Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අල- ලූනු ගොවීන්ගේ ප්‍රශ්නය ගැන මුලින්ම කතා කළ යුතුයි. අරගලයක් කරගෙන යන එකට ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා.යම් උද්ඝෝෂණයක් කරන එක හොඳ දෙයක්.එතකොට මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සාකච්ඡාවක් ගෙනත් උත්තරයක් හොයා දෙන්න පුළුවන්.මේ උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අල ලූනු ගොවීනුත් ඉන්නවා.ඒ අය සම්බන්ධ වෙච්ච නැති එකත් හොඳයි.උද්ඝෝෂණ කළත් නැතත් මේ ප්‍රශ්නයට ජා.ජ.බ ආණ්ඩුව උත්තර සොයා දෙන බව ඔවුන් දන්නවා. ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙනවා.ඒ නිසා ලූනු කිලෝවක්…
‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටන් පස්දෙනෙක් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මාන ලැබූහ. පුවත්පත් ක්ෂේත්‍රයට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ‘ලංකාදීප’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ ප්‍රාමාණික මෙවෙර අගය කරමින් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රූපවාහිනි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ශාන් වික්‍රමසිංහ, ගුවන්විදුලි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් බී.එච්. අබ්දුල් හමීඩ් යන මහත්වරු සහ රූපවාහිනි ළමා වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා කළ සේවය වෙනුවෙන් ලලිතා සිරිබද්දන මහත්මිය මෙහිදී විශේෂ සම්මාන ලැබූහ. පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනි ආදි ක්ෂේත්‍රයන් කීපයක…
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය කාන්තා විද්‍යාලයක සිසුවියක අද දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. එම අනතුරින් ඇයගේ පාද දෙකට තුවාල සිදුවී ඇයගේ දිවි බේරීම ආශ්චර්යයක් යැයි ඇසින් දුටුවන් පවසා ඇත. එම සිසුවිය මෙවර උසස් පෙළ විභාගයට දෙවන වරපෙනී සිටින තැනැත්තියක බව අනාවරණය වී ඇත. ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබාදීමට විනාඩි පහළොවකට පමණ පෙරදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. පහළට වැටුණු සිසුවිය පතිත වී ඇත්තේ කාපට් අතුරන ලද මාර්ගයකට බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය විභාගයට පෙනී සිටීමට යම් බියකින් පසු වීම නිසා ඉහළ මහළයෙන් පැන්නේ…
මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 18 ක් පමණ තිස්සමහාරාම කිරින්ද නිදන්ගල ප්‍රදේශයේ සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔවුන් විසින් වැඩිදුණු විමර්ශන ආරම්භ කොට තිබේ.
පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ සහ නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි. පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (10) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 03ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා…
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ව්‍යවසායයන් සහ දේපොළ ඇතුළු පුද්ගලික දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීම පිණිස නව පනතක් හඳුන්වා දීම 2025 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇති බව රජය පවසයි. එම…
විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තමා පසුපස එන අපරාධකරුවන්ට එසේත් නැතිනම් තමන් පිළිබඳ තමන්ගේ නිවස හෝ දේපොළ පිළිබඳ විපරමින් සිටින පුද්ගලයන්ට එය වාසි සහගත තොරතුරක් විය හැකි බව ඒ මහතා පැහැදිලි කළේය. සුහුරුපාය, බත්තරමුල්ල පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. එමෙන්ම තමන් විනෝද චාරිකා සඳහා තෝරා ගන්න බස් රථය හෝ වාහනය මෙන්ම රියදුරු පිළිබඳ නිවැරදි අවබෝධයකින්…
අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදීම සිදුවුණි. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතම මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය. විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේයෙ. 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76ක්…
වට්ටක්කා ගොවීන්ට අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ වට්ටක්කා මිලදී ගැනීමට වෙළෙන්දන් නොමැති වීම සහ සාධාරණ මිලක් නොමැතිවීම නිසා ගොවිහූ දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කියති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද ( 11) උදෑසන වට්ටක්කා කිලෝ වක් රුපියල් 20 සිට රුපියල් 40 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට සිදුවන බව ගොවීහු පෙන්වා දෙති. වට්ටක්කා කිලෝවක් රුපියල් විසි දෙකකට අලෙවි කිරීමෙන් තමන්ට ඇත්තේ කුමන ලාභයක්ද යි ගොවිහූ ප්‍රශ්න කරති. අනුරාධපුර දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කවලද මෙවර ලොකු අටක්කා විශාල වශයෙන් වගාකර තිබේ. වගාකල ද තම අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොවීන්ට…
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (10)දින නියම කළේය. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම්කර සිටින විමල් වීරවංශ,ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සාක්ෂි විමසීම සිදු කළ අතර පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඡායාරූප අංශ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදීම සිදු කළේය. 2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල්…
