මාර්ගයේ මෙම අනතුර සිදුවී ඇත. කඩා වැටුණු ගස කපා ඉවත් කිරීම සඳහා කොළඹ ගිනි නිවන හමුදාවේ නිලධාරීන් කොළඹ නගර සභාවේ සේවකයන් මෙන්ම පොලිස් නිලධාරීන්ට කටයුතු කරමින් සිටින බව පොලීසිය කියයි.