Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පෙට්‍රල් මිල රුපියල් 12 කින් ඉහළ ගිය ද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය. ඉන්දන මිල ඉහළ ගිය ද පහළ ගියද ත්‍රීරෝද රථ ගාස්තු තීරණය කිරීමට ත්‍රීරෝද රථ වෘත්තීය සංගම්වලට බලයක් නොමැති බවත් එම ගාස්තුව සමස්ත රටටම තීරණ කිරීමේ නීතිමය බලය ජාතික ගමනාගමන කොමිසමට ද, බස්නාහිර පළාත නම් එම බලය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද, ලැබී ඇති බවත් ඒ මහතා කීය. මීට පෙර අවස්ථා කීපයකදී පෙට්‍රල් මිල පහළ දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තු පහළ නොදැමීම නිසා පෙට්‍රල් මිල ඉහළ ගිය වාහාම ගාස්තු ඉහළ දැමීමේ හැකියාවක්…
මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ. මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි. මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය. මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර…
මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.
භික්ෂු විනය පිළිබඳ කතිකාවත සම්බන්ධයෙන් මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එය ඉදිරියට ගෙන යාමට රජයට හැකියාව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත බාර දී තිබෙන බව කී ජනාධිපතිවරයා දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විණි. බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ වූ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු…
ගොවීන්ට යළ කන්නයේ වී අළෙවි කිරීමේදී තෙත වී අළෙවි කිරීම අවස්ථාව දෙමින් තෙත් වීවලට අවම මිලක් නියම කළ බවත් ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102 කට, තෙත සම්බා වී කිලෝවක් රුපියල් 105 කට සහ තෙත කීරි සම්බා වී කිලෝවක් රුපියල් 112 කට මිලදීගත හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඊයේ (30) පැවසීය. වී මෝල්හිමියන් සමඟ බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේදී ඊයේ (30) පැවැති සාකච්ඡාවකින් පසුව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එසේ පැවසීය. තෙත වී වී අළෙවි කරන විට මෙම අවම මිලට වඩා අඩු මිලට වී අළෙවි නොකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම මිලට වඩා වැඩි මිලකට ඕනෑම…
ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 219ක බලය පිහිටුවීමට ඊයේ (30) පස්වරුව වන විට සමත්ව සිටියේය. සමඟි ජනබලවේගය පළාත් පාලන ආයතන 30 ක ද, ඉලංගෙයි තමිල් අරසු කච්චි පළාත් පාලන ආයතන 20ක ද, වෙනත් පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 18 ක ද, ඊයේ පස්වරුව වන විට බලය පිහිටුවා තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන 6 ක බැගින් ද, ලංකා කම්කරු කොංග්‍රසය ආයතන 3ක ද, එක්සත් ජාතික පක්‍ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ආයතන දෙක බැගින් ද, බලය පිහිටුවීය. අධිකරණ නියෝග සහ විවිධ හේතුන් මත සභා පිහිටුවීම ආයතන 18 ක කල්දැමීමට සිදුව තිබේ. මැයි මස…
බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපළ පවරාගැනීමේ බලය හිමිවන අත්හිටුවා තිබූ ‘පරාටේ’ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක විය. ‘පරාටේ’ නීතිය නැවත බලාත්මක කළහොත් මෙරට කර්මාන්ත කඩාවැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු බොහෝ ව්‍යාපාරිකයන් පෙන්වා දුන් අතර ‘පරාටේ’ නීතිය අවම වශයෙන් තවත් වසරකට අත්හිටුවන ලෙස එහිදී ව්‍යාපාරිකයන් රජයෙන් ඉල්ලා සිටියේය. ‘පරාටේ’ නීතිය සහ එම නීතියත් සමඟ බැංකු කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්විණි. එම සාකච්ඡාව ප්‍රගතියකින් තොරව අවසන් වීම නිසා ඊයේ මධ්‍යම රාත්‍රීයෙන් සිට ‘පරාටේ’ නීතිය නැවත…
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා ඊයේ (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය. කොළඹ දිස්ත්‍රිකයේ හිටලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වන විට 82 වියේ පසුවිය. ගාමිණී ලොකුගේ මහතා 80 සහ 90 දශකවල එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වූ අතර ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට එකතු විය. ලොකුගේ මහතා අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස අවසන් වරට කටයුතු කළේය.
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, ඉහළ දැමූ බවත් ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289 ක් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 305 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් ද, දක්වා ඉහළ ගිය බවත් එම සංස්ථාව කියයි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක සහ…
