Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පුද්ගලික බස් රථයක රියදුරු කොන්දොස්තරවරුන් අතර අලවතුගොඩ නගරයේදී ඇති වූ බව කියන ගැටුමකදී බස් රථවල සිටි මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි. ගලේවෙල සිට මහනුවර දිසාවට ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අලවතුගොඩ සිට මහනුවර දිශාවට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක රියදුරු කොන්දොස්තර වරුන් අතර මෙම ගැටුම ඇතිවී ඇති අතර එම ගැටුම නිරාකරණය කිරීම සඳහා මැදිහත්කරුවන් ලෙස බස් රථ දෙකේ මගින්ද එක් වී ඇති බව පොලිසිය කියයි. තුවාලකරුවන් අතර රාජකාරි නිමාකොට පුද්ගලික බස් රථයේ ගමන් කරමින් සිටි අලවතුගොඩ පොලීසියේ පොලිස් නිලධාරියකුද සිටින අතර අනෙක්…
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී තිබේ. ප්‍රෝටීන් අධික ආහාරයක් වන ළා තණ වලට වන අලි මහත් රුචිකත්වයක් දක්වති. කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බවට අනුමාන කෙරේ. මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වදිති. ඉන්, ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය මාස කිහිපයේදී , වන අලි…
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් දෙදෙනකු T 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ පසුගිය දිනවල අපරාධ සදහා යොදාගත් යතුරුපැදියක් සමග අත් අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ටාශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සුරංග නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන අයකු සහ හොරණ ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය. පළමු සැකකරු වන ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදියේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බවත්, පානදුර හිරණ මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීම් සදහා යොදාගත් යතුරු පැදියක් බවටත්…
කඳාන දුම්රිපොළ පාරේ වල දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට උපයෝගී කරගන්නා බවට සැක කරන සුදු පැහැති කුඩු කිලෝ 100 ක සොයා ගත් බව කඳාන පොලිසිය කියයි. කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අපරාධයක් සම්බන්ධය අත්අඩංගුවට ගත් සැකකරුවකු විසින් ලබා දුන් තොරතුරකට අනුව එම කුඩු තොගය සොයාගෙන ඇත. කඳානක් දුම්රිය පොළ පාරේ ඉඩමක සහ ඒ අසන්නයේ පිහිටි බිමක තිබී මේවා සොයාගෙන ඇත.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (08) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමෙන්තුව කියයි. බස්නාහිර පළාත ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද කියයි.
කොල්ලූපිටිය මුහුදු තීරයේදී කාන්තාවක සහ ඇගේ අවුරුද්දයි මාස දෙකක දරුවා ඊයේ (7) මුහුදට වැටීමෙන් පසු දරුවා දියවැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව කොල්ලූපිටිය පොලිසිය පවසයි. මුහුදට වැටුණු මව බේරාගැනීමෙන් අනතුරුව හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. ස්වාමිපුරුෂයා සමග ඇති වූ ආරවුලක් මත මෙම කාන්තාව සිය දරුවාද සමඟ වැලිමඩ ප්‍රදේශයේ සිට කොල්ලූපිටිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා නුවරඑළිය ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම කාන්තාව දරුවාද සමඟ මුහුදට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළේද නැතහොත් මෙම…
කළුතර හිරණ සහ පානදුර පින්වත්ත යන ප්‍රදේශවලදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සහ පානදුර පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සහ අළුබෝමුල්ල ප්‍රදේශවල පදිංචි 38 හැවිරිදි රියදුරකු සහ වඩු කාර්මික ශිල්පියෙකි. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 4300 ද පොලිසිය සොයාගෙන ඇත.
රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් එම පිරිස අතර සිටි කාන්තාවන් 05 දෙනා හා පිරිමි පුද්ගලයින් 04 දෙනා කඩුවෙල බෝමෙරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද අත්අඩංගුවට පත්ව ඇති ඔවුන්ට මඟ පෙන්වූ බව කියන හිමිනම මුරියාකඩවල ප්‍රෙද්ශයේ විහාරයක වැඩ වාසය කරනු ලබන බවද වනජීවී නිලධාරිහු සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත. සැකකාර හිමි නම විසින් මීට පෙරද මෙලෙස නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂීතයට සංචාරකයින් රැගෙන යාමට උත්සහකළ අවස්ථා කිහිපයකදී දැඩි ලෙස අවවාද කර මුදා හැර…
දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (8) පෙරවරු 9.30 ට කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරෙයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි යැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (7) පැවැසීය. “නමුත් එහෙම කිසිම සූදානමක් නැහැ.එතුමා පාර්ලිමේන්තුවට යනවා නම් හරි කාලෙ බලලා යාවි.නමුත් දැනට එවැනි සාකච්ඡාවක් නැහැ.එවැනි සූදානමක් නෑ, යනුවෙන්ද එජාප නියෝජ්‍ය නායකයා කීය. එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති දන්සලක ආරම්භක අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවට එනවා යැයි බොහෝ කතාබහක් ඇති වී තිබෙන බවත් එතුමා පාර්ලිමේන්තුවට යවන්න සූදානමක් තිබේදැයි එහිදී මාධ්‍යවේදීහු රුවන් විජයවර්ධන මහතාගෙන් විමසූහ. රනිල් වික්‍රමසිංහ මහතාට…
