Author: LANKA24X7

පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා සිටියේය. පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය රටේ සුවහසක් ජනතාවට කතෝලික ජනතාවට දැනගැනීමට අවශ්‍යව තිබෙනවා. වින්දිතයන් එම සත්‍ය දැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා. මහ මොළකරු කවුද යන්න සොයා බලන විවාදයක් අවශ්‍යයි.පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය අද (11) බදුල්ල හාලිඇල දුම්රිය ස්ථාන අතර 178 සැතපුම් කණුව අසල දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි . බදුල්ල සිට පෙරවරු 8.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රියෙ භෝජන රථය මෙසේ පිලීපැනීමට ලක්ව තිබේ. මේනිසාවෙන් බදුල්ල සිට පෙරවරු 10.20ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව ඇති විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , බදුල්ල සිට පෙරවරු 11.45 ට මහනුවර බලා ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇති භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (11) දිනයේ ප්‍රමාද වී ධාවනය වීමට නියමිතව ඇති…

Read More

සභානායකවරයා විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් ඇමතීම මුල්කර ගනිමින් සභාවේ විවාද තත්ත්වයක් ඇතිවී පවතී. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා;-(සජබ) විවාදයකදී අයුතු වචන පාවිච්චි කළ මන්ත්‍රීවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුව විසින් සුදුසු යැයි සලකනු ලබන කවර හෝ ආකාරයකින් කටයුතු කළ හැකි බව ස්ථාවර නියෝග වල සඳහන්ව තිබෙනවා. ඒක නිසා සභා නායකවරයාට ඒ කියපු වචනය ඉල්ලා අස්කර ගන්න කියන්න. සභානායක නායක බිමල් රත්නායක මහතා:- ඔබතුමාලා අපට කොච්චර වචන කියන කියනවද? කථානායක ජගත් වික්‍රමරත්න මහතා:- ඔබතුමාලා මට කොච්චර පරිභව කරලා තියෙනවාද? මේ පොඩි කාරණාවක් අල්ලගෙන නටන්නේ නැතුව ඉන්න.

Read More

වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට අටකට ආසන්න ප්‍රමාණයකින් අයවැය හිඟය අඩුකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව ලෝක බැංකුව පසුගියදා නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව සිදුකළ වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තියුණු මෙන්ම වේගවත් බව ද ලෝක බැංකුව පැවසුවේය. ශ්‍රී ලංකාව තමා ආර්ථිකය ගොඩ ගැනීමට ගත් උත්සාහය 1980 වසරේ සිට ඊට සමාන සිදුවීම්වලින් ආර්ථිකයන් ගොඩ ගැනීමට රටවල් 123 ක් ගත් උත්සාහයන් 330 ක් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාව තම ආර්ථිකය බොහෝ රටවල් වලට වඩා වේගවත්ව ස්ථාවර කරගෙන…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය. ජනාධිපති වරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් සම්මත විය . ඒ අනුව එම පනත සම්මතවීමත් හිටපු ජනපතිවරයා විජේරාම නිල නිවෙසන් පිට වීමට නියමිතය.

Read More

සෙවනගල උක් ගොවියන් සෙවනගල සීනි සමාගමට උක් අස්වැන්න නොදී ආරම්භ කළ දින හතක වැඩ වර්ජනය නිමා කරමින් එම කර්මාන්ත ශාලාව උක් ඇඹැරීම ඊයේ දින සිට ආරම්භ කරනු ලැබීය. මේ වනවිට උක් ගොවීන්ගේ අමු උක් අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කළ බවත් පිළිස්සී ගිය උක් අස්වැන්න මිලට ගැනීම නැවැත දැනුම් දෙනතුරු නවතා දමා ඇති නමුත් එම අස්වැන්නට සාදාරන වන්දි මුදලක් ලබා දීමට ආයතනය කටයුතු කරන බව නම සදහන් කිරීමට අකමැති නිලධාරියෙක් පැවැසීය. සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ උක් ගොවි සංවිධානයේ සභාපති ඒච්.පී. රැවන් සංජීව මහතා පැවැසුවේ පසුගියදා ජනාධිපති වරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව එදින සිට උක් මිලදීගෙන කර්මාන්ත ශාලාවේ ඇඹැරුම් කටයුතු ආරම්භ කළ බවකි.…

Read More

නේපාලයේ තරුණ අරගලකරුවන්, එරට මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සොය සොයා පහර දීමට පටන්ගත් අවස්ථාවේදී, නේපාල හමුදාව මැදිහත් වී එම පිරිස්වලට ආරක්ෂාව සැපයීය. එසේ විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ගිය දේශපාලනඥයන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නේපාල හමුදා හෙලිකොප්ටරයක රැහැනක එල්ලී පලා යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධිය පත් වී ඇත. NDTV

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි ඇති වේ.

Read More

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. ඉකුත් මස 24 වෙනි දින මෙම ඝාතනය සිදුවිය. සිද්ධියෙන් මිය ගියේ ගල්කිස්ස පන්සල පාරේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා 25 හැවිරිදි තරුණයෙකි. බොරලැස්ගමුවේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු නව දෙනකුගෙන් පිරිසක් මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් යමින් සිටියදී තීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබිණි. එහිදී තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි

Read More

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස්‍ රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය. පැල්මඩුල්ල දෙසින් බළන්ගොඩ දෙසට පාසල් දරුවන්ද ඇතුළුව මගීන් රැගෙන ගිය ලංගම බසයක් හා බළන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයත් හා එම දෙසටම ධාවනය වූ ලංගම බස් රථය එකට ගැටීමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත. එම අවස්ථාවේ පැමිණි ගිලන් රියකින් සුළු තුවාල ලැබූ පාසල් දරුවන් සහ තවත් මගීන් කීපදෙනකු රෝහල් කරා යොමු කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. අනතුර හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනයට අවහිර වී පැවතිණි.

Read More