Author: LANKA24X7

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගියේය. එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.

Read More

දමිළ ප්‍රගතිශීලි සභිකයන් 5 දෙනකුගේ සහයෝගයෙන් නෝවුර්ඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන ලෙස එම පක්‍ෂය දැනුම්දීමට විරෝධය දක්වමින් එම සභාවේ ජාතික ජන බලවේගයේ එම පක්‍ෂයේ සභිකයන් 6 දෙනාම ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජාතික ජන බලවේගයේ පක්ෂයේ නුවරඑළියේ ප්‍රධානියකුගේ තර්ජන සහ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සභිකයෝ පැවසූහ. සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම පක්ෂයේ අනෙකුත් සභිකයන්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු…

Read More

එකම පාසලක ඉගෙනුම ලබන පාසල් දැරියන් තිදෙනකු වරින් වර සිය සුඛෝභෝගී නිවසට රැගෙන ගොස් ලිංගික අපහරණය කළ බව කියන 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. අතවරයට පත් 13 හැවිරිදි දැරියන් දෙදෙනකු සහ 16 හැවිරිදි දැරියක වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර ඇත. සැකකරු දැරියන් අපහරණය සඳහා නිවසට රැගෙන යාමට යොදාගත් ඔහුට අයත් අති සුඛෝභෝගී මෝටර් රථය සහ ඒ සඳහා පෙළඹවීමට යොදාගත් ස්මාර්ට් වර්ගේ ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරු මීට වසරකට පමණ ඉහතදී 16 හැවිරිදි දැරිය පාසලට පා ගමනින් යන අවස්ථාවේදී ඇයට උදව් කරන මුවාවෙන් මෝටර් රථයේ නන්වාගෙන යන අතරතුරදි…

Read More

ලෝකයේ වියලි කාන්තාවලින් එකක් ලෙස සැලකෙන්නේ ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයයි. මෙම වියලි කාන්තාරය මේ වනවිට හිමෙන් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇටකාමා කාන්තාරයට හිම පතනයක් සිදුවීම විපරිත කාලගුණ පෙරළියක් බව විද්‍යාඥයන්ගේ අදහසය. මීට පෙර ද ඇටකාමා කාන්තාරය මේ අයුරින් හිමෙන් වැසී ගොස් ඇත. ඒ, මීට වසර 10 කට පෙර යැයි ද පැවැසෙයි. විද්‍යාඥයන්, ඇටකාමා කාන්තාරය හඳුන්වන්නේ, ලෝකයේ ලෝකයේ වියළිම ධ්‍රැවීය නොවන කාන්තාරය යනුවෙනි. ඇටකාමා කාන්තාරය ඇන්දීස් කඳු වැටියට බටහිරින්, පැසිෆික් සාගරයට සමාන්තරව පිහිටා ඇත. එය කිලෝමීටර් 1,600 කට (සැතපුම් 1,000) වඩා වැඩි දුරක් විහිදී ඇති අතර, වර්ග කිලෝමීටර් 105,000 ක පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. මෙය සහරා කාන්තාරය…

Read More

මහව කට්ටඹුවාව දියබැටේ ප්‍රදේශයේ ජිප් රථයක් තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණයෙකු හා මාවතකම පිළැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. කුරුණෑගල, මිල්ලව ,දොරටියාව, මේරි මවුන්ට් පාක් ලිපිනයේ පදිංචි කමල් සම්පත් නැමැති පනස් හැවිරිදි ව්‍යාපාරිකයා පසුගිය 26 වෙනි දින මහව කට්ටඹුවාව දියබැටේ කැලෑ බද ප්‍රදේශයේ ඔහුගේ ජිප් රථය තුළදී පිලිස්සී මිය ගොස් සිටියදී මහව මූලස්ථාන පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

Read More

කච්චතිව් දූපත රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බැවින් එය නැවත කිසි ලෙසකින් හෝ වෙනත් පාර්ශ්වයකට පවරා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි. ඔහු පැවසුවේ ඉන්දීය ධීවරයින් විසින් උතුරේ සිදුකරන අනවසර මසුන් ඇල්ලීමේ ක්‍රියාව හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර සම්පතද විනාශ වෙමින් පවතින බවය. හදිසි අවස්ථාව යටතේ ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට තිබූ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට එරට පැවැති උත්සවයකදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවේ මැතිවරණ කාල සීමාවන් හිදි කච්චතිව් දූපත…

Read More

ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පසුගියදා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතික්ෂේප කළේය. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා මෙරට සිය සිව්දින නිල සංචාරය අවසන් කරමින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ සම ලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත සම්මත වෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවයි. අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් කරුණු…

Read More

2028දී ණය ගෙවීමට කිසිදු සැලසුමක් නැතිව වැඩ කරගෙන යන ආණ්ඩුව බන්ධනාගාර බස් රථයට පමණක් වැඩ පවරා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙන බවද ඔහු සඳහන් කළේය ආණ්ඩුවට කළ හැකි කිසිම දෙයක් නැතිවා සේම කිරීමට කිසිම දෙයක් නොදන්නා බවද වීරවංශ මහතා කීය. 2028 දී ණය ගෙවීමට හැකිනම් ඔක්කොම අල්ලාහිරේ දැම්මාට කමක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය.

Read More

බොහෝ රාජ්‍ය ආයතනවල සුඛෝපභෝගී වාහන විකිණීම හෝ වෙන්දේසි කිරීම නිසියාකාරව සිදුව නැතැයි වාර්තාවේ. සමහර ආයතනවල වෙන්දේසි කිරීම කර ඇත්තේ වාහන එකක් දෙකක් පමණක් බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් ප්‍රධානීන් රජයේ වගකිවයුතු තැන්වලට කතාකර සුඛෝපභෝගි වාහන වෙන්දේසි කිරීම නවත්වා තවදුරටත් රඳවා ගැනීමට අවස්ථාව සලසාගෙන ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මේ අනුව සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමෙන් වියදම් අඩුකර ගැනීමේ රජයේ අරමුණ මේ වනවිට සම්පූර්ණයෙන්ම ඉටුව නැතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුපිරි වාහන තුනක් වෙන්දේසි කිරීමද බලාපොරොත්තු වූ මිල ගණන් ඉදිරිපත් නොවීම හේතුවෙන් දෙවෙනි වතාවටත් ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත

Read More