Author: LANKA24X7

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින්…

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (4) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

Read More

චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතුව භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා වී නොමැති බව සඳහන් වේ.

Read More

ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් රැගෙන විත් තිබූ අතර, එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10න් 02වැනි පාලම වේ. මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන් යානය මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි. මෙම පාලම ඉන්දීය හමුදා ඉංජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්‍ථාපිත කිරීමට නියමිතය. මීට අමතරව බෝට්ටු, සීනි සහ…

Read More

ලොව ඉහ­ළම සංචා­රක ආක­ර්ෂ­ණ­යක් සහිත රටක් බවට යළිත් වරක් පත්ක­ර­මින් මේ වසරේ මේ දක්වා කාලය තුළ ලක්ෂ 21කට වැඩි විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබේ. ඒ අනුව නොවැ­ම්බර් මාසයේ අව­සා­නය වන විට විදෙස් සංචා­ර­ක­යන් 2,103,593 දෙනකු මෙර­ටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය පෙන්වා­දෙයි.

Read More

ඇති වූ ආපදා තත්ත්ව­යෙන් පසුව බස් රථ 4,000කට ආසන්න සංඛ්‍යා­වක් ධාව­න­යට එක් කිරී­මට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩ­ලය පිය­වර ගෙන තිබේ. ඉන් 2,500කට ආසන්න බස් රථ ප්‍රමා­ණ­යක් දුර ගමන් ධාව­නය සඳහා සැල­සුම් කර ඇති බවත් පැවැති ආපදා තත්ත්වය හේතු­වෙන් අඩාළ වූ දුම්රිය ධාව­නය වෙනු­වෙන්ද විශේෂ බස් රථ සේවා­වක් ආරම්භ කළ බව ද එහි සභා­පති සජීව කන­ක­රත්න මහතා පැවැ­සීය. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් ඇති වූ ව්‍යස­න­කාරී තත්ත්වය හමුවේ මාර්ග අව­හිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩ­ලයේ බස් ගම­න්වාර 1,500ක් පමණ අව­ලංගු වූ බවද හෙතෙම පැවැ­සීය. එසේම ලංගම ආසන වෙන්කි­රීමේ සේවාව සිදු­ක­රන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් කලින් ආසන වෙන්ක­ර­ගත් මගීන් 15,000ක් සිටින බවත්…

Read More

ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකිරීමට තීරණය කර තිබේ. ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම ප්‍රධානය සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කර ඇත. පසුගිය දා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්‍රධානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට අමෙරිකානු ඩොලර් මිලියන 2 බැගින් ලබා දීමට නියමිත බව වාර්තා වේ. මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක…

Read More

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා මේ වනවිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. මාවනැල්ල පොලීසිය මේ බව සඳහන් කළේය.

Read More

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය. අයහපත් කාලගුණ හේතුවෙන් සහන කණ්ඩායම්වලට පසුගිය දින කිහිපයේ එම ප්‍රදේශයට ළඟවීමට නොහැකිව තිබුණි. ඒ අනුව අදාළ කණ්ඩායම් ඊයේ (2) බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පැමිණ මියගිය පිරිස් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරිමත් සමග මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළගොස් ඇත. ඉන්දුනීසියාවට අමතරව අග්නිදිග ආසියාවම මාස ගණනාවක් තිස්සේ පැවති අයහපත් කාලගුණයෙන් මාරාන්තික ලෙස බැට කමින් සිටී. මේ වනවිට සිදුව ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එම කාලපය තුළ පමණක් දහසකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත.

Read More

අද (04) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් ද කරයි.

Read More