Author: LANKA24X7

කුරුවිට දෙවිපහළ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ පුද්ගලයෙකු විසින් අදාළ තරුණියගේ ගෙළ පැලඳි රන් මාලය සොරාගැනීමට පැමිණි අවස්ථාවේ දී ඇගේ ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සිදුකර පළා ගොස් ඇති බවය. තුවාල සහිතව ඇඳවැටී සිටි කාන්තාව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට, දෙවිපහළ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක්ය. සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශාංක මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ. මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා මහාධිකරණය හමුවේ විභාග කළ හැකි බවය. එමෙන්ම එම අධි චෝදනා ඉදිරිපත් කිරීමේදී කාර්ය පටිපාටියේ දෝෂයක් සිදුවී නොමැති බව විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර තිබේ. ඉන් අනතුරුව මෙම…

Read More

දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ. ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී එමඟින් ලබාදෙන නිර්දේශ අනුව දරුවන්ගේ සෞඛ්‍යයට එල්ල කරන එවැනි නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම සඳහා ගතහැකි උපරිම තීන්දු තීරණ ගන්නා බව කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, “උණු වතුර දාන්න හොඳ නැති ප්ලාස්ටික් බෝතල්වලටත් වතුර දානවා. ලෝකය මේ භාණ්ඩ නිෂ්පාදනයේදී සැලකිලිමත්වෙලා තියෙන ආකාරය ඒවායේ අඩංගු පිළිකාකාරක පිළිබඳ අවධානය…

Read More

ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ නොදැනුවත්කම හා අත්හදාබැලීම් හේතුවෙන් ළමුන් අනතුරුවලට ලක්වන බවය. ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය මෙම අදහස් පල කළාය. “දකුණු ආසියාතික රටක් විදියට ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. හැබැයි ඒ වගේම අවාසනාවකට වගේ අපේ රටේ දත්ත බැලුවහම හදිසි අනතුරු නිසා දරුවන්ට වෙන හානිය එන්න එන්නම වැඩිවෙනවා. කුඩා ළමයින්ව අපි අවුරුදු 16ක් වෙනකල් බලාගන්නවා. ඒකෙන් වයස් කාණ්ඩ දෙකක් ගොඩක් වෙලාවට හදිසි අනතුරුවලට ලක්වෙනවා. එකක් තමා අවුරුදු 2 සහ 3 අතර…

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු කිහිපයක් හමු වූ බව පොලීසිය පවසයි. බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේ තේ වත්තක තිබී එක් පිරිමි පුද්ගලයෙකුගේ මෘතශරීරයක් හමු වී ඇති අතර ඔහු වයස අවුරුදු 73ක පමණ පුද්ගලයෙක් වන බව සඳහන් වේ. අදාළ පුද්ගලයා කළුපාට කබායක් සහ රතු පාට ඉරි සහිත සරමක් හැඳ සිට තිබේ. එමෙන්ම මන්නාරම පොලිස් වසමේ ඔලුතුඩුවාව මුහුදු වෙරළේ තිබී ද පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත. එම මෘත ශරීරය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බව පොලීසිය පැවසුවේය. එමෙන්ම ගල්කිස්ස වෙරළ තීරයේදී ද නාඳුනන මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

රුපියල් මිලියන 202කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී මෙම කේරළ ගංජා කිලෝ 900 අධික ප්‍රමාණයක් හමුවී ඇත. ඒ සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක්, මැගසින් හතරක්, ජීවි උණ්ඩ 40ක්, ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහ එම ජාවාරමට සම්බන්ධ මෝටර් රථයක් සමඟ මෙම සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකටයුතු කැබ් රථයක් පරීක්ෂාවට ලක්කර අදාළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර, සැකකරුවන්ගෙන් අනාවරණයවූ තොරතුරු…

Read More

දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය රජයේ අමාත්‍යධුර දරමින් මහත් ආන්දෝලනාත්මක චරිත මැවු ප්‍රබලයින් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සාක්කි මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමේ දැඩි අවධානමක් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ප්‍රබලයින් දෙදෙනා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී හෙළි වී ඇති කරුණු පාදක කර ගනිමින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Read More

‘පරාටේ’ නීතිය බලගැන්වීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශය බැංකු සංගමයට උපදෙස් දුන් බවත් මෙරට ආර්ථිකය පිළිබඳව වගකිවයුතු ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් බැංකුවලට ලිඛිත නියෝගයක් දීම බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා ඊයේ (2) පැවසීය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුළු නියෝජිතයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර ඊයේ (2) පැවැති විශේෂ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් ලියනාරච්චි මහතා එසේ පැවසීය. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකගැනීමට නම් ‘පරාටේ’ නීතිය තව දුරටත් අත්හිටුවීම සහ ණයගැතියන්ගෙන් මුදල් අයකරගැනීමේදී…

Read More

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අසනීප තත්වයේ පසුවන බැවින් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඊයේ (2) දැනුම් දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින් රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත. රාජිත. සේනාරත්න මහතාගේ නීතිඥවරයෙක් උදෑසන අල්ලස් කොමිසමට පැමිණ රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබාදී ඇතිි බව අල්ලස්…

Read More

අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර දීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සෑම පරීක්ෂණ කටයුත්තකටම සහාය දෙන බව පැවසූ මන්ත්‍රීවරයා තම පවුල පැත්තෙන් කිසිදු වරදක් වී නැතැයි ද සඳහන් කළේය. ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙද්දි ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීමට කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒවායේ කොමිස් මුදල් යන්නේ කාටදැයි ප්‍රශ්න කර සිටියේය.

Read More