Author: LANKA24X7

මොල්ලිපොතාන, 09 කොළණියේ පිහිටි ගණදෙවි කෝවිලේ ඊයේ (06) රාත්‍රී පැවැති වාර්ෂික උත්සවය වර්ණවත් කරමින් දැමූ පුපුරා නොගිය මල් වෙඩිල්ලකට පයින් ගසද්දී එය පුපුරා යාමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු කෝවිල් අඩි රෝහලට ඇතුළත් කරද්දී මිය ගිය බව තඹලගමුව පොලිසිය කියයි. මෙසේ පිළිසුම් තුවාල ලබා මියගියේ මොල්ලිපොතාන, සදාම් නගර් පදිංචි කනපතිපිල්ලේ කාලිරාසා (45) නැමැති අයෙකි. මල් වෙඩි සංදර්ශනයේදී එක් මල් වෙඩිල්ලක් පුපුරා නොගිය අතර පුපුරා නොගිය මල් වෙඩිල්ලට මියගිය අය කිහිප වරක් පයින් ගසද්දි හදිසියේ පුපුරා යැමෙන් මෙලෙස පිළිස්සුම් තුවාල ලැබූ බව සිද්ධිය දුටුවන් පොලිසියට පැවැසීය.

Read More

බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත උපාංග ලැබෙන තාක් සංවිධානාත්මක අපරාධ මැඩලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. මෙම හිරකරුවන්ට ජංගම දුරකථන ලැබීම නතර කිරීමට මීට වඩා ශක්තිමත් වැඩ පිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ මහාචාර්යවරයා එසේ නොවන තාක් සිර මැදිරිවල සිට ජංගම දුරකතන යොදාගෙන වෙඩි තැබීම් ඇතුළු විවිධ අපරාධ සංවිධාන කිරීම දිගටම සිදුවිය හැකි බවද සඳහන් කළේය. ඇතැම් නිලධාරීන් පවා විවිධ පල ප්‍රයෝජන ලබාගෙන මෙම සිරකරුවන්ට ජංගම දුරකථන සපයමින් උදව් කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු කීවේය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලකරුවකු එම බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ…

Read More

හොරණ කබල්ලාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ හොරණ කබොල්ලාගොඩ ප්‍රදේශයේ අවුරුදු 66ක් පමණ වයසේ පසුවන මුණගමගේ ගාමිණි නැමති පුද්ගලයෙකි. අසල නිවසක පුද්ගලයකු මෙසේ මෙම පුද්ගලයාට පහර දී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

Read More

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කළුගල් අතර තිබී මෝටර් උණ්ඩයක් සොයාගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. මෙම මෝටර් උණ්ඩය පැරැණි එකක් බවත්, පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අඩුවීමත් සමඟ එම මෝටාර් උණ්ඩය උඩට මතු වි ඇති බවට සැක කරන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි,

Read More

ඉදිරි දින කීපයෙදි උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතරක වායු ගෝලිය තත්වයක් ඇති වෙමින් පවතී. උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල වස්වරු 2.00 පමණ පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති. ඇතැම් ස්ථානවල මිලි මීටර් 5.00 වැඩි තරමක තද වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

Read More

අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ලෝක ජනතාවගෙන් සියයට අසූපහකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවද චන්දන ජයරත්න මහතා කීය. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව බව කී චන්දන ජයරත්න මහතා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතුපිට වැටීමෙන් චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කළේය. අද(7)රාත්‍රී 9.57 සිට චන්ද්‍රග්‍රහණය හොඳින්ම දැක ගැනීමට ලැබෙන බව කී මහාචාර්යවරයා රාත්‍රී 11.01 සිට 12.22 දක්වා චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් පෙනෙන බව සඳහන් කළේය. චන්ද්‍රග්‍රහණය දැකගත හැකි ඉතාම හොඳ අවස්ථාව හෙවත් ග්‍රහණ මධ්‍ය පස්වරු 11.42 ට යෙදී තිබේ. මීට…

Read More

ක්ෂේත්‍ර රාජකාරීවල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෞඛ්‍ය සේවාව ආයතනවලට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන අතර එහිදී ක්ෂේත්‍රෙය් රාජකාරී නිසි පරිදි ඉටු නොවුනහොත් සෞඛ්‍ය සේවාවේ කුමන සංවර්ධනයක් කළ ද ඉන් ප්‍රයෝජනයක් අත් නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. පවුල් සෞඛ්‍යෙස්වාව තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය ස්වා නිලධාරිණියන්ගේ සංගමයේ සාමාජිකාවන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. මෙහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින්…

Read More

සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. “අපි කවුරුත් නීතියට යටත් විය යුතුයි” යැයිද ඔහු සඳහන් කළේය. සිරිසේන මහතා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවකදීය. ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීය. අපි කණ්ඩායමක් වශයෙන් මේ අවස්ථාවේදී එකතුව ගමනක් යා යුතුයි. ආණ්ඩුවට උදව් කළ යුතුයි. මම මේවා කියන්නේ සුදු අරලිය හෝටලය බේරගන්න හිතාගෙන නම් නෙවෙයි. ඒ වගේම මම ආණ්ඩුවට කඩේ යනවත් නෙවෙයි. මැයි මාසය වෙනකන් හෝටලයේ වෙඩින් බුකින් වගයක් තියෙනවා. ඒවා ඉවර වුණ ගමන් මම ඒක කඩල අලුතින් හදනවා.

Read More

පාර්ලිමේන්තුවේ වහලය ස්ථාන ගණනාවක හිල් පැවතීම හේතුවෙන් වර්ෂා කාලවලදී සභා ගර්භයේ යම් යම් ස්ථානවලට පවා ජලය කාන්දුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති. කාලයක් තිස්සේ පිළිසකර නොකිරීම හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බව ඔවුහු සඳහන් කරති. පාර්ලිමේන්තුවේ බොහෝ අංශ පිළිසකර කිරීමේ මෙහෙයුමක් යුද හමුදාවේද සහාය ඇතිව ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ මෙම ඉදිකිරීම් කටයුතුවලට ජෙෆ්රි බාවා පදනම නොමිලේ උපදේශන සේවා ලබාදෙයි එසේම පාර්ලිමේන්තුවේ මුල් සැලැස්මට හානි නොවන පරිදි එහි ඉදිකිරීම් කරන්නැයි එම පදනම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවීය. මේ අනුව මෙරට ප්‍රමුඛ…

Read More

පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2023 වර්ෂයේදී එම බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බස් රථය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇතැයිද සඳහන් කළේය. සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පැවසේ.

Read More