Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මක් කරා ගමන් කිරීම වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ පළාත් පාලන ආයතන සඳහා 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයට මෙන්ම, 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති…
වැලි ගොඩක තිබී හමුවූ ගිනි අවි උණ්ඩයක් පරීක්ෂා කිරීමට යාමේදී එය පුපුරා යාමෙන් පිළීස්සුම් තුවාල ලැබූ ඉදිකිරීම් සේවකයකු අද (11) ප්‍රතිකාර සදහා රෝහල් ගත කළ බව ගල්නෑව පොලිසිය කියයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18ක් පමණ වන පුද්ගලයකු වන අතර ඔහු පලාගල බලලුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. උන්ඩය පුපුරායාමෙන් ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රදේශයේ පිහිටි නිවසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි අයෙකු මෙලෙස තුවාල ලබා තිබේ. ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රෙද්ශයේ පිහිටි නිවසක ඉදිකිරිම් කටයුතු සඳහා රැගෙන ආ වැලි තොගයක් හළා පිරිසිදු කර ගැනීමට මෙම සේවකයා කටයුතු කර තිබිණ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබා ගෙන ඇති බවට කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා පැවසීය. දත්ත මකා දැමීමට සම්බන්ධ වූවන් කවර හුද?එසේ කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න තහවුරුකර අපරාධකරුවන් හඳුනා ගැනීමට පුළුල් විමර්ශනයක් ජාත්‍යන්තර ආයතනයක් මගින් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ද පැවසීය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
මෙරට රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා මැඩගස්කරයේ කාන්තාවන් රවටා මෙරට තුළදී බලහත්කාරයෙන් ගණිකා වෘත්තීයේ යෙදුවේ යැයි කියන මැඩගස්කර කාන්තාවක් ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය. වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් මැඩගස්කර් කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන මැඩගස්කර් ජාතික සැකකාරිය තැනැත්තන් ජාවාරම් හා විමර්ශනය කිරීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයට මැඩගස්කර් කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය. මාස පහමාරක් තිස්සේ වීසා නොමැතිව රැඳී සිටින සැකකාරිය මැඩගස්කර් කාන්තාවන්ට රැකියා ලබා දෙන බවට…
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් විසිහත්කෝටි හතළිස් ලක්ෂ දහ අටදහස් දෙසීයක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේදී විනාශ කරනු ලැබීය. කටුනායක බණ්ඩාරනාය ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් 2025 මැයි මස 25 වන දින සිට 2025 ජූලි 20 දින දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ විදේශීය දුම්වැටි 1,826,788 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය. මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමිවීම රු.205,668,674 ක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා…
රථ වාහන වරදක්සම්බන්ධයෙන් නඩු පැවරීමකින් තොරව ආදායම් බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමසන කොමිෂන් සභාවාව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාර්ති වූ පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි. පොලිස් ස්ථානයේ චෝදනාගාරයේදී සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් පිටව ගොස් තිබේ. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් නිල නිවසෙන් පිටව ගියේය. ඒ ඊයේ (10) දිනයේ සම්මත වූ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වී යෑමත් සමඟය. මේ අතර, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රැඳී සිටින්නේ පෞද්ගලික නිවාසවලය. එමෙන්ම හිටපු ජනපති ආර්යා…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය. ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය. ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.
වගා හානි වන්දි වශයෙන් මේ වන විට රුපියල් මිලියන 1640 ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන් වලට සිදු වූ හානි සඳහා අක්කර 95128 වගා කළ ගොවීන් 79602 ක් සඳහා මෙම මුදල් කෘෂි රක්ෂණ වන්දි ලෙස ගෙවා තිබේ. මෙහිදී ස්වභාවික ආපදා තත්වයන් වන ගංවතුර, අධික වර්ෂාව, නියඟය මෙන්ම රෝග, පලිබෝධ, වන අලි හානි වැනි තත්වයන් යටතේ හානියට පත් වගාවන් සඳහාද රක්ෂණ ආවරණ ලබාදීම සිදුකරන අතර ඒ සඳහා ගොවීන්ගෙන් කිසිදු අය කිරීමක් සිදු නොකර වගා හානි සඳහා වන්දි මුදල් රජය විසින් දරනු ලබන බව…
