Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී ඇත් දළ යුගලක් සන්තකයේ තබාගෙන සිටි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු වන හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. මොරගොඩ පොලීසියට ලද තොරතුරක් අනුව මොරගොඩ හල්මිල්ලෑව ප්‍රදේශයේදි සිදුකළ මෙහෙයුමකදී එම ඇත් දළ යුගලය සොයා ගෙන ඇති බව වාර්තා වේ. සැකකරුට අයිති හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී එම ඇත් දළ යුගලය සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර එම ඇත් දළ යුගලය අඩියක් පමණ දිගකින් යුක්ත වන බව පොලිසිය සඳහන් කළේය. පොලීසිය සිය භාරයට ගෙන ඇති ඇත් දළ යුගලය හා සැකකරු…
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් ලෙස සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කර තිබුණේය. ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය. පසුගිය 4 වනදායින් ආරම්භ කළ වර්ජනය සදහා අදට දින 11ක් ගතවුවද මෙතෙක් බලධාරීන් සිය ගැටලුවලට විසදුම් ලබා දීම වෙනුවෙන් සාකච්ඡාවක් හෝ ලබා දීමට අපොහොසත් වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේය. එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව 7 වන ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායමට 8 වන ස්ථානය දක්වා පියවරක් පසුබැසීමට සිදුව ඇත. වත්මන් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දීය කණ්ඩායම තවමත් අංක එක රැකගෙන සිටියි. එහි දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත්, තෙවන ස්ථානය එංගලන්තයටත් හිමිව ඇත.
මිද්දෙණියෙන් සොයාගත් අයිස් ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් වාර්තාව පොලීසිය වෙත භාර දී තිබේ. ඒ මේ සම්බන්ධ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවය.
2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර ආරම්භ වන්නේ, 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක්ය. පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ දැක්වෙයි. ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක් පැවැත්වෙයි. පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක්ය. දෙවන පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24…
කොළොම්බියාවේ කෝකා හි නීති විරෝධි රත්‍රං පතලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය බ්‍රහස්පතින්දා සිට එම පිරිස මෙලෙස පතල තුළ සිරවී සිටින බව වාර්තා වේ. ඔවුන් පොළොව මට්ටමේ සිට මීටර 28ක් ගැඹුරින් රැඳී සිටින බව සඳහන්. කෙසේ වෙතත් මුදාගැනීම් කටයුතු සඳහා බලධාරීන්ගේ සහාය ප්‍රමාණවත්ව නොලැබෙන බවත්, ඒ හේතුවෙන් ප්‍රදේවාසීන් විසින් එම කටයුතු සිදුකරමින් සිටින බවත් විදෙස් වාර්තාවන්හි දැක්වේ. අක්‍රමවත් නීති විරෝධි රත්‍රං පතල් බහුල කලාපයක් වන මෙම කෝකා ප්‍රදේශයේ මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවන බව සඳහන්.
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරන වැඩසටහනේ මීළඟ පියවර මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති අරමුදලේ මධ්‍යම පළාත් වැඩසටහන ලබන ඉරිදා(14)අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත් වේ. මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්‍රදානය කෙරෙන අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කරන මුදල රුපියල් මිලියන…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong (චී චෙන් හොං)මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදු කෙරිණි. චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවිය.ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පැවැත්වීය.
වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් ඊයේ (11 ) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත් අඩංගුවට ගෙන තිබේ . ඇය කොළඹ , කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි . ඇය මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත…
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා ය. නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා අය වැය විවාදය පැවැත්වීමට ද තීරණයට එළඹ ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11)පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීමේ බව තීරණය වී තිබේ. මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහලේකම්වරිය පැවසුවා ය.
