Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවැති විශේෂ රැස්වීමට ඈත දුරබැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී නොවීම විශේෂත්වයකි. ඈත දුර බැහැර මන්ත්‍රීවරුන් අධික ඉන්ධන වියදමක් දරාගෙන එක් දිනකට කොළඹට පැමිණීමෙන් ලොකු පාඩුවක් සිදුවන හෙයින් එම මන්ත්‍රීවරුන් මෙසේ නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. සභාවේ ඝණ පූර්ණය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් බස්නාහිර සහ ඒ අවට පළාත්වලින් සහභාගි කරවා ගැනිණ. සතියේ දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී ඒ දින හතරම කොළඹ රැඳී සිටින හෙයින් එම පාඩුව යම් තරමකට තුලනය කරගත හැකිවන බව මන්ත්‍රිවරැ කිහිප දෙනෙක් පැවැසූහ. යාපනය වැනි අෑත දුර බැහැර ප්‍රදේශයක මන්ත්‍රීවරයකුට වාහනයකින් කොළඹට පැමිණ නැවත යෑමට ඉන්ධන වෙනුවෙන් රැපියල් පනස් දහසකට අාසන්න…
පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. තවදුරටත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මංමුලා නොකර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් – විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
නියමිත මිලට වඩා අඩුවෙන් මිල සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති සුඛෝපභෝගී සහ මුල් තත්වයට ප්‍රතිස්ථාපනය කළ වාහන 300ක් පමණ එම වාහන ගෙන්වා ඇති රටවල්වලට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙක් ප්‍රකාශ කළේය. වාහන ආනයනය කිරීමේදී වංචාවක් සිදුව ඇති බවට රේගුව අනාවරණය කර ගැනීමෙන් පසුව මෙම තීරණයට එළැඹ ඇත. තෙවැනි රටක ලිපිගොනු මත මෙම වාහන ගෙන්වා ඇති බවට පුළුල් විමර්ශනයකින් අනාවරණයවීමෙන් පසුව මෙම වාහන තොගය නිදහස් කිරීම රේගුව අත්හිටුවා තිබෙන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය. නිදහස් කිරීම් අත්හිටුවා ඇති වාහන තොගයෙන් වාහන බොහොමයක් මෙරටට ගෙන්වා ඇත්තේ ජපානයෙන් වුවත් ඊට අදාළ ණයවර ලිපි විවෘත කර ඇත්තේ සිංගප්පූරුව සහ…
මෙරටට පැමිණෙන සංචාරකයින් මෙරට තුළදී කොපමණ ඩොලර් ප්‍රමාණයක් වියදම් කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ මෙරටට සංචාරකයින් පැමිණියද ඔවුන් මෙරට වියදම් කරන ඩොලර් ප්‍රමාණය කොපණද යන්න සම්බන්ධව ක්‍රමවේදයක් නොමැති බවය. දිලිත් ජයවීර මහතා පැවසුවේ මේ වන විට අඩු වියදම් සංචාරකයින් මෙරටට පැමිණීම තුළින් ලාංකික ජනතාවට විශාල බරක් පැටවී ඇති බවය. ඒ අනුව මීට පිළියමක් ලෙස කඩිනමින් ඩිජිටල් අනන්‍ය අනන්‍ය අංකය නිකුත් කර සංචාරකයින් වියදම් කරනු ලබන ධනය සම්බන්ධව සොයා බැලීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද…
යෝජිත විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතා නායක රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. ඒ අනුව එම වගන්ති විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ ජන මත විචාරණයකින් අනුමැතිය ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.
ටික් ටොක් මාර්ගයෙන් දින කීපයකට ඉහතදී මිතුරු වූ පෙම්වතා රන් මුදුව රැගෙන මගහැරීම හේතුවෙන් උරණවූ පෙම්වතිය, පිරිසක් යොදවා පෙම්වතාට පහරදී කොල්ලකෑම සම්බන්ධයෙන් පෙම්වතිය ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. අත්අඩංගුවට පත් වුවත් අතර පෙම්වතියගේ හොඳම මිතුරිය හා ඇයගේ පෙම්වතාද වන බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් තම මිතුරියගේ පරණ පෙම්වතාට පහරදීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබූ රුපියල් 3000 ක මුදලක් , රුපියල් 150000 ක ඇපල් වර්ගයේ දුරකතනයක් , යතුරු පැදියට අයත් ආරක්ෂක හිස් වැසුමද කොල්ල කා යතුරුපැදියටද රුපියල් 14000 ක අලාභයක් සිදු කරතිබිණි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) විදුලි සෝපානයක පසුගිය දිනෙක සිරවී ඇතැයි වාර්තාවේ. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ එම සම්මන්ත්‍රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන කටයුත්තකට සහභාගිව සිටින නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල ,නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සහ චතුර ගලප්පත්ති සහ ජාතික ජන බලවේගයේ නීතිඥ නිලන්ති කොටහචිච්චි මහත්මියයි. තිදෙනා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යනශාලාවේ සිට විදුලි සෝපානයෙන් පහළට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇත. මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා ඇතුළු මන්ත්‍රීවරුන් සිව් දෙනකු විදුලි සෝපානයේ සිරවී සිටියදී එහි සේවකයන් පිරිසක් මුදා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන්…
රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන , ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත “ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(30) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසූහ .
මෙරට ව්‍යාපාර ආරක්‍ෂාකරගැනීමේ පියවරක් ලෙස මාස තුනකට අත්හිටුවූ ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලගැන්වෙන බවත් ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට එම නීතිය අවම වශයෙන් තවත් වසරක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලය කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී සුසන්ත ලියනාරච්චි මහතා එසේ පැවසීය. ‘පරාටේ’ නීතිය නැවත සක්‍රීයවූ වාහාම ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස පවරාගැනීමට ඇතැම් බැංකු සූදානමින් සිටින බවත් එම තත්වය වළක්වා ව්‍යාපාරිකයන්…
ගල්නෑව , හෙලබදුගම දී මීට මාසයකට පෙර ළිඳකට වැටී ජීවිතක්ෂයට පත් වූ බව කියූ , දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව , එම මව ළිඳට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට, ඇගේ බාල පුත්‍රයා පෙරේදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්නෑව හෙළබදුගම පදිංචිව සිටි 46 වැරදි පුද්ගලයෙකි. ගල්නෑව හෙළබදුගම ප්‍රදේශයේදී ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටි එම දෙදරු, මවගේ මරණය සොයා ගත් බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින්, මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බවට වාර්තා ලැබුණු බවත් , මරණකාරියගේ හිසේ පටක වලට හානි සිදුව ඇති බවට වාර්තා වීම…
