Author: LANKA24X7

මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ දී මෙරට පුද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යද්දී, රාජ්‍ය අංශයේ සේවකයන් පිරිස ලක්ෂ 2කින් පමණ පහළ වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. පළමු කාර්තුවේ දී මෙරට රාජ්‍ය සේවකයන් පිරිස 1,302,185 ක් වී ඇති බවත් එය දෙවැනි කාර්තුවේදී 1,165,094 ක් දක්වා අඩු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම පළමු කාර්තුවේ දී මෙරට පෞද්ගලික අංශයේ සේවකයන් පිරිස 3,808,235 ක් බවත් දෙවැනි කාර්තුවේදී එය 3,814,313 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම පළමු කාර්තුවේ දී 8,461,936 ක් වූ මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව දෙවැනි…

Read More

සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට සමුගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය ලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබුණු බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. මේ ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

මිරිහාන ස්ටැන්ලි මාවත හෝටලයක පිහිනුම් තටාකයක ගිලී මිය පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් අය අතර ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරු දෙදෙනකු ,පෙර පාසල් සේවිකාවක හා පිහිනුම් උපදේශකයින් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි. මියගිය දරුවා පුද්ගලික පෙර පාසලක අධ්‍යාපන ලබන අතර ඉකුත් අටවෙනි දින පාසලේ දරුවන් කණ්ඩායමක් පුහුණුකරුවකු යටතේ එම හෝටලයේ පිහිනුම් කටයුතු සිදු කරමින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දරුවා දියේ ගිලීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.

Read More

නැගෙනහිර, මධ්‍යම,ඌව,දකුණු සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව,මුලතිව කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමන පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.0 පමන පසු ස්තාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයෙදි වැසි ඇති විය හැකියි.

Read More

හපුතලේ කහගොල්ල වත්ත තේ කර්මාන්ත ශාලාව වසා දැමීමට ගෙන තිබෙන බව කියන තීරණයට විරෝධය පා කහගොල්ල වත්තේ කම්කරුවන් විශාල පිරිසක් අද (09) දහවල් හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට කහගොල්ල ප්‍රදේශයේදී පැමිණ දැවැන්ත විරෝධතාවක නිරත වූහ. කහගොල්ල තේ කර්මාන්තශාලාව වසා දමා එය බෝවවත්ත තේ කර්මාන්ත ශාලාවට සම්බන්ධ කිරීමට ගෙන ඇති තීරණයට මෙසේ කම්කරුවෝ විරෝධය පෑහ. මෙම වතුකම්කරුවන් පවසා සිටියේ මේ තීරණය හේතුවෙන් ඔවුන්ගේ රැකියා හා සියළු දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩ පණ වන බවයි. මේ පිළිබඳව වගකිවයුත්තන් විශේෂ අවධානය යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

Read More

දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ. මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදුකළ පරීක්ෂා කිරීමකදීය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි. එමෙන්ම මරණ දඬුවම නියමව සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේ සුදා”ගේ සිරමැදිරියේ හා “මිදිගම රුවන් “ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලීසිය පැවසුවේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි. ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණි.

Read More

මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම (09) දා අද පැවති අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් එක්ව රජය ගෙන ගෙන ඒමට නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නගර සභාව ඉදිරි පිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නියැලිණි. එහිදී සමරසි නීතිය අපිට එපා, සමරිසි නෙවෙයි එන්.පී.පී .රිසි , ගුරුවරයා දංගෙට ගෝලයා අපායට , සමලිංගික පාරාදීශයකට ආරාධනා කිරීම ලැජ්ජයි, රට දිනවන එන්.පී.පී වැඩ පිළිවෙල සම ලිංගික පාරාදීසයක්ද යනුවන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ. පසුව ඔවුන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් මහා සභා රැස්වීම පැවති සභා රැස්වීමට සහභාගි වුණි. මෙම අවස්ථාවට…

Read More

බීඩි මිල හෙට (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. මෙම මිල ඉහළ දැමීමත් සමග අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක් රුපියල් 13 ක් දක්වා ද, සිල්ලර මිල ඉහළ යන බව ද එම සංගමය කීය. අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, පැවැති බව එම සංගමය සඳහන් කළේය. බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද වර්තමාන ආණ්ඩුව රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම්…

Read More

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලේ පළමු මාස අටේ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන්‍ සේවා සමාග පවසයි. 2024 පළමු මාස අටේ ගුවන් මගීන් 58 37 351 දෙනෙකු හසුරුවා ඇති අතර 2025 වර්ෂයේ පළමු මාස අටේ එම අගය 66 30 728 කි. එය 2024 පළමු මාස අටට සාපේක්ෂව සියයට 13.59 ක වර්ධනයකි. 2025 පළමු මාස අටේ වැඩිම මගී පිරිසක් හසුරුවා ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර එම අගය 922 993 කි. ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමඟම නව ගුවන් ගමන් වාර සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවත් ඉදිරි සංචාරක සමයේද සංචාරක පැමිණීමේ වර්ධනයක් බලාපොරොත්තු වන බව…

Read More