Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත්තීය සමිති ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට බස් රථ ධාවනයෙන් හා සේවයට වාර්තා කිරීමෙන් ඉවත්ව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එලැබීමට පියවර ගෙන තිබේ. සමගි සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ගමනාගමන සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති හතක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අවිගත් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී පානදුර වඳුරාමුල්ල අළුබෝගහවත්ත නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ පෙතිගේ දිල්හාර ප්‍රනාන්දු (55) නැමැත්තෙකි. මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරට නිලංක සම්පත් නැමැත්තාගේ බිරිඳගේ පියා බව පොලිසිය සඳහන් කරයි.
ගලේවෙල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුවේ දී මාළු ලොරියක් වාහන තුනක ගැටී ටිපර් ථයක පිටුපස රෝග හතර ගලවාගෙන ගොස් මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇතැයි පොලිසිය කියයි. එම අනතුරින් මාළු ලොරියේ රියැදුරට තුවාල ලබා දඹුල්ල රෝහලට මාරු කර යවා ඇත. ගලේවෙල දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථය දඹුල්ල දෙස සිට ගලේවෙල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයේ පිටුපස රෝදයේ ගැටීමත් සමග ටිපර් රථය තවත් වෑන් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව දඹුල්ල පොලිසිය කියයි. අනතුරින් බරපතල තුවාල ලැබූ මාළු ලොරි රථයේ රියදුරු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් පිටතට ගෙන දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව…
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා සැප්තැම්බර් මස 10වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. හිටපු නාවික හමුදාපතිවරයා අද (27) පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ. නිශාන්ත උළුගෙතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පසුගිය මස 28වනදා අත්අඩංගුවට ගනු ලැබීය.
පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025- 09-15 දින සිට 2026-03-14 දින දක්වා මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5%ක අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ලංසු කැඳවා තිබේ. මේ සඳහා සැපයුම්කරුවන් 8 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5% (බැරල් 300,000+/-5% බැගින් වූ නැව් තොග 5ක් සපයා ගැනීම සඳහා වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව M/s. Adaya Birla Global Trading (Singapore) pte. Ltd. Singapore පිරිනැමීම පිණිස…
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි මතුකර ගෙන තිබේ. කැනීම් නිලධාරීන් පවසන ලද්දේ, සමූහ මිනීවළෙහි පස්වන අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 07 දක්වා සිදුකිරීමට සැළසුම් කොට ඇති බවය. කැනීම් නිලධාරීන් තවදුරටත් සඳහන් කර ඇත්තේ, සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගනිමින් පස්වන අදියර කැනීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවය. තවද, යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදුකරනු ලබයි. සමූහ මිනිවළ තුළින්…
රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැලිකඩ බන්ධනාගාර ඉඩමේ මුල් අයිතිකරුවන් රනිල් වික්‍රමසිංහ ඇතුළු පවුලේ උදවිය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(27) අනාවරණය කළේය. ඒ කාරණය ඔප්පු කිරීම සඳහා වන පත් ඉරු සටහන් තමා සතුව පවතින බව කී වජිර අබේවර්ධන මහතා අදාල කාරණය තහවුරු කෙරෙන ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කළේය. වජිර අබේවර්ධන මහතා මෙසේද කීය. “රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු අරගෙන ගියේ එතුමාගේ පරපුරට එනම් එතුමාගේ මිත්තණියට අයත් අක්කර 43ක් වූ වැලිකඩ භූමියටයි.මෙම භූමියේත් මුල් අයිතිකරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඒ පවුලේ උදවියයි.ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමේ…
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද (27 )යතුරු පැදියක් දුරකථන කණුවක ගැටීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල පාන්ගොල්ල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා කෝප්‍රල් වරයකු වන පී .ඩි. හර්ෂණ සිරිවර්ධන 37 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය. හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ඔහු පදිංචි මීගස්වැව මැදිරිගිරිය ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය. හමුදා කඳවුර ආසන්නයේ අතරමංව සිටි කුඩා බලු පැටවෙකුට කූඩයක දමා යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන තවත් ගමන් මල්ලක් යතුරුපැදියේ පිටුපස ගැටගසාගෙන වේගයෙන් ගමන් කරමින් සිටියදී…
කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී ජූනි මස 30 දින පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (26) පැල්වාඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 28ක රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල පොලිස් වසමේ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී ජූලි 18 වන දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ…
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් කතරගමට හා රටට කළ සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කර ගෙන යෑම සදහා වත්මන් බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා ගේ සේවා කාලය දිර්ඝ කරන ලෙස අත්සන් 10000කින් සංදේශයක් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් මහතා වෙත පිලිගැන්විය. කතරගම ජනතාව . කඩ සංගම්. හා රාජ්‍ය අයතන ස්වේච්ඡා සංවිධාන බැතිමතුන් . එක්ව අත්සන් දහදහක් (10000) ක ආසන්න අත්සන් ලේඛනයක් ජනාධිපති වෙත ලබා දිමට කතරගම ජනතාව කටයුත කර තිබේ. රජයට සහාය ලබා දෙමින් සිදු කරන කතරගම සංවර්ධනය තව දුරටත් සිදුවිය යුතු බවත් නගරයේ මෙන්ම පුජා භුමියේද .රටේ ද විවිධ වු ප්‍රජා කටයුතු ගැන සිතාබලා වත්මන් බස්නායක නිළමේවරයාගේ කාලය…
