Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උඩදුම්බර පොලිස් වසමේ මැදමහනුවර ගලේකැලේ ප්‍රදේශයේදී රොටී කඩේකදී ඇතිවූ බහින් බස් වීමකින් පසුව , පුද්ගලයෙකු විසින් එහි සිටි කාන්තාවන් සිවු දෙනෙකුට සහ පිරිමි තිදෙනෙකුට පිහි ප්‍රහාර එල්ල කිරීම නිසා බරපතළ තුවාළ ලද එම තුවාළකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව උඩදුම්බර පොලීසියේ නිලධාරියෙක් කීය. ඊයේ (14) දහවල් ඇතිවූ මෙම සිද්ධියෙන් පසු , පිහි ප්‍රහාරය එල්ල කල 33 හැවිරිදි සැකකරු ප්‍රදේශවාසීන්ගේ සහාය මත උඩදුම්බර පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරී ක්‍රීෂාන්ත ලොකුගේ මහතාගේ අධීක්ෂණ මත ,උඩදුම්බර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. ඒකනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ජනපති සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීවරුන් අතර හමුවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානිකම් මහතා (ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය. දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කිරීමට ජනාධිපතිවරයා මේ සාකච්ඡාව ලබා දී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. “ජනපති කෙරෙහි අප තවමත් විශ්වාසය තබාගෙන සිටිනවා.අපේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න ජනපති ලබන සතියේ වෙලාවක් ලබා දී තිබෙනවා” යනුවෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී කීය.
දුඹුරු සීනි සහ උක් සීනි ආශ්‍රිත නිෂ්පාදන රටේ ප්‍රචලිත කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් මේ හේතුවෙන් අද ඇතැම් මාධ්‍ය තමා දුඹුරු සීනි පියා ලෙස හඳුන්වා ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සුදු සීනි පියා කියනවාට වඩා දුඹුරු සීනි පියා කියනවාට තමා කැමති යැයිද අමාත්‍යවරයා කීය. දුඹුරු සීනි ප්‍රචලිත කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගත හැකිවූ බවද ඔහු පෙන්වා දුන්නේය.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පලනි දිගම්බරම් සහ වී .රාදක්‍රිෂ්ණන් යන මහත්වරුන්ද ජාතික වතු කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් මහතාද ඊට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂ සිද්ධියක් විය. වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කළ හෙයින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව මනෝ ගනේෂන් සහ වී .රාදක්‍රිෂ්ණන් යන මහත්වරු එහිදී ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී ඊයේ (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ. පාකිස්තානු පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගැනීමට සමත්විය. පාකිස්තානු පිල ලකුණු 289 ක ඉලක්කය ඕවර 48.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. බාබර් අසාම්, පාකිස්තානය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 288 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 27, කුසල් මෙන්ඩිස්…
දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහි බලපෑමෙන් උතුරු,උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඌව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු,නැගෙනහිර,උතුරු මැද,ඌව සහ මධ්‍යම පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇත.
පොළොන්නරුව මනම්පිටිය මලියදේවපුර ප්‍රදේශයේ ට්‍රැක්ටරයක් පෙරළී ඊට යට වී අවුරුදු 15 පිරිමි දැරුවකු මියගොස්,ඔහුගේ සීයා තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි. මෙම අනතුරින් මියගොස් ඇත්තේ, අශේන් යොමාර නමැති දරුවකු බව පොලිසිය සඳහන් කරයි. සීයා සමග කුඹුරට ගොස් එමෙන් සිටීදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත
පොළොන්නරුව අරලගංවිල සිළුමිනසෑය ප්‍රදේශයේදී දියණියගේ නිවසට යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මව මියගොස් පියා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි. අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද ගිනිදමන මවක වන චන්ද්‍රා පොඩි මැණිකේ මහත්මිය වන අතර ඇයගේ ස්වාමියා කීර්තිවංශ ජයමාන්න මහතා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම මව සහ පියා තම දියණිය පදිංචි නිවස කරා ගමන් කරමින් සිටියදී වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන අරලගංවිල පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඒ අනුව පසුගිය මස 30 වැනිදා සිට ඊයේ (13) දිනය දක්වා වැටලීම් 16,915ක් පොලීසිය විසින් සිදුකර ඇති අතර එම මෙහෙයුම් මගින් පුද්ගලයින් 16,738ක්ද අත්අඩංගුවට ගෙන ඇත. එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකු සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 396 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝගද ලබා ගෙන තිබේ. මෙහිදී හෙරොයින් කිලෝ 110 ග්‍රෑම් 556ක්ද, අයිස් කිලෝ 600 ග්‍රෑම් 947, කොකේන් ග්‍රෑම් 10, ගංජා කිලෝ 458 ග්‍රෑම් 216ක්ද පොලිස් භාරයට ගෙන ඇත.…
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි. IMF මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවය. “මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රි ලංකාව සඳහා වන IMF විස්තීර්ණ ණය මුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය මණ්ඩල මට්ටම් එකඟතාවකට පැමිණියා. මෙම එකඟතාව IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය…
